Loading...
සාර්ථකව නිමාවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම Bitget හමුව - Bitget Meetup Sri Lanka

ලොව ප්‍රමුඛ ක්‍රිප්ටො හුවමාරු කිරීමේ වේදිකාවක් සහ Web3.0 නවොත්පාදක ආයතනයක් වන Bitget ආයතනය ශ්‍රී ලංකාව තුල තම සේවා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පවත්වන ලද ප්‍රථම වැඩසටහන වන “Bitget Sri Lanka Meetup” පසුගිය අගෝස්තු 03 වන දින කොළඹ NH Collection හිදී ඉතා සාර්ථකව පැවැත්වුවා. ඒ Bitget හි ගෝලීය මහජන සම්බන්ධතා ප්‍රධානී සිම්රන් අල්පොන්සෝ මහත්මියගේද සහභාගිත්වයෙන්.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටො වත්කම් භාවිත කරන්නන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, අන්තර්ජාල මුදල් ගනුදෙනුකරුවන්, බ්ලොක්චේන් පිළිබද උනන්දුවක් සහිත පුද්ගලයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 160 කට අධික පිරිසක් සහභාගී විය.

ප්‍රධාන කතාව සිදුකල සිම්රන් අල්පොන්සෝ මහත්මිය විසින් Bitget වේදිකාව පිලිබදවත්, ඔවුන් මේ වනවිට පරිශීලකයන් වෙත ලබාදෙන සේවාවන් සහ වරප්‍රසාද පිලිබදවත්, එමෙන්ම Bitget ලබාදෙන ආරක්ෂක පහසුකම් පිලිබදවත් ඉතා හරවත් සහ වටිනා තොරතුරු රැසක් සාකච්ඡා කළාය. 2018 වර්ෂයේ තම ආරම්භයේ සිට මේ වනවිට Bitget සමාගම රටවල් 100 ක පමණ, මිලියන 25 කටත් අධික පරිශීලකයින් සදහා පහසුකම් සපයන ගෝලීයව ව්‍යාප්ත වූ විශ්වසනීය ක්‍රිප්ටො මුදල් හුවමාරු කිරීමේ වෙළදපොලක් මෙන්ම Web3.0 සමාගමක් බවට පත්ව ඇත.

Bitget හි මෙම ජනප්‍රියත්වය සදහා ඔවුන්ගේ Copy Trading පහසුකම ඇතුළු පරිශීලකයන්ට පොදුවේ ලැබෙන පහසුකම් සහ දීමනා, Advanced Trading Solutions, Comprehensive Multi-Chain Crypto Wallet යන විශේෂ උපාංග බලපා තිබේ. එපමණක් නොව ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සහ තවත් තුර්කි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ඉහල පෙළේ පුද්ගලයින් BItget හවුල්කාරිත්වය බෙදීගොස් ඇත.

සිම්රන් අල්පොන්සෝ මහත්මියගෙන් පසුව, Digital Assets Sri Lanka හි නිර්මාතෘ, චිරාත් රාජපක්ෂ විසින් ඉතාම වටිනා කාලීන මාතෘකා කිහිපයක් පිළිබදව සිය දැනුම බෙදාගත්තේය. ක්‍රිප්ටො ක්ෂේත්‍රයේ වසර ගණනක පළපුරුද්දක් සහිත ඔහුගේ ඉදිරිපත් කිරීමෙන් මේ වනවිට ක්‍රිප්ටො ක්ෂේත්‍රයේ නියැලී සිටින සහ එයට පිවිසීමට ඇල්මක් දක්වන පිරිස වෙත ලබාගැනීමට බොහෝ දේ අන්තර්ගත විය.

ඉන්පසුව වේදිකාවට පිවිසි Bitget Sri Lanka Meetup හි සංවිධායක, එමෙන්ම ලාංකේය ක්‍රිප්ටො ප්‍රජාව වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරන CeylonCash.com හි නිර්මාතෘ නිසල් චන්ද්‍රසේකර විසින් CeylonCash හි අන්තර්ගතය පිළිබදවත්, මේ වන විට ශ්‍රී ලාංකික ක්‍රිප්ටො ප්‍රජාව වෙනුවෙන් ඔවුන් සිදුකර ඇති කාර්යභාරයන් පිලිබදවත් දැනුවත් කිරීම සිදුකළේය. මීට අමතරව Bitcoin මගින් ගණුදෙනු සිදුකරන්නන් වෙනුවෙන් ඔවුන් හදුන්වාදුන් “Bitcoin දීප” Lightning wallet කාඩ්පත සහ එමගින් ගණුදෙනු සිදුකරනා ආකාරය පිලිබදවත් පැමිණි පිරිසට අවබෝධයක් ලබාදුන්නේය. එමෙන්ම ඔහු තවදුරටත් සදහන්කර සිටියේ මෙම Bitcoin දීප Lightning wallet හරහා මේ වනවිට සිය ආයතනයේ සේවය කරන සියලුම දෙනාට වැටුප් ගෙවීම්ද සිදුකරන බවයි.

අවසානයේ ප්‍රශ්න සහ තවත් ගැටළු සාකච්ඡා කිරීම වෙනුවෙන් Panel Discussion එකක් පැවැත්වූ අතර, එහිදී රැස්ව සිටි පිරිසෙන් යොමුකළ ප්‍රශ්න වෙතද පිළිතුරු ලබාදෙන ලදී.

Bitget වැනි ප්‍රමුඛ ක්‍රිප්ටො ආයතන විසින් ශ්‍රී ලංකාව වෙත සිය අවදානය යොමු කිරීම මගින් මෙරට ක්‍රිප්ටො සම්බන්ධව කටයුතු කරන්නන් සහ ඒ පිළිබදව ඇල්මක් දක්වන්නන්ගේ වර්ධනයක් ඇති බව පෙනී යයි.