Binance ලොව විශාලතම Crypto Currency හුවමාරු ලෙස හදුන්වා දෙන්න පුලුවන්. කෙසේ වෙතත් පසුගිය 06 වන දින හැකර්වරැන් පිරිසක් විසින් Binance තුලින් ඩොලර් මිලියන 570ක පමණ වටිනාකමෙන් යුතු BNB Tokens සොරකම් කර තිබෙනවා.
පසුගිය සිකුරාදා Binance විසින් ගණනය කර තිබුනේ ඩොලර් මිලියන 100ත් 110ත් අතර ප්‍රමාණයක ටෝකන් හැකර්වරැන් විසින් සොරකම් කර ඇති බවයි. මේ නිසා බලපෑමට ලක්වු Blockchain එකේ ක්‍රියාකාරිත්වය පැය අටක පමණ කාලයක් සදහා නවතා දමා තිබෙනවා.
පසුව සමාගම විසින් දක්වා තිබුණේ හැකර්වරැන් විසින් BNB Cryptocurrency මිලියන 02ක පමණ ප්‍රමාණයක් සොරකම් කර තිබෙන බවයි. මේ එක් BNB Cryptocurrency එකක වටිනාකම ආසන්න ලෙස ඩොලර් 284ක් පමණ වනවා. Binance System දෙකක් අතර Bridge එකක් වන BSC Token Hub එක ඉලක්ක කර ගනිමින් මෙම හැකර් ප්‍රහාරය සිදු කර තිබෙනවා.
Binanceහී නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන Changpeng Zhao විසින් ඔහුගේ නිල Twitter ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වන විට මුදල් ආරක්ෂිත සහ සිදුවු අපහසුතාවට සමාව අයදින බවයි.
An exploit on a cross-chain bridge, BSC Token Hub, resulted in extra BNB. We have asked all validators to temporarily suspend BSC. The issue is contained now. Your funds are safe. We apologize for the inconvenience and will provide further updates accordingly.
— CZ 🔶 Binance (@cz_binance) October 6, 2022
එමෙන්ම ඔවුන්ගේ Blog Post එකේ වැඩි දුරටත් දක්වා තිබෙන්නේ Bridge Smart Contract හි සිදුවු Bug එකක් නිසා හැකර්වරැන්ට මෙලෙස Binance Cryptocurrency සොරකම් කිරිමට හැකිවු බවයි. එමෙන්ම ඔවුන් දක්වන ආකාරයට මේ සොරකම නිසා ඔවුන්ට නැවත ලබා ගත නොහැකි ආකාරයට ඩොලර් මිලියන 100ක් පමණ ද අහිමි වි තිබෙනවා.
https://www.ft.com/content/62d8e718-8b55-40df-8599-eeda13c59d3b