Loading...
Google Camera Go එක සඳහා නවතම update එක මඟින් Night Mode පහසුකම ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Pixel දුරකථන වල වඩාත්ම ප්‍රිය කරන features එකක්  වනුයේ Night Mode පහසුකමයි. එම පහසුකම මගින්  ඔබගේ අඩු ආලෝක තත්වයේ පින්තූර දිවා කාලයේ ගත් ආකාරයට පැහැදිලිව ආලෝකය හසුරවා ගනි. මෙම විශේෂාංගය ගූගල් කැමරාවෙන් දැන් වසර කිහිපයක් තිස්සේ ලබා ගත හැකිය. නමුත් අද වන විට ගූගල් සමාගම සිය Camera Go app හරහා entry-level මට්ටමේ Android දුරකථන සඳහා විශේෂිත ‘Night Mode’ පහසුකම ගෙන ඒමට තීරණය කර තිබේ.

Camera Go app යනු ගූගල් විසින් මෙම වසර මුලදී අඩු RAM ධරිතාවයකින් යුතු Android දුරකථන සඳහා එළිදක්වන ලද සැහැල්ලු කැමරා Application එකකි. එය සමාගමේ ජනප්‍රිය AI කැමරා විශේෂාංග budget දුරකථන වෙත සහය දක්වයි. Camera Go app විසින් දැනටමත් භාවිතා කරන්නන් හ‍ට  ‘Portrait Mode’ ලබා දී ඇති අතර දැන් එය වැඩි දියුණු කරන ලද අඩු ආලෝක (low-light) ඡායාරූපකරණය සඳහා update කිරීමක් හරහා ‘Night Mode’ එළිදැක්වීමට පටන් ගෙන තිබේ. අඩු ආලෝක තත්වයන් තුළ ඡායාරූප ග්‍රහණය කර ගැනීමට ඔබට තවදුරටත් ඔබගේ දුරකථනයේ ෆ්ලෑෂ්රය අත්‍යවශ්‍ය නොවනු ඇත.

කැමරාවේ ‘Night Mode’ ක්‍රියා කරන්නේ කෙසේද?

Google සමාගමේ මෙම යෙදුම මගින් ඔබ ඡායාරූපයක් ලබා ගන්නා අවස්ථාවේදී කැමරා යෙදුම ඡායාරූප විශාල ප්‍රමාණයක් එක වරම ග්‍රහණය කරගෙන පසුව ඒවා ඒකාබද්ධ කර ඔබට දීප්තිමත් ‘Night Mode’ ඡායාරූපයක් ලබා දෙනු ඇත. මෙය බොහෝ උපාංගවල මෙම විශේෂාංගය ක්‍රියා කරන ආකාරය හා සමාන වන නමුත් ඔබ එය Google Pixel දුරකතන වල ඇති Night Sight capabilities පහසුකම සමඟ පටලවා නොගත යුතුය. තවද සාමාන්‍ය  1GB RAM සහිත ඔබගේ low budget  දුරකථනයට  Night Mode හි හැකියාවන්ට ගැලපෙන පරිදි processing බලය සහ AI පහසුකම් ලබාගැනිමට නොහැක.

“මෙම low budget  දුරකථනයන් ඇති  Camera Go app පරිශීලකයින්ට දැන් අඳුරු ආලෝකමත් ගෘහස්ථ අවකාශයන් හෝ එළිමහනේ වැනි අඩු ආලෝක පරිසරයන් තුළ පවා දීප්තිමත් හා වඩාත් නිවැරදි වර්ණවලින් උසස් තත්ත්වයේ පින්තූර ගැනීමට හැකි වනු ඇත” යනුවෙන් ගූගල් නිල බ්ලොග් සටහනක සඳහන් කරයි.

තවද කැමරාව වෙත HDR පහසුකම එකතු කිරීමත් සමඟ මෙම entry-level දුරකථනවල පින්තූරයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ගූගල්  සමාගම බලාපොරොත්තු වේ. එය පළමුව රටවල් 27 ක Nokia 1.3 පරිශීලකයින් වෙත යොමු කරනු ඇත. ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ මෙම නව පහසුකම් ලබා ගැනීම සඳහා ඔබට Google Play Store වෙත ගොස් Camera Go app - update කළ හැකිය.

Source: Google official blog, XDA Developers