Loading...
MediaTek Chipset සහිත උපාංග මිලියන ගණනක් අවදානමට හෙළන ලද ආරක්ෂක දෝෂයක් සොයා ගැනේ

මාස්පතා Google සමාඟම විසින් එළිදක්වන Android Security Bulletin ලෙසින් හඳුන්වන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල ආරක්ෂාව පිළිබඳ වාර්තාව මඟින් මෙම විශාල ආරක්ෂක දෝෂය මහජනයා වෙත හෙළි කරන ලදි.

CVE-2020-0069 ලෙස හැඳින්වෙන මෙම දෝෂය 2019 වසරේ අප්‍රේල් මස සිට XDA Developers අඩවියේ කතා බහට ලක්වී ඇති අතර එකල MediaTek සමාඟම විසින් එම දෝෂය සමනය කරන Security Patch එකක් ලබාදී ඇතත් එය සාර්ථක වී නොමැති අතර, එම දෝෂය උපකාර කරගනිමින් අද මේ මොහොත දක්වාම අදාළ Mediatek චිප්සෙට් සහිත උපාංග හැකර් වරුන් විසින් පාලනයට නතු කරගෙන ඇත.

Image: ElectronicsB2B

Mediatek සමාඟම මේ වන විට මෙම දෝෂය සමනය කරන ලෙස Google සමාඟමින් ඉල්ලා ඇති නමුත් මේ වන විටත් මිලියන ගණනක් වූ Mediatek චිප්සෙට් සහිත ඇන්ඩ්‍රොයිඩ් උපාංග උක්ත දෝෂය හේතුවෙන් අවදානමක පවතී.

XDA Developers යනු ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල විවිධ වූ වැඩිදියුණු කිරීම් පිළිබඳව සාකච්ඡා කරන වෙබ් අඩවියකි. එහි දුරකථන Root කිරීම ආදී දේවල් ගැන කතා බහ කෙරේ. Amazon සමාඟම විසින් එළිදක්වන ලද Amazon's Fire නම් Android ටැබ්ලට් උපාංගය මෙලෙස වැඩිදියුණු කිරීම් සිදු කරන Developers ලාගේ අවදානයට ලක් වූ උපාංගයකි. එයට හේතුව වන්නේ එහි ඇති අඩු මිලත්, විශාල අනවශ්‍ය මෘදුකාංග (bloatware) තොගයත්, එහි ඇති දැඩි ආරක්ෂක පිළිවෙතත් ය. Amazon සමාඟම විසින් එම උපාංගය Root කිරීම ආදී modifications සිදු කළ නොහැකි වන ලෙස Lock කරන ලද bootloader එකක් සහිතව වෙළඳපල වෙත නිකුත් කර ඇත.

Amazon Fire Tablet. Image: GSMArena

මෙම Tablet උපාංගයේ Bootloader එක unlock කර modifications හෙවත් වැඩිදියුණු කිරීම් සිදු කිරීම සඳහා ක්‍රමයක් සොයමින් සිටි එක් XDA Developers සාමාජිකයෙක් හට මෙහි ඇති Mediatek චිප්සෙට් එකේ ඇති ඉහත කී දෝෂය අනාවරණය වී ඇත. එය XDA Developers අඩවියේ ප්‍රසිද්ධ කෙරුණු අතර, එම දෝෂය අදාළ උපාංගයට පමණක් සීමා වූ දෝෂයක් නොවන බවත්, Mediatek චිප් සෙට් සහිත බොහෝ ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට පොදු දෝෂයක් බවත් අනාවරණය කරගන්නා ලදි.

මෙලෙස අනාවරණය කරගත් දෝෂය, ආසන්න වශයෙන් සියළුම 64-bit Mediatek චිප්සෙට් සඳහා පොදු බව හෙළි වන ලදි. පහත දැක්වෙන්නේ එම චිප්සෙට් ලැයිස්තුවයි.

MT6735, MT6737, MT6738, MT6739, MT6750, MT6753, MT6755, MT6757, MT6758, MT6761, MT6762, MT6763, MT6765, MT6771, MT6779, MT6795, MT6797, MT6799, MT8163, MT8167, MT8173, MT8176, MT8183, MT6580, MT6595.

මෙම දෝෂය හරහා අදාළ චිප්සෙට් සහිත උපාංග වල Root Access ලබා ගැනීම ඉතා පහසුවෙන් සරල script එකක් භාවිතා කළ සිදු කළ හැකිය. පහත දැක්වෙන්නේ එහි ඇති සරල පියවර කීපයයි.

මෙලෙස root access ලබා ගැනීමේ script එක XDA Developers අඩවියේ පරිශීලකයන් විසින් MediaTek-su (mtk-su) ලෙස හඳුන්වන ලදි.

පහත දැක්වෙන සියළු දුරකථන මාදිලි වලදී MediaTek-su ස්ක්‍රිප්ට් එක භාවිතා කර root access ලබාගත හැකි බව XDA Developers අඩවියේ පරිශීලක පිරිස විසින් සනාථ කර ඇත.

  1. Acer Iconia One 10 B3-A30
  2. Acer Iconia One 10 B3-A40
  3. Alba tablet series
  4. Alcatel 1 5033 series
  5. Alcatel 1C
  6. Alcatel 3L (2018) 5034 series
  7. Alcatel 3T 8
  8. Alcatel A5 LED 5085 series
  9. Alcatel A30 5049 series
  10. Alcatel Idol 5
  11. Alcatel/TCL A1 A501DL
  12. Alcatel/TCL LX A502DL
  13. Alcatel Tetra 5041C
  14. Amazon Fire 7 2019 — up to Fire OS 6.3.1.2 build 0002517050244 only
  15. Amazon Fire HD 8 2016 — up to Fire OS 5.3.6.4 build 626533320 only
  16. Amazon Fire HD 8 2017 — up to Fire OS 5.6.4.0 build 636558520 only
  17. Amazon Fire HD 8 2018 — up to Fire OS 6.3.0.1 only
  18. Amazon Fire HD 10 2017 — up to Fire OS 5.6.4.0 build 636558520 only
  19. Amazon Fire HD 10 2019 — up to Fire OS 7.3.1.0 only
  20. Amazon Fire TV 2 — up to Fire OS 5.2.6.9 only
  21. ASUS ZenFone Max Plus X018D
  22. ASUS ZenPad 3s 10 Z500M
  23. ASUS ZenPad Z3xxM(F) MT8163-based series
  24. Barnes & Noble NOOK Tablet 7″ BNTV450 & BNTV460
  25. Barnes & Noble NOOK Tablet 10.1″ BNTV650
  26. Blackview A8 Max
  27. Blackview BV9600 Pro (Helio P60)
  28. BLU Life Max
  29. BLU Life One X
  30. BLU R1 series
  31. BLU R2 LTE
  32. BLU S1
  33. BLU Tank Xtreme Pro
  34. BLU Vivo 8L
  35. BLU Vivo XI
  36. BLU Vivo XL4
  37. Bluboo S8
  38. BQ Aquaris M8
  39. CAT S41
  40. Coolpad Cool Play 8 Lite
  41. Dragon Touch K10
  42. Echo Feeling
  43. Gionee M7
  44. HiSense Infinity H12 Lite
  45. Huawei GR3 TAG-L21
  46. Huawei Y5II
  47. Huawei Y6II MT6735 series
  48. Lava Iris 88S
  49. Lenovo C2 series
  50. Lenovo Tab E8
  51. Lenovo Tab2 A10-70F
  52. LG K8+ (2018) X210ULMA (MTK)
  53. LG K10 (2017)
  54. LG Tribute Dynasty
  55. LG X power 2/M320 series (MTK)
  56. LG Xpression Plus 2/K40 LMX420 series
  57. Lumigon T3
  58. Meizu M5c
  59. Meizu M6
  60. Meizu Pro 7 Plus
  61. Nokia 1
  62. Nokia 1 Plus
  63. Nokia 3
  64. Nokia 3.1
  65. Nokia 3.1 Plus
  66. Nokia 5.1
  67. Nokia 5.1 Plus/X5
  68. Onn 7″ Android tablet
  69. Onn 8″ & 10″ tablet series (MT8163)
  70. OPPO A5s
  71. OPPO F5 series/A73 — Android 8.x only
  72. OPPO F7 series — Android 8.x only
  73. OPPO F9 series — Android 8.x only
  74. Oukitel K12
  75. Protruly D7
  76. Realme 1
  77. Sony Xperia C4
  78. Sony Xperia C5 series
  79. Sony Xperia L1
  80. Sony Xperia L3
  81. Sony Xperia XA series
  82. Sony Xperia XA1 series
  83. Southern Telecom Smartab ST1009X (MT8167)
  84. TECNO Spark 3 series
  85. Umidigi F1 series
  86. Umidigi Power
  87. Wiko Ride
  88. Wiko Sunny
  89. Wiko View3
  90. Xiaomi Redmi 6/6A series
  91. ZTE Blade A530
  92. ZTE Blade D6/V6
  93. ZTE Quest 5 Z3351S

මේ උපාංග හැර අනෙකුත් Mediatek 64-bit chipset සහිත උපාංග සඳහා ද අවශ්‍ය නම් scripts ලිවිය හැකි බව මේ වන විට සොයාගෙන ඇත.


මෙම දෝෂය සුළුවෙන් තැකිය හැකි ආකාරයේ දෝෂයක් නොවේ. MediaTek යනු තායිවානයේ නිපදවනු ලබන SoC වර්ගයකි. මෑතකදී ජනප්‍රිය වූ Mediatek Helio ආදී Chipset නිසා සහ අඩු මිළ නිසා මෙම chipset සහිත උපාංග බොහෝ සෙයින් වෙළඳපල වෙත පැමිණෙන ලදි. කෙසේ නමුත් ඉදිරියේදී මේ සඳහා කිසියම් විසඳුමක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

වැඩි විස්තර අවශ්‍ය අයෙක් හට එම විස්තර XDA Developers අඩවිය හරහා ලබාගත හැක.

Source: xda-developers.com