Loading...
Smart devices මිලදී ගන්නකොට smart වෙන්නෙ කොහොමද?

මේ වෙද්දි අපි හැමෝම smart devices පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ smart devices කාණ්ඩයට අපි පාවිච්චි කරන laptop, desktop computers, smart watch වගේ උපාංග අයත් වෙනවා . මේ වෙද්දි අපි එදිනෙදා පාවිච්චි කරන බොහෝ උපකරණ ස්මාට් උපාංග විදිහට වෙනස් වෙලා වෙළඳපොළට ඇවිත් තියෙනවා. උදාහරණ විදිහට ශීතකරණ, වායු වායුසමීකරණ වගේ දේවල්.

ඉතින් අපි මේ ස්මාට් උපාංග පරිහරණය කරනවා වගේම මේවා හරියට මිලදී ගන්නත් අපිට පුංචි දැනුමක් තියෙන්න ඕන. මේ ගැන කතා කරද්දි පහළ තියෙන කාරණා පොඩ්ඩක් හොයලා බැලුවොත් අපිට ගැලපෙන device එකක් තෝරගන්න අමාරු වෙන්නේ නෑ.


අවශ්‍යතාවය (Requirement)

මේක තමයි පලවෙනි සහ වැදගත්ම පොයින්ට් එක, මේ වෙද්දි තියෙන ගොඩක් devices වලින් විවිධාකාර වැඩ ගොඩක් එක පාර කරගන්න පුලුවන්. නමුත් බොහෝ devices හදලා තියෙන්නේ කාර්යයන් කිහිපයකට උපරිමයෙන් සහය දක්වන විදිහට,  මේක තව දුරටත් විස්තර කළොත්, ඔයා programming  කරන කෙනෙක් නම් ඔයාට ස්මාට් ෆෝන් එකකට වඩා programming වලට ගැලපෙන්නෙ ලැප්ටොප් එකක් හෝ desktop computer එකක්, ඉතින් device එකක් ගන්නවනම් ඔයාගේ අවශ්‍යතාවය පැහැදිලිව අඳුර ගන්න එක ඉතාම වැදගත්.

බජට් එක (Budget)

මේක තවත් වැදගත් පොයින්ට් එකක්, ඔයා device එකක් ගන්න කල්පනා කරනවා නම් ඉස්සෙල්ලාම බලන්න ඕනේ බජට් එක, උදාහරණයක් විදිහට ඔයා ගාව රුපියල් පනස් දාහක් තියෙනවා නම් පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ඔයාගේ ඒ අතේ තියෙන ගානට ගැලපෙන device එකක් සහ ඔයාට ඒ ඩිවයිස් එකේ නඩත්තු එහෙම කරගන්න පුලුවන් මූල්‍යමය හැකියාවක් තියෙනවද කියල. පොඩි උදාහරණයක් ගත්තොත් ඔයා ප්‍රින්ටර් එකක් ගන්නවනම් බලන්න ඕන ඒ device එකේ cost එක වගේම  Ink/Toner වලට යන වියදම සහ එක රීෆිල් එකකින් කොච්ච්ර පිටු ප්‍රමාණයක් ප්‍රින්ට් කර කරගන්න පුළුවන්ද කියන කාරණය.

කාර්යසාධනය (Performance)

මෙතනදි ඔයා බලන්න ඕනේ ඔයා වියදම් කරන මුදලට සාපේක්ෂව සහ ඔයාගේ අවශ්‍යතාවයට සරිලන විදිහට ඒ උපාංගයේ කාර්ය සාධනය (Performance) කොයිවගේද කියලා, උදාහරණයක් විදිහට laptop එකක් නම් CPU එක, RAM එක, Graphic memory capacity/memory type එක, hard drive capacity / hard drive type එක කියන කාරණා වැදගත් වෙනවා. ඒ වගේම ඔයාගේ උපාංගයට විශේෂ වෙන කාරණා සහ අවශ්‍යතාවය ගැනත් සැලකිලිමත් වෙන්නම ඕන.

කල්පැවැත්ම (Durability)

මේ තමයි ඊළඟ පොයින්ට් එක, අපි යම්කිසි device එකක් මිලදී ගන්නේ දවසකට දෙකකට පාවිච්චි කරන්න නෙමෙයි, බොහෝ වෙලාවට අවුරුද්දක් දෙකක් වගේ හෝ ඊට වඩා කාලයක් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දල වශයෙන් ගත්තොත් අපි පාවිච්චි කරන laptop computer එකක් නම් ආයු කාලය අවුරුදු 3 ත් 5 ත් අතර වෙනවා. ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි නිෂ්පාදකයා විසින් එම device එකට දීලා තියන Safety features සහ Durability features. ඒ වගේම කල්පැවත්ම කියන පොයින්ට් එක භාවිතය සහ උපාංගයේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුලුවන්. ඉතින් මේක ගැන  අදහසක් ගන්න පුලුවන් හොඳම විදිහ තමයි පාවිච්චි කරපු අයගේ user experience සහ reviews බලන එක. මේකට ඔයාලට අන්තර්ජලයේ තියෙන forums, communities පාවිච්චි කරන්න පුලුවන් වගේම YouTube එකත් පාවිච්චි කරන්න පුලුවන්. මේ ඕනම දෙයක් දැනගන්න Android වැඩකාරයෝ Community එකත් විවෘතයි.

නිශ්පාදකයා / සන්නාමය (Manufacturer / Brand)

මේ පොයින්ට් එක නම් තරමක් වැදගත් පොයින්ට් එකක්, මොකද කියනව නම් අපි යම්කිසි ඩිවයිස් දෙකක් ගත්තොත් නිශ්පාදකයන් දෙන්නෙකුගේ මිල පරාසයක තියෙන, බොහෝ වෙලාවට මේ දෙක ඩිසයින් එක අතින් වෙනස් උනත් කාර්යයසාධනය අතින් සමානයි. ඒ වගේම මෙතනදි තමන් ගන්න යන ඩිවයිස් එකේ බ්‍රෑන්ඩ් එකත් බලන එක වටිනවා. සමහර නිශ්පාදකයන් එයාලගේ බ්‍රෑන්ඩ්ස් වලටම ආවේනික ෆීචර්ස්, ඩිසයින් වලට උපාංග නිර්මාණය කරනවා. ඒ වගේම සමහර නිශ්පාදකයන් හා සන්නාම එක විශේෂ උපාංග නිර්මාණයට ප්‍රසිද්ධියක් උසුලන නිසා. (SISIL - ශීතකරණ), මෙතැනදි අපි device එකක් ගනිද්දී ප්‍රධාන වශයෙන් compare කරලා බලන්න ඕන manufacturer / brands අතර තියෙන උඩ කියල තියෙන වෙනස්කම්.

වගකීම / වෙලෙන්දා (Warranty / Seller)

මේ පොයින්ට් එක නම් අපි device එකක් මිලදී ගන්න යද්දි අවශ්‍යම පොයින්ට් එකක් විදිහට සලකන්න පුළුවන්. මෙතැනදී වගකීම කියන එකෙන් අදහස් වෙන්නේ අපි device එකක් මිලදී ගනිද්දී ඒ device එකේ manufacturer විසින් අපිට ලබාදෙන වගකීම් සහතිකය, ඔයා අනිවාර්යෙන්ම device එකක් මිලදී ගන්නවා නම් මේ වගකීම් සහතිකය සහ වගකීම් ප්‍රතිපත්ති සහ කොන්දේසි (Warranty Policies and Terms) කියන කොටස කියවල බලන එක ඉතාම වැදගත්. මොකද මේ කොටසේ උපාංග පාවිච්චි කරන්න ඕනේ ආකාරය සහ විවිධ පාරිසරික තත්ත්වලදී පාවිච්චි කරන්න ඕන ආකාරය වගේම නිශ්පාදකයා විසින් උපාංගයට ලබාදෙන වගකීමේ ස්වභාවය පිළිබඳ පැහැදිලි විස්තරයක් ඔයාට ලබාගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ කාරණය තමයි අපි මේ උපාංග මිලදී ගන්නා seller එහෙම නැත්නම් වෙළෙන්දා බලයලත් අලෙවි නියෝජිතයෙක් හෝ බලයලත් බෙදාහරින්නෙක් විය යුතුය කාරණය. මෙතැනදී ඔයාල මේ මිලදීගන්න උපාංගය ඉතාමත් විශ්වාසදායී ලෙස මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

මීට අමතරව නිවැරදිව Smartphone එකක් මිලදී ගන්නා ආකාරය සහ smartphone එකක් මිලදී ගන්නා විට සැලකිලිමත් විය යුතු warranty එක ගැන නිවැරදිව දැනගන්න අපි විසින් ලියපු ලිපි කියවන්න.