Loading...
Smart Phone එකක් මිලදි ගැනිමේදී අප විසින් සැලකිය යුතු කරැණු

වර්තමාන පරම්පරාව බොහෝ විට එක ජංගම දුරකථනයක් භාවිතා කරන්නේ කෙටි කාලයට විතරයි. ඒ ඔවුන් අලුතින් පැමිණෙන Smart Phone එකක් වෙත මාරැ විමට බොහෝ විට කටයුතු කරන නිසායි.

මෙයට හේතු වෙන්නේ Smart Phone නිෂ්පාදන තාක්ෂණයේ දියුණුවත් හා පහසුකම්වල දියුණුවත් නිසා සුපිරි Smart Phone අඩු මිලකට ලබා දිමට Smart Phone නිෂ්පාදකයින් පෙළඹිම යි.

මෙලෙස අඩු මිල සුපිරි Smart Phone වෙළදපොලට පැමිණිමත් සමග බොහෝ දෙනෙකු කෙටි කලකින් නව දුරකථනයක් මිල දි ගන්නට පෙළඹෙනවා.

ඒ වගේම නව දුරකථන මිලදි ගන්න අය මෙන්ම පාවිච්චි කරන ලද දුරකථන මිලට ගෙන පාවිච්චි කිරිමටත් බොහෝ දෙනා පෙළඹි සිටිනවා. මිට හේතුව වෙන්නේ මිල වැඩි දුරකථනවල 2nd Hand මිල යම් දැරිය හැකි මිලක් විමයි.

ඉතින් අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නව ජංගම දුරකථනයක් මිලදි ගැනිමේදි අපි සලකා බැලිය යුතු කරැණු පිළිබඳව යි.

නව ජංගම දුරකථනය මිලදි ගැනිමේදි සැලකිය යතු කරැණු,

ප්‍රමාණය

මෙහිදි අප සැලකිලිමත් විය යුත්තේ දුරකථනයේ ප්‍රමාණයටත් වඩා එය අපේ අතේ ප්‍රමාණයට ගැලපෙනවා ද යන්නයි. එ් කියන්නේ අපිට දුරකථනය තනි අතින් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕනේ.

හැබැයි ඉතින් මේකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.

වර්තමානය වන විට විශාල ප්‍රමාණයේ තිරයන් සහිත දුරකථන වෙළදපොලට පැමිණිමත් සමග නිෂ්පාදකයින් මේ තනි අතින් පාවිච්චි කිරිමට ඇති අපහසුතාව මග හරවා ගැනිමට විවිධ Features භාවිතා කර තිබෙනවා.

කෙසේ වෙතත් අපිට ගොඩක්ම පාවිච්චියට ලේසි වෙන්නේ තනි අතින් පාවිච්චි කරන්න පුලුවන් ප්‍රමාණයේ ජංගම දුරකථන කියල කියන්න පුලුවන්.

ඒ වගේම දුරකථනය ඝණකමත් සලකා බැලිය යුතුයි. නව දුරකථනය සියල්ල වගේම ඉතා සිහින් ලෙස නිපදවිමට නිෂ්පාදකයින් කටයුතු කරන නිසා අපට මෙය විශාල ගැටලුවක් වෙන්නේ නැ.

නිමාව

ඒ වගේම මොන Brand එකේ දුරකථනයක් වුනත් එහි නිමාව , එනම් බාහිර ස්වරැපයත් දුරකථනයක් මිලදි ගැනිමේදි වැදගත් වෙනවා.

විශේෂයෙන්ම අපි වියදම් කරන මුදලට ගැලපෙන පරිදි එහි බාහිර පෙනුම පැවතිම ඉතා වැදගත් වෙනවා. මන්ද පිටත පෙනුම මගින් මේ දුරකථනය Flagship හෝ Mid-Range දුරකථනයක්ද යන්න බොහෝ විට හදුනා ගත හැකි වන නිසා.

ඒ වගේම අපිට ගැලපෙන වර්ණවලින්ද මේ දුරකථනය සමන්විය යුතු වනවා.

බර

දුරකථනයේ බර ගැන සැලකිමේදි අපගේ මතය නම් අතට දැනෙන ආකාරයේ බරක් දුරකථනයකට තිබිය යුතු බවයි. එය බොහෝ සැහැල්ලු හෝ ඉතා බර වැඩිවුවහොත් අපේ අතින් එය ගිලිහි වැටිම ඇති ඉඩකඩ වැඩි විය හැකියි.

තිරය

බැලු බැල්මට අපිට පෙන්නේ තිරයේ ප්‍රමාණ යයි.‌‌නමුත් Display Size එක වගේම Display Type, Resolution & PPI එකත් සලකා බැලිය යුතුයි.

Display Size එක ගැන සැලකිලිමත් විමේදි බොහෝ දෙනාගේ මතය වන්නේ අතට ගැලපෙන ප්‍රමාණයේ විය යුතු බවයි.

Display Type විදිහට දැනට LCD (Liquid Crystal Display), IPS-LCD (In-Plane Switching Liquid Crystal Display), OLED (Organic Light-Emitting Diode), AMOLED (Active-Matrix Organic Light-Emitting Diode) Super Retina සහ Super Retina XDR වැනි අකාර දුරකථනවල දැක ගන්න පුලුවන් .

ඒ වගේම Display එකේ Resolution එකත් සලකා බැලිය යුතුයි. PPI කියන්නේ තිරයේ අගලක් තුල ඇති pixels ප්‍රමාණයයි.මේ අගය වැඩි විමත් සමග තිරයේ ගුණාත්මකභාවය ඉහල යනවා.

ප්‍රොසෙසරය

දුරකථනයේ බලය ලෙස සැලකෙන්නේ මෙයයි. වර්තමානය වන විට හොදම Processor ලෙස සලකන්නේ Apple A16 Bionic, Qualcomm Snapdragon 8 Gen 2, Google Tensor G2 සහ MediaTek Dimensity 9200 යන Processors වේ.

RAM

වර්තමානයේ පවතින සියලු දුරකථනවල 2GB සිට 16GB+ RAM පවතිනවා.

RAM එකේ අගය මත අපට දුරකථනයෙන් එකවර කල හැකි කාර්යන් ප්‍රමාණය මෙන්ම දුරකථනය Smooth බාවයද රදා පවතිනවා.

නමුත් Apple දුරකථන සැලකු විට ඔවුන්ට මේ RAM එක විශාල අගයක් විම ගැටලුවක් නොවෙන්නේ ඔවුන් Software හා Hardware ද්විත්වයම එකිනෙක හා එක්ව හොදින් ක්‍රියාකරන පරිදි සකසා ඇති නිසාවෙනි.

බොහෝ Android දුරකථනය පිළිබඳව සැලකු විට RAM හි අගය වැඩි වන තරමට එහි Performance ඉහල බව කියන්න පුලුවන්.

අභ්‍යන්තර මතකය

අනිවාර්යයෙන්ම Apple දුරකථනයක් මිලදි ගන්නව නම් ඔබ සැලකිලිමත්ම විය යුතු කාරණයක් ලෙස Internal Storage එක දැක්විය හැකියි. ඒ Apple දුරකථනවලට බාහිරින් SD Card එකක් ඇතුලත් කර එහි Storage එක වැඩි කල නොහැකි නිසායි.

නමුත් බොහෝ Android Devices පැමිණෙන්නේ මේ බාහිරින් SD Card එකක් ඇතුලත් කර එහි Storage එක වැඩි කල හැකි අයුරිනි. එබැවින් Android Devices මිලදි ගැනිමේදි Internal Storage එක පිළිබඳව වැඩි දුර සිතිය යුතු නැත.

නැමුත් අද වන විට සැම දුරකථනයක්ම High Qulity Photos & Video ලබා ගැනිමට හැකි අයුරිනි නිපදවා ඇති බැවින් ඔබ කුඩා Storage එකක් සහිත Device එකක් මිලදි ගත හොත් එය ඉක්මනින්ම පිරි යන බව නිසකයි.

වර්තමානයේ Android Devices බොහෝමයක 16GB සිට ඉහලටත් Apple Devicesවල 64GB සිට ඉහලටත් ලෙස Internal Storage එක ලබා දෙනවා.

කැමරාව

ඔබ අනිවාර්යයෙන් නව දුරකථනයක් මිලදි ගැනිමේදි අවධානය යොමු කරන දෙයක් විදිහට Front & Rear කැමරාවන් දක්වන්නට පුලුවන්. ඔබ මින් අවධානය දක්වන්නේ කැමරා ගණන හා එහි Megapixels ගණන බව නිසකයි.

ඒත් ඔයා ගොඩක්ම අවධානය යොමු කරන්න ඕනේ Cameraවේ Performance කොහොමද කියන එකට වගෙම Features මොනවද කියන එකට . ඒ කියන්නේ අපිට Photos ගන්න පුලුවන් Modes, Low light Performance, Video Formats වගේ දේවල්.

බැටරිය

කට්ටිය වැඩිය සැලකිලිමත් වුනේ නැතිවට මේකත් ගොඩක් වැදගත් , මොකද අද අපේ ජිවන රටාවත් එකක් All Day Battery Life එකක් සහිත දුරකථනයක් තමා ගැලපෙන්නේ. ඉතින් බැටරි එක ගැන බලද්දි mAh ප්‍රමාණය වැඩි වෙන තරමට අපිට බැටරිය පාවිච්චි කරන්න පුලුවන් කාලය වැඩි වෙනවා. සරලවම කියනව නම් Battery Capacity එක වැඩි Device එකක් අපිට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.

හැබැයි Android & Apple Devices අතර Battery Life එක Battery Capacity එක ගැන බලලා මනින්න යන්න එපා. මොකද Appleවල Software එකෙන්ම Battery Life එක Improve කරල තියෙන්නේ.

මොනව උනත් අලුත්ම Apple Device එකක උනත් Android Device එකක තරම් Battery Life එකක් බලාපොරොත්තු වෙන්න බැ කියන එක නම් කියන්න ඕනේ. ඒ වගේම Battery Capacity එක මොනව උනත් දුරකථනය භාවිතා කරන පුද්ගලයා අනුව තමා Battery Life එක රදා පවතින්නේ.

මෙහෙයුම් පද්ධතිය

අනිවාර්යයෙන් අලුත් දුරකථනයක් මිලදි ගන්නව නම් අලුතින්ම ආපු OS Version එකක් සහිත දුරකථනයක් මිලදි ගැනිමට වග බලා ගන්න ඕනේ.

ඒ වගේම අපි මිලදි ගන්න දුරකථනයට Software Update & Security Update ඉදිරියේදිත් ලැබෙනවද කියලත් සොයා බලන්න අමතක කරන්න එපා.

ආරක්ෂාව

අද වෙන විට අපේ අතේ දුරකථනය නැති වෙලාවක් නැනේ. අපි Wash Room එකට ගියත් අපේ අතේ ජංගම දුරකථනය තියෙනවා.‌‌ඉතින් අපි මිලදි ගන්න දුරකථනය ජලයට, දුවිලිවලට යම්තාක් හෝ ඔරොත්තු දෙනව නම් ඒක ගොඩක් හොදයි.

වගකිම

දුරකථනය මිලදි ගද්දි ලබා දෙන වගකිම් පිළිබඳව සොයා බලන්නත් අමතක කරන්න එපා. මොකද දුරකථනයට පසුකාලීනව ගැටලුවක් අවොත් අපිට Warranty Claim කරන්න හැකියාව තියෙනවා නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම Warranty එකක් සහිතව දුරකථනය මිලදි ගන්න.

අන්තිමට කියන්න තියෙන්නේ ඔයා අලුත්ම දුරකථනයක් මිලදි ගන්නව නම් ඔයාගේ Choice එකට අනුව අපි කිව දේවලුත් සලකා බලලා , කාලෙට ගැලපෙන විදිහේ Device එකක් තෝ⁣රා ගන්න.