Loading...
Adobe Photoshop වෙනුවට භාවිතා කල හැකි හොඳම නිදහස් මෘදුකාංග 04

සැම දෙනාටම ආයුබෝවන්!

මෙවර අපි Photoshop tool එක සඳහා තියෙන විකල්ප ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න තියෙන්නෙ මේ ලිපිය වැදගත් වෙන්නෙ Photoshop crack එකක් තමන්ගෙ පරිගණකයට පාවිච්චි කරලා තමන්ගෙ නිර්මාණයන් කරන අයට වගේම Open source software විතරක් පාවිච්චි කරන්න ඔලුව හදාගෙන ඉන්න අපේ යාලුවන්ට.

සමහරවිට ඔබ නිර්මාණකරුවෙක් වෙන්න පුලුවන්. නමුත් Photoshop වගේ මිල අධික software එකක් ඔබේ සාක්කුවට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්. Free and Open Source Software තියෙන්නෙ මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න තමයි.

ඔබ අත් විදලා ඇති සමහරවිට Photoshop, Wine හෝ VM එහෙමත් නැත්නම් Virtual Machine එකක් නැතුව Linux වල වැඩ කරන්නෙත් නැහැ. ඒත් මම මේ දෙන alternatives  ටික Linux Distro එකක වුනත් හොදටම වැඩ කරනවා. ඒ වගේම තව පොඩි දෙයක්. Photoshop වල monthly subscription එක මාසයකට $20.99ක පමණ මුදලක්. මේ වගේ මුදලක් වැය කරලා කෙනෙක් මිලදී ගන්න මෘදුකාංගයක් එක්ක මම මේ පහළින් සදහන් කරන මෘදුකාංග සංසන්දනය කරන එක නුවනට හුරු නැහැ.

ඔබ Photoshop දැනටමත් මිලට අරන් පාවිච්චි කරන කෙනෙක් නම් ඒ මෘදුකාංගය අයින් කරලා පහත මෘදුකාංග පාවිච්චි කරන එකත් අනුමත කරන්නේ නැහැ. කෙසේ වෙතත් අධික මිලක් වෙන Photoshop වෙනුවට මේ මෘදුකාංග හොද විසදුමක් වේවි.

‌1. GIMP

Image Source: gimp.org

Open Source Software දිගටම භාවිතා කරපු කෙනෙක් නම් ඔබ මේ වෙනකොටත් පාවිච්චි කරන්නෙ GIMP වෙන්න පුලුවන්. GIMP කියන වචනයේ මුලු පැහැදිලි කිරීම වෙන්නෙ GNU Image Manipulation Program කියන එක.

ඒ වගේම  GIMP මෘදුකාංගය පාවිච්චි කරලා photo retouching, image authoring, image composition, painting, online batch processing, mass production image rendering, image format conversion සහ layer management features වග‌ේ features GIMP භාවිතය මිනිස්සුන්ට හුරු කළා කිව්වොත් නිවැරදියි. ඒ වගේම GIMP Software එක හුගක් extensions සහ plug-ins එක්ක වැඩකරන එකත් GIMP ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක් වුනා.

2. Krita

Image Source: krita.org

අපි මීලගට කතා කරන්නෙ Krita මෘදුකාංගය ගැන. ඔබ Photoshop මෘදුකාංගයේ paint emulation හැකියාවන් ගැන උනන්දු වෙන කෙනෙක් නම් ඔබට ගැලපෙන මෘදුකාංගය වෙන්නෙ Krita. Digital paintings, anime, cartoons, textures සහ concept art වගේ නිර්මාණයන්ට හොදම වෙන්නෙ Krita මෘදුකාංගය.

මේකෙ මූලික ලක්ෂණ වෙන්නෙ layer management, mirroring tools, සියයකට අදාල brush engines වර්ග සහ transform tools වගේ දේවල් කිහිපයක්. Krita කියන්නේ විශේෂ OS එකකට පොදු වුන මෘදුකාංගයක් නෙමෙයි. ඔබට අවශ්‍යනම් macOS, Windows හෝ Linux කියන තුනෙන් අවශ්‍ය Operating System එක හරහා වැඩ කරන්න පුලුවන්.

3. Darktable

Image Source: Darktable.org

මේ කියන්න යන tool එක DarkTable වඩාත්ම සුදුසු වෙන්නෙ Photography තමන්ගෙ වෘත්තිය කරගත් අයට සහ විනෝදාංශයක් විදියට Photography කරන අයට. රුපියලක්වත් වියදමකින් තොරව තමන්ගෙ වැඩ කටයුතු කරගන්න මේ මෘදුකාංගය ලබාගෙන පුලුවන්. RAW images එක්ක වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙන  GPU-accelerated image processing, professional color management, exposure controls, watermark, split-toning, artistic grain, base curve සහ white balance වගේ ඡායාරූපකරණයට වැදගත් වෙන features ගණනාවක් මේ හරහා ඔබට ලබාගන්න පුලුවන්.

Photoshop එක්ක සංසන්දනය කරද්දි මේ මෘදුකාංගයේ workflow එක පොඩි වෙනසක් දකින්න පුලුවන්. හැබැයි මේකෙන් ඔබට අවශ්‍ය සියලුම ඡායාරූපමය සම්බන්ධ දේවල් මේ හරහා කරගන්න පුලුවන් බව පැහැදිලිවම කියන්න අවශ්‍යයයි. ඒ වගේම macOS, Windows හෝ Linux කියන තුනෙන් අවශ්‍ය Operating System එක හරහා වැඩ කරන්න පුලුවන් අවස්ථාව හිමි වෙනවා.

4. InskSpace

Image Source: linuxuprising.com

මේ tool එක දැක්ක කෙනෙක් කියන්න පුලුවන් InkScape කියන්නෙ Adobe Illustrator වලට ආපු alternative එකක් නේද? ඇයි ඒ ගැන මෙතන සදහන් කරන්නෙ කියන එක. InkScape කියන්නෙ professional vector graphics editor එකක්.මේකෙ තියෙන layer management support, object creation tools, සහ transformation tools වගේ දේවල් ගොඩක් වෙලාවට ගැලපෙන්නෙ Designer කෙනෙක්ටම නෙමෙයි, Photographer කෙනෙක්ට.


මේ අපි සදහන් කරපු software ගැන ඔබේ අත්දැකීම් අපි එක්ක බෙදා හදාගන්න අමතක කරන්නත් එපා.