Loading...
Gaming Phone එකක් මිලදී ගැනීමේදී මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් උනොත් හොඳම එකක් ගන්න පුළුවන්

ඕනැම Smartphone එකකින් අපිට Games Play කරන්න හැකියාව තියෙනවා. ඒත් PUBG, COD වගේ ලොකු Games ඒ හැම Smartphone එකකින්ම Play කරන්න හැකියාව ලැබෙන්නේ නැ. ඒ වගේම ගොඩක් Mid-Range Devicesවලදිත් අපිට Full Graphics එකක් Game Play කිරිමේ හැකියාව ලැබෙන්නෙත් නැ. හැබැයි Flagship Phone වලදි නම් අපිට හොද Gaming Experience එකක් ලබා ගැනිමේ හැකියාව තියෙනවා.

ඒත් මේ Flagship Phone වලටත් අමතරව Gaming Smartphone කියල වෙනම Category එකකින් Smartphone නිපදවන්න හේතුව මොකක්ද ?

Flagship Phoneවල High-end Games Play කරන්න පුලුවන් උනාට ඒ Smartphone Gaming සදහාම නිපදවු Smartphone නොවිමයි ගැටලුව. ඒ හින්දා අධික රත් විම, Battery බැසිම, Lag විම වැනි ගැටලු මේ Flagship Devicesවලදි මතුවුණා. මේ ගැටලුවලට විසදුමක් විදිහටයි Gamingවලට වෙනම Smartphone එකක් නිපදවෙන්නේ. මේ Gaming Smartphone Game සදහාම විතරක් නෙවේ එදිනෙදා භාවිතයට හැකි අයුරින් නිපදවා තිබෙනවා.

අද වන විට ජනප්‍රිය වි තිබෙන COD & PUBG Games සැලකුවද මේ Game වලින් හොද Experience එකක් ගන්න නම් හොද Higher Chipset එකකින් යුතු Smartphone එකක් අවශ්‍ය වෙනවා. මේ Gamesවල Higher Graphics, Big maps වගේම ගොඩක් Details ලබා දිලා තියෙනවා. Online Multiplayer Games වලට High power processor එකක් වගේම හොද Battery Life එකකින් යුතු Battery එකක් තිබිමත් අනිවාර්යයි. මේ Games වලට හොද RAM වගේම හොද Powerful Processors අවශ්‍ය වෙනවා.

මේ හේතු නිසා Flagship Devicesවලට අමතරව Gaming වලට වෙනම Devices ඒ කියන්නේ Gaming Smartphone හදුන්වා දුන්නා කියල කියන්න පුලුවන්. ඒ වගේම මේ Gaming Smartphoneවල Flagship Devicesවල නොපවතින Gaming සදහාම ලබා දෙන Features රාශියක් පවතිනවා.

1. Long Battery Life

Smart Phone නිපදවිමේ දි සමාගම් අවධානය යොමු කරන ප්‍රධාන කරැණක් විදිහට Smart Phone එකට Long Battery Life එකක් ලබා දිම දක්වන්න පුලුවන්.‌‌ මේක සැම Smart Phone එකකටම පොදු කාරණාවක්. වර්තමානය වන විට සැම සමාගමක්ම ඔවුන්ගේ Smart Phoneවල Battery Life එක වැඩි කිරිමට කටයුතු කරනවා.

අඩුමිල Smart Phoneවලට (Budget Smart Phone) මෙලෙස Long Battery Life එකක් ලබා දිමේදි එහි මිල විශාල ලෙස වැඩි වන බැවින් Smart Phoneවල මිල අඩු මට්ටමක පවත්වා ගැනිමට බොහෝ සමාගම් භාවිතා කරන්නේ සාමාන්‍ය Battery Life එකක් සහිත Battery වේ.

ඒත් Gaming Smart Phone එකක් සැලකු විට High Battery Life එකකින් එය යුතුම විය යුතු වෙනවා. ඒ වගේම අපිට ලොකු කාලයක් එක Charge කිරිමකින් පසු Games Play කිරිමටත් හැකි විය යුතුයි. මෙය සාමාන්‍ය Smart Phone එකකට සාපේක්ෂව නම් පැහැදිලි ලෙස වැඩි විය යුතුයි.

ඒ වගේම අනිවාර්යයෙන්ම Fast Charging පහසුකම මගින් අවම වශයෙන් මිනිත්තු 30කදි වත් Full Charge කල හැකි විය යුතුයි. කෙටියෙන්ම කියනව නම් Gaming Smart Phone එකක Battery Capacity එක විශාල ප්‍රමාණය විමත් (Long Battery Life එකක් සහිතව), Fast Charging මගින් මිනිත්තු 30කට ආසන්න කාලයකදි Full Charge කර ගැනිමේ හැකියාව තිබිය යුතුයි.

2. RAM and Processors

සාමාන්‍ය එදිනෙදා අපි පාවිච්චි කරන Smart Phone එකකට වුවත් හොද Processor එකක් වගේම ඉට ගැලපෙන ධාරිතාවක් සහිත RAM එකක් පැවතුන හොත් ඒ Smart Phone එක මගින් අපිට හොද Performance එකක් බලා ගන්න පුලුවන්.

ඒත් Gaming Smart Phone එකකට සමාන්‍ය මට්ටමේ RAM එකක් හා Processor එකක් තිබිම කිසිවිටෙකත් ප්‍රමාණවත් වන්නේ නැ.‌‌ අනිවාර්යයෙන්ම Gaming Smart Phone එකක් නම් එයට High-Performance Processor එකක් වගේම ඊට ගැලපෙන RAM එකක් තිබිය යුතු වෙනවා.

දැනට තියෙන හොදම Processors විදිහට Qualcomm Snapdragon 865+ හා MediaTek Helio G90T දක්වන්න පුලුවන්. RAM ගැන කියනව නම් LPDDR5 RAM මගින් අපිට හොද Fast Performance එකක් අපේ Smart Phone එකෙන් ලබා ගන්න පුලුවන්.

3. Display

Gaming Smart Phone එකක් වුනාම අනිවාර්යයෙන්ම High-Resolution Display එකක් පැවතය යුතුයි. මොකද Display එක මත Game එකේ Qulity එක රදා පවතින බැවින් Display එකේ ගුණාත්මකභාවය ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම Display එක Fast Touch Display එකක් විය යුතුයි. මේ තුලින් Response Time එක අඩු විමක් සිදු වෙනවා. ‌‌High Refresh Rate එකක් අනිවාර්යයෙන්ම Gaming Smartphone එකක Display එකකට තිබිය යුතු වෙනවා. වර්තමාන Gaming Smartphone එකක නම් මෙය 90Hz හෝ 120Hz විය යුතයි.

සරලවම මේ Display එකේ High Refresh Rate එක කියන්නේ මොකක්ද කියන නම් මේ Rate එක වැඩි විමත් සමග හොද පැහැදිලිකමකින් යුතු දර්ශනයක් Smartphone Display එකෙන් අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ තත්පරයක් තුල කොපමණ වාර සංඛ්‍යාවක් රැප දිස් වෙනවද කියන එකයි. මේ අගය වැඩි වෙනවාත් සමග අපිට බලා ගන්න පුලුවන් වෙන රැපවල Sharpness එක වගේම Quality එකත් වැඩි වෙනවා. .

ඒ වගේම Display එක HDR Effectsවලට Support කරනව නම් ඒකත් අපිට හොද Gaming Experience එකක් ලබා ගන්න වැදගත් වෙනවා.

Gaming Phoneවල Display Size එක ගැන කියනව නම් අතට දැනෙන ප්‍රමාණයේ තරමක් විශාල Display Size එකකින් යුතු වුනාට එතරම් ගැටුලුවක් නැ.

4. Cooling System

අනිවාර්යයෙන් සාමාන්‍ය වැඩ කටයුතුවලදි උනත් Smartphone එකක් වැඩි වේලාවක් Use කරද්දි Heat විම සාමාන්‍ය දෙයක්.

නමුත් Gaming Smartphone එකක මේ Heat විම සාමාන්‍ය දෙයක් විදිහට සලකන්න අමාරැයි.මොකද අපි Game එකක් Play කරනව කියන්නේ සමහර විට පැය 2-3 වගේ එක දිගට අපේ Smartphone එක Use කරනවා. එතකොටත් සාමාන්‍ය Smartphone එකක වගේම අපේ Gaming Smartphone එකත් Heat වෙන්න ගත්තොත් එක අපේ Gaming Smartphone එකේ Performanceවලට බාධාවක් වෙනවා.

ඒ හින්දා අනිවාර්යයෙන් Gaming Smartphoneවල Over Heat වෙන එක වලක්වා සාමාන්‍ය මට්ටමක Smartphone එකේ උෂ්ණත්වය පවත්වා ගත යුතුයි. ගොඩක් Gaming Phoneවලදි භාවික වෙන්නේ Liquid Cooling Mechanism එකක්. මෙහිදි වාෂ්පශිලි ද්‍රවයක් මගින් CPU එකේ උෂ්ණත්වය පාලනය කිරිමක් සිදුවනවා.

5. Budget

අඩු මුදලකට හොද Featuresවලින් යුත් Smartphone එකක් ලබා ගැනිම අප කාගෙත් බලාපොරොත්තුව වුවත් High Specවලින් යුතු Gaming Smartphone නිපදවිමේදි මේ Smartphoneවල මිල යම් දුරකට වැඩි වි තිබෙනවා.

ඒත් අපි ගෙවන මුදලට සරිලන Gaming Smartphone එකක් ලබා ගැනිමට අපට Gaming Smartphone Companyවලින් අවස්ථාව ලබා දි තිබෙනවා. Flagship Devices හා Mid-Range Devices අතර මිලකට අපිට මේ Gaming Smartphone එකක් මිලදි ගැනිමේ හැකියාව පවතිනවා.

දැනට වෙළදපොලට නිකුත් වි ඇති Gamingවලට හොදම Smartphone මොනවද ? (Flagship & Gaming Smartphones)‌‌

1. iPhone 11 Pro Max / iPhone 11 Pro

දැනට නිකුත් වි තිබෙන Smartphone අතුරින් Gaming සදහා හොදම Smartphone එක විදිහට දක්වන්න පුලුවන්.

අගල් 5.8 හා 6.5 තිරයක් සමග 1242 x 2688 හා 1125 x 2436 Screen Resolution එකකින් යුතු වනවා. CPU එක වෙන්නේ A13 Bionic chip එක. 4GB RAM එකකින් සමන්විත වෙන මෙය 64/256/512GB Internal Storageවලින් මිලදි ගන්න පුලුවන්. Battery Capacity එක වෙන්නේ 3,969mAh හෝ 3,046mAh. මෙහි බර 226/188g ප්‍රමාණයේ වෙනවා.

2. OnePlus 8 Pro

අගල් 6.78 තිරයක් සමග 3168 x 1440 Screen Resolution එකකින් යුතු වනවා. CPU එක වෙන්නේ Snapdragon 865 චිප් එක. 8/12GB RAM එකකින් සමන්විත වෙන මෙය 128/256GB Internal Storageවලින් මිලදි ගන්න පුලුවන්. Battery Capacity එක වෙන්නේ 4,510mAh. මෙහි බර 199g ප්‍රමාණයේ වෙනවා.

3. Samsung Galaxy S20 / S20 Plus

අගල් 6.2/6.7 තිරයක් සමග 1440 x 3200 Screen Resolution එකකින් යුතු වනවා. CPU එක වෙන්නේ Snapdragon 865 / Exynos 990 චිප් එක. 8/12GB RAM එකකින් සමන්විත වෙන මෙය 128/256/512GB Internal Storageවලින් මිලදි ගන්න පුලුවන්. Battery Capacity එක වෙන්නේ 4,000mAh/4500mAh. මෙහි බර 163g/186g ප්‍රමාණයේ වෙනවා.‌‌

Android 10 මෙහෙයුම් පද්ධතියෙන් මෙය බල ගැන්වෙනවා.

4. Black Shark 2

අගල් 6.39 තිරයක් සමග 1080 x 2340 Screen Resolution එකකින් යුතු වනවා. CPU එක වෙන්නේ Snapdragon 855 චිප් එක. 6/8/12GB RAM එකකින් සමන්විත වෙන මෙය 128/256GB Internal Storageවලින් මිලදි ගන්න පුලුවන්. Battery Capacity එක වෙන්නේ 4,000mAh. මෙහි බර 205g ප්‍රමාණයේ වෙනවා.‌‌

Android 9 මෙහෙයුම් පද්ධතියෙන් මෙය බල ගැන්වෙනවා.

5. Nubia Red Magic 5G

අගල් 6.65 තිරයක් සමග 1080 x 2340 Screen Resolution එකකින් යුතු වනවා. CPU එක වෙන්නේ Snapdragon 865 චිප් එක. 8/12GB RAM එකකින් සමන්විත වෙන මෙය 128/256GB Internal Storageවලින් මිලදි ගන්න පුලුවන්. Battery Capacity එක වෙන්නේ 4,500mAh. මෙහි බර 205g ප්‍රමාණයේ වෙනවා.

‌‌Android 10 මෙහෙයුම් පද්ධතියෙන් මෙය බල ගැන්වෙනවා.

6. Asus ROG Phone 2

අගල් 6.59 තිරයක් සමග 1080 x 2340 Screen Resolution එකකින් යුතු වනවා. CPU එක වෙන්නේ Snapdragon 855 Plus චිප් එක. 12GB RAM එකකින් සමන්විත වෙන මෙය 512/1024GB Internal Storageවලින් මිලදි ගන්න පුලුවන්. Battery Capacity එක වෙන්නේ 6,000mAh. මෙහි බර 240g ප්‍රමාණයේ වෙනවා.

‌‌Android 9 මෙහෙයුම් පද්ධතියෙන් මෙය බල ගැන්වෙනවා.

7. Razer Phone 2

අගල් 5.72 තිරයක් සමග 2560×1440 Screen Resolution එකකින් යුතු වනවා. CPU එක වෙන්නේ Snapdragon 845 චිප් එක. 6/8GB RAM එකකින් සමන්විත වෙන මෙය 64/128GB Internal Storageවලින් මිලදි ගන්න පුලුවන්. Battery Capacity එක වෙන්නේ 4,000mAh. මෙහි බර 205g ප්‍රමාණයේ වෙනවා.‌‌

Android 9 මෙහෙයුම් පද්ධතියෙන් මෙය බල ගැන්වෙනවා.

8. Samsung Galaxy S10 Plus / Galaxy S10

අගල් 6.4/6.1 තිරයක් සමග 1440 x 3040 Screen Resolution එකකින් යුතු වනවා. CPU එක වෙන්නේ Snapdragon 855 / Exynos 9820 චිප් එක. 8/12GB RAM එකකින් සමන්විත වෙන මෙය 128/512/1024GB Internal Storageවලින් මිලදි ගන්න පුලුවන්. Battery Capacity එක වෙන්නේ 4,100mAh/3400mAh. මෙහි බර 175g ප්‍රමාණයේ වෙනවා.

‌‌Android 10 මෙහෙයුම් පද්ධතියෙන් මෙය බල ගැන්වෙනවා.