මේ කොටස වෙන්වෙනේ කස්ටම් රොම් හා කස්ටම් රිකවරි හා බූට්ලෝඩර් එක ගැන. ඒ ගැන පැහැදිලි කිරීම් කරන්න ඕන. ඒනිසා ඊලග කොටසින් කස්ටම් රිකවරි/රොම් ඉන්ස්ටෝල් කරන හැටි ගැන කියන්නම්.

Custom ROM

ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඕපන් සෝස් ඕඑස් එකක්නේ. ඒකියන්නේ ඕන කෙනෙක්ට ඇන්ඩ්‍රොයිඩ් මොඩ් කරන්න පුලුවන්. ඒවගේම ඒ මොඩ් කරපු එක බෙදාහරින්නත් පුලුවන්.

සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් වලට ෆෝන් එකක ඉන්ස්ටෝල් උනාට පස්සේ තවත් ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න බෑ වින්ඩෝස් හෝ ලිනක්ස් වලට වගේ. ඒනිසා ඇන්ඩ්‍රොයිඩ් වල කර්නල් එක ඒ ඒ ෆෝන් එකේ හාඩ්වෙයා මත රැදෙනවා. අන්න ඒනිසා එක ෆෝන් එකක ඕඑස් එක කෙලින්ම තව එකකට ඔබන්න බෑ.

ඉතින් හාඩ්වෙයා එක හදන කෙනා එවන ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එක වෙනුවට අපිට ඕන ඕන හැටියට ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් දාන්න බෑ. මොකද අර හාඩ්වෙයා වල ඩ්‍රයිවර්ස් ටික ඕන නිසා. සාමාන්‍යයෙන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හදන කොම්පැනි තමංගේ ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකේ කර්නල් එකේ කෝඩ් ටික නිදහස් කරන්වා. මේ කෝඩ් ටිකේ තමා ඩ්‍රයිවර්ස් ටිකත් තියෙන්නේ.

මූලිකව ගත්තම ඒ ඩ්‍රයිවර්ස් ටික අලුත්  ඇන්ඩ්‍රොයිඩ් කර්නල් එකකට ආපහු කම්පයිල් කරලා අලුත් කර්නල් එකක් හදන්න පුලුවන්. ඒ කර්නල් එක ඒ අදාල ෆෝන් එකේ වැඩකරනවා. මේ විදිහට කර්නල් එක හැදුවට පස්සේ  කැමති නම් ඇන්ඩ්‍රොයිඩ් මොඩ් එකකට මේ කර්නල් එක සෙට් කරලා අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකක් ඒ ෆෝන් එකට වැඩකරවන්න පුලුවන්.

ආන්න ඒක තමා කස්ටම් රොම් එක කියන්නේ!

එතකොට මේ අලුත් ඕඑස් එක අනිවාර්යයෙන් තම තමංගේ ෆෝන් වලට විශේෂයෙන් පෝර්ට් කරලා තියෙන්න ඕන. ඒකිව්වේ අර කරනල් එක හා තවත් පොඩි ඇජස්ට්මන්ට් ටිකක් අදාල ෆෝන් එකට ගැලපෙන විදිහට හදන්න ඕන. ආන් ඒනිසා තමා ෆෝන් එකට අනිවාර්යයෙන් රොම් එක ගැලපෙන්න ඕන.

අනික මේ රොම් එකේ සම්පූර්ණයෙන් ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එක නැතිවෙන්න පුලුවන්. මොකද සාමාන්‍යයෙන් ඕඑස් එකේ මූලික ටික මාරු කලාම ඇති. ඉතුරු වෙලා තියන සමහර කොටස් මාරු කරන්න ඕන නෑ. ඒනිසා තමා සමහර කස්ටම් රොම් 500MB ට වඩා ගොඩාක් අඩු වෙන්නේ.

ඉතින් කස්ටම් රොම් එකක ඇති වැඩේ මොකක්ද?

මෙහෙමයි. ඒක ටිකක් සංකීර්ණ කතාවක්. මොකද සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆන්ක්ශන්ස් ෆෝන් එක හදන කෙනා එයාගේ ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකට දාන්නේ නෑ. (උදා : Int.d, syslinux permissive, etc….)

තවත් එකක් තමා අලුතම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක ගන්න. ෆෝන් එක හදන කෙනා අපිට අප්ඩේට් එල නොදුන්නොත් අපිට පුලුවන් කස්ටම් රොම් එකකින් අප්ග්‍රේඩ් වෙන්න.

තව ගොඩාක් තියෙනවා. සේරම ඉතින් කියන්න ගියොත් පෝස්ට් එකේ දිග වැඩිවෙනවා. ගූගල් පාවිච්චි කරලා ඒවා දැනගන්න පුලුවන්.

මෙහෙම කස්ටම් රොම් හදන ප්‍රසිද්ධම සමාගම් හෝ කන්ඩායම ගනනක් ඉන්නවා. Linage (කලින් Cynogen), Ressurection වගේ. අනික මෙයාලා ගොඩක් ෆෝන් වලට විශේෂයෙන් තමංගේ රොම් එක කම්පයිල් කරනවා. ඒනිසා ජනප්‍රිය ෆෝන් වලට ලේසියෙන් රොම් හොයාගන්න පුලුවන්. ඒ නැතත් අනිත් ෆෝන් වලට මේ රොම් පෝට් කරන අය ඉන්නවා.

මතක තියා ගන්න කවදාවත් මේ කස්ටම් රොම් මුලින් තිබ්බ ස්ටොක් රොම් වගේ හොදට වැඩ කරන්නේ නෑ. මොකාක් හරි අව්ලක් එනවාමයි.

සාමාන්‍යයෙන් හුවාවි/හොනර් ෆෝන් වලට කස්ටම් රොම් අඩුයි. හේතුව තමා හුවාවිලා එයාලගේ Hisillicon Soc එකේ කර්නල් වල සෝස් කෝඩ් රිලීස් කරන්නේ නෑ. ඒනිසා ඩ්‍රයිවර්ස් හොයාගන්න බෑ. නමුත් යම්තරමක් කස්ටම් රොම් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි කොහෙන් හරි අවුල් කීපයක් යනවාම තමා.

මේවගේ රොම් හොයාගන්න පුලුවන් xda-developers.com එකෙන් ඊට අමතරව ප්‍රසිද්ධම රොම් හදන අයගේ සයිට් වලත් බලන්න පුලුවන්.

Custom Recovery

මුලින් පෝස්ට් එකක කිව්වා රිකවරිය ගැන. ඉතින් අමුතුවෙන් රිකවරිය කරන දේ ආපහු කියන්න ඕන නෑ. සාමාන්‍යයෙන් හැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේම රිකවරියක් තියෙනවා. ඒකට යන්න ෆෝන් එක ඔන කරන්න ඕන විශේෂ ක්‍රමයක් තියෙනවා. ෆෝන් එකෙන් ෆෝන් එකට ක්‍රමේ වෙනස්. ඒනිසා තමංම ඒක හොයාගන්න.

සාමාන්‍යයෙන් මේ ෆෝන් එකට එන රිකවරියෙන් පුලුවන් ෆෝන් එක රීසෙට් කරන එක විතරයි. සමහර වෙලාවට සොෆ්ට්වෙයා ෆුල් අප්ඩේට් ගහන්නත් පුලුවන්. නමුත් කස්ටම් රිකවරියකින් මේ දේවල් වලට අමතරව වෙනත් ගොඩාක් දේවල කරන්න පුලුවන්. උදාහරණ විදිහට,

  • රොම් ඉන්ස්ටෝල් කිරීම
  • රූට් කිරීම
  • බැකප් කිරීම
  • කර්නල් ඉන්ස්ටෝල් කිරීම
  • Nuke-Wipe කිරීම
  • ස්ක්‍රිප්ට් ඉන්ස්ටෝල් කිරීම
  • මොඩ් ඉන්ස්ටෝල් කිරීම

මේ කීපයක් විතරයි.

කස්ටම් රිකවරියක් හදන එකත් කස්ටම් රොම් එකක් හදනවා වගේම තමා. හැබැයි ෆෝන් එකේ ඩ්‍රයිවර්ස් ඔක්කෝම ඕන නෑ. අනික ෆෝන් එකේ ස්ටොරේජ් බ්ලොක් තමා ඕන. ඒනිසා රිකවරියත් ෆෝන් එකේ හාඩ්වෙයා මත රදාපවතිනවා.

දැනට මෙහෙම හදන ගොඩාක් ප්‍රසිද්ධ recovery 2ක් තියෙනවා

  1. TWRP
  2. CWM

මේ දෙකෙනුත් හොදම එක මගේ මතයට අනුව TWRP.

ඊලගට කියන්නේ බූට්ලෝඩර් එකගැන. බූට්ලෝඩර් එක තරමක් රිකවරි එකට සමාන කරන්න පුලුවන්. නමුත් බූට්ලෝඩර් එක රොම් එකෙන් හා රිකවරියෙම් වෙන් වෙලා තියෙනවා.

අපිට කස්ටම් රොම් එකක් ගහන්න නම් කස්ටම් රිකවරියක් ඕන. කස්ටම් රිකවරිය ගහන්නේ සාමාන්‍යයෙන් ADB එකෙන්. රිකවරිය ගහන්න නම් මුලින් බූට්ලෝඩර් එකට බූට් කරන්න ඕන. එතකොට තමා රිකවරි එක අන්මවුන්ට් වෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් මෙහෙම කරන එක නවත්තන්න ෆෝන් එක හදන අය බූට්ලෝඩර් එකට තහනම් නියෝගයක් දීලාතියෙන්නේ.
එකට කියන්නේ බූට්ලෝඩර් ලොක් කියලා. හැබැයි ලොක් නම් අන්ලොක් කරන්න පුලුවන්.

මේ අන්ලොක් කරන විදිහ  සාමාන්‍යයෙන් ෆෝන් නිශ්පාදකයාගෙන් නිශ්පාදකයට වෙනස්. කොහොම උනත් ඒක අන්ලොක් නොකර කස්ටම් රිකවරියක් ගහන්න අමාරුයි. ඊලග පෝස්ට් එකෙන් මම කස්ටම් රිකවරි හා කස්ටම් රොම් ගහන හැටි සවිස්තරාත්මකව කියන්නම්.

මං දාන්නේ ක්‍රමේ විතරයි.

හැබැයි ඒවා කරන්න ගිහිල්ලා වරද්දගෙන ෆෝන් එකේ බූට්ලූප් හදාගන්න එකට නම් මට බනින්න එපා.