Loading...
අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වේ. ලබා ගන්නේ මෙහෙමයි

අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙන අතර අප සුදානම් වන්නේ නිල වශයෙන් මෙම විභාග ප්‍රතිඵල නිකුත් වු විගස එම ප්‍රතිඵල ලබා ගත හැකි ආකාරයත් පිළිබඳ ව ඔබ වෙත ගෙන එන්නයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග ප්‍රතිඵල ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ප්‍රතිඵල අපේක්ෂිතයින් සඳහා ලබා දීමට ඔවුන් විසින් හඳුන්වා දී ඇති නිල වෙබ් අඩවිය, නිල App එක, SMS පහසුකම සහ දුරකථන පහසුකම් ඔස්සේ මෙන්ම දුරකථන සමාගම් විසින් හඳුන්වා දී ඇති SMS පහසුකම් ඔස්සේ ද ප්‍රතිඵල තොරතුරු ලබා ගත හැකි වනවා.

විභාග දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි ඔස්සේ සහ ඔවුන් විසින් හඳුන්වා දී ඇති DOE Mobile App එක ඔස්සේ ද ඔබට විභාග ප්‍රතිඵල ලබා ගත හැකි වනවා.

ඔවුන් විසින් හඳුන්වා දී ඇති SMS සේවාවත් ඔබට භාවිත කල හැකියි. ඒ සඳහා පහත පරිදි 1919ට පණිවිඩයක් යැවීමෙන් ඔබගේ විභාග ප්‍රතිඵල ලබා ගත හැකියි.

exam {exam code} {index number}

එමෙන්ම 1919 අමතා ද ඔබට අවශ්‍ය නම් විභාග ප්‍රතිඵල ඇමතුමක් ඔස්සේ ලබා ගත හැකියි.

මීට අමතරව Mobitel, Dialog සහ Hutch සමාගම් හඳුන්වා දී ඇති අංක සඳහා Exam හිස් තැනත් ලබා ඔබගේ විභාග අංකය සඳහන් කර පහත අංකවලට කෙටි පණිවිඩයක් යැවීම ඔස්සේත් ඔබගේ ප්‍රතිඵල ලබා ගත හැකියි.

  • Mobitel - 8884
  • Dialog - 7777
  • Hutch - 8888
ඒ අනුව විභාග ප්‍රතිඵල නිකුත් වු විගස මෙම ක්‍රම ඔස්සේ ඉතා සරලව විභාග ප්‍රතිඵල ලබා ගත හැකි වෙනවා. ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමට සුබ අනාගතයක් වේවා යැයි Android වැඩකාරයෝ අප සුබ පතනවා.
Source: eduwire.lk results.exams.gov.lk