Loading...
Windows 11 සඳහා ඉදිරියේදි ලබා දීමට නියමිත update එකට ඇතුලත් නවතම පහසුකම් 6 මෙන්​න

Microsoft සමාගම මේ වෙනවිට Windows 11 සඳහා නවතම විශේෂාංග කිහිපයක් සුදානම් කරමින් සිටින බව වාර්තා වනවා.

පළමු Windows 11 නිකුතුවේදී නොතිබූ ඇතැම් විශේෂාංග ඇතුළත් කරමින්, ඒ සමගම නව විශේෂාංග ද එකතු කරමින්, නව Insider Build එකක් (සාමාන්‍ය මහජන නිකුතුවට පෙර) ළඟදීම නිකුත් වන බවට දැන් තහවුරු වී තිබෙනවා.

මේ එලෙස නිකුත් වන "Beta" සංස්කරණයේ ඇතුළත් විය හැකි විශේෂාංග සම්බන්ධවයි.

Start Menu Folders

Mobile OS වල මෙන් app icon එකක් තවත් app icon එකක් මතට ඇද දැමු විට (dragging) ඒවා folder එකකට group වන විශේෂාංගයක් ඒමට නියමිතයි.

දැනටමත් මේ සඳහා 3rd party apps තිබෙනවා. Source: Windows Central

නව start menu එකෙහි තිබෙන සීමිත ඉඩ නිසා මෙම විශේෂාංගය බොහෝ දෙනා විසින් ඉල්ලන ලද්දක් ලෙසයි පැවසෙන්නේ.

Snap Bar

Windows 11 සමඟ නිකුත් වූ නව විශේෂාංගයක් වන Window Snap option එක නව විශේෂාංග සමඟ update කිරීමට නියමිත බව පැවසෙනවා. ඒ එයටම වෙන්වූ panel එකක් (bar එකක්) සමඟිනුයි.

එයත් සමඟ Maximize icon එක වෙත ගොස් snap කිරීමට අමතරව window snap කිරීම සඳහා තවත් ආකාරයක් එකතු වේවි.

Windows 11 Aero (?)

ඔබට මතක ඇති Windows Vista හා 7 වලදී Window වල title bar එක විනිවිද පෙනෙන ලෙස සැකසී තිබු අයුරු. Windows 8 හි නව "metro" design රටාවත්  සමඟ එම විනිවිද පෙනෙන UI පරම්පරාව නතර වුවා. කෙසේ හෝ Windows 10 සමඟ නිකුත් වූ "Fluent" design language එකත් සමඟ acrylic/blur රටාවන් නැවත භාවිතයට පැමිණ තිබෙනවා.

Windows මගින් නිකුත් කළ වීඩියෝවක පෙනෙන්නට තිබු Blurred Title Bar. Source: Microsoft 

එසේ අළුත් වූ පැරණි Aero theme හිදී මෙන් නව blur වලට ගැලපෙන පරිදි (Fluent) Windows හි title bars විනිවිද පෙනෙන ලෙස සකසා තිබෙනවා.

Tablets සඳහා gestures

ඉක්මනින් Start menu, action centre, quick setting panel ආදිය විවෘත කරගැනීම සඳහා tablet mode එක වෙත නව gestures කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

Screen එකෙහි ඕනෑම තැනකින් එම swipe කිරීම් කළ විට මෙම panels විවෘත කරගැනීමට එවිට හැකි වනු ඇති.

Taskbar

Windows 10 හි තිබු නමුත් 11 හි නොතිබූ තවත් function එකක් ලෙස taskbar එකෙහි icon එකක් වෙත file එකක් drag-and-drop කිරීම හඳුන්වන්න පුළුවන්. එලෙස ඉවත් කළ පහසුකම දැන් නැවත Windows 11 සඳහා එකතු කිරීමට යන බව වාර්තා වනවා.

එසේම taskbar එකෙහි තිබෙන icon ප්‍රමාණය වැඩි වන විට ඒවා එකලස් කොට පෙන්වීමේ UI එකද වැඩි දියුණු කර තිබෙනවා.

Source: Twitter

තවත්?

කෙසේ හෝ මෙම විශේෂාංග වලට අමතරව තවත් බොහෝ දේ developer team එක සුදානම් කරමින් සිටිනවා වන්නට පුළුවන්. මේ ළඟදීම එලෙස නිකුත් වීමට නියමිත යැයි සැලකෙන සියලු විශේෂාංග ඇතුළත් ලැයිස්තුවක්.

  • App folders in Start
  • Drag and drop on Taskbar
  • Quick Settings / Notification Center improvements
  • Pinned files in File Explorer
  • Acrylic title bars
  • Snap Bar snapping UX
  • Gestures for Start/Quick Settings using touch
  • New live captions feature

කෙසේ හෝ මෙම වසරේ මැද නිකුත් වීමට නියමිත ප්‍රධාන Windows 11 update එකක් වන "Sun Valley 2" සඳහා Microsoft සමාගම සුදානම් වන බව හොඳින්ම පෙනෙන අතර, ඒ වන විට තවත් විශේෂාංග සහ updates ගණනාවක් එකතු වනු ඇති.

Source: Windows Central