Loading...
BlueStacks X භාවිතා කර web browser එක හරහා Android Games play කිරීමේ හැකියාව ලබා ​දේ

Android Emulators කියපු ගමන් හැමෝටම වගේ මතක් වෙන Windows Usersලා අතර ගොඩක් ජනප්‍රිය Android Emulator එකක් විදිහට BlueStacks හදුන්වා දෙන්න පුළුවන්. ඔවුන් විසින් මේ වෙන විට ලොව පළමු Cloud Based Android Gaming Service එක වෙන Bluestacks X හදුන්වා දිමට සුදානමින් සිටිනවා.

මේ වෙන විටත් Beta Usersලා සදහා BlueStacks X හදුන්වා දි ඇති අතර මේ මගින් Web Browser එක ඔස්සේ Android Games Play කිරිමේ හැකියාව Windows Usersලා සදහා ලැබෙනවා. BlueStacks X Cloud Based Android Gaming Service එකත් සමග මේ සදහා සහය දක්වනු ලබන Android Games ඔබගේ Android Chrome Web Browser එකෙන්, iPhone හෝ iPad සදහා Safari Web Browser එකෙන් මෙන්ම Windows 10 හෝ Mac පරිගණකය ඔස්සේ ඔබගේ කැමතිම Web Browser එක ඔස්සේ Play කිරිමේ හැකියාව ලැබෙනවා.

BlueStacks X Cloud Based Android Gaming Service එක සදහා Hybrid Cloud Technology එක හා Amazon සමාගමේ AWS Graviton Servers භාවිත කරනු ලබනවා. මෙලෙස Bluestacks X මත Play කරන Gamesවල Gameplay Share කිරිම සදහා Cloudy නමින් Discord Bot එකක් ද නිර්මාණය කර තිබෙනවා.

ඔවුන් විසින් Cloud Games 200කට වැඩි සංඛ්‍යාවක් මේ BlueStacks X Cloud Gaming Service එක හරහා ලබා දිමට සුදානමින් සිටින අතර මේ අවස්ථාව වෙන විටත් Beta Usersලා සදහා Cloud Games 13ක් ලබා දී තිබෙනවා.

BlueStacks X Cloud Games List ;

  1. Lords Mobile: Kingdom Wars
  2. Traffic Puzzle – Match 3 Game
  3. RAID: Shadow Legends
  4. Dragonscapes Adventure
  5. Looney Tunes World of Mayhem
  6. Star Conflict Heros 3D RPG Online
  7. POP! Slots – Free Vegas Casino Slot Machine Games
  8. Guild of Heroes: Epic Dark Fantasy
  9. Dynasty Scrolls
  10. MU ORIGIN 2
  11. Evony: The King’s Return
  12. War Robots
  13. Idle Heroes

ඒ වගේම ඔවුන් විසින් සෑම සතියකදීම අලුත් Games මේ සදහා හදුන්වා දිමට සුදානමින් සිටින අතර BlueStacks X සදහා ඔබගේ Google, Facebook හෝ Discord ගිණුම් හරහා Sign විමේ හැකියාව පවතිනවා.

Source : Beebom, Bluestack