Loading...
Google AdSense හරහා මුදල් උපයන්න වෙබ් අ​ඩවිය නිර්මාණය කරන්න Domain සහ hosting තෝරාගන්නේ කොහොම​ද?

අපි AdSense ගැන කරන Article series එකේ දෙවනි article එකට තමයි දැන් ඇවිල්ලා තියෙන්නෙ. කලින් ලිපියේ සඳහන් කර​පු විදිහටම මේ article එකෙන් කතා කරන්නෙ Domain සහ Hosting ගැන.

පළවෙනි article එක කියෙව්වානම් Domain ස​හ Hosting කියන්නෙ මොනවද කියලා මේ වෙනකොටත් ඔයාලා දන්නවා. කලින් එක කියෙව්වෙ නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කියවලා එන්න.

ඉතිං අපි Domain, Hosting ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් Google AdSense කියන්නෙ මොකක්ද ඒවගේම ඒකෙන් මොකක්ද වෙන්නෙ කියලා කතා කරමු.

Story of the Google AdSense

Google මුලින්ම නිර්මාණය වු​නේ search engine එකක් විදිහට. ඉතින් ටිකෙන් ටික google එක use කරන අය වැඩි වේගන යනකොට මෙයාලා අලුත් අලුත් services හදුන්වා දුන්නා. Google Ads සහ Google AdSense කියන්නෙ ඒ වගේ services දෙකක්.

ඉස්සර Google එකට පුලුවන් උනේ කවුරු හරි මොනවා හරි search කරලා result එනකොට, අන්න ඒ result එන තැන advertise කරලා income එකක් generate කරගන්න. ඊට පස්සෙ google ලා කල්පනා කරා එයාලගෙ user base එකෙන් ඊට වඩා වැඩක් ගන්න පුලුවන් නේද කියලා. ඉතින් google ලා මෙන්න මේ අපි කතා කරන AdSense සහ Google Ads හදුන්වා දුන්නා. ඇත්තටම AdSense කියන්නේ Google සමාගමේ සේවය කරන අයගේ side project එකක් ප්‍රතිඵලයක්.

Google එකෙන් websites කරන අයට google AdSense හදුන්වා දුන්නා. ඒ වගේම තමයි බිස්නස් කරන අයට තමන්ගෙ බිස්නස් එක ප්‍රමෝට් කරගන්න Google Ads හදුන්වා දුන්නා.

දැන් ඔයා හිතන්නකෝ ඔයාට website එකක් තියනවා කියලා. ඒකට දිනපතා සැලකිය යුතු පිරිසක් ඇවිත් website එකේ තියන ඒවා කියවනවා. ඉතින් google හදුන්වා දීපු AdSense program එකට ඔයා ඔයාගෙ website එක ඉදිරිපත් කරලා ඔයාට AdSense service එක google එකෙන් ලබා දෙනවා. එතකොට ඒ වෙලාවෙ ඉදලා ඔයාගෙ website එකට එන අයට google Ads වලින් ගන්න එක එක Ads පෙන්නනවා. ඉතින් ඒ එන කෙනෙක් ඒ Ad එකක් ක්ලික් කලොත් ඒ Ad එක දීපු ආයතනය google එකට ගෙවනවා. අන්න ඒ google එකෙන් ගන්න ගානෙන් කොටසක් website එක අයිති ඔයාට දෙනවා. සරලවම google AdSense වල කතාව තමයි ඕක.

Domain එකක් ගන්න කලින් හිතන්න ඕනි දේවල්

ඔයාලා මේ වෙනකොට දන්නවානේ Domain එක කියන්නෙ මොකක්ද කියලා. ඉතින් අපි ගොඩක්ම හිතල බලලා කරන්න ඕනි වැඩක් ත්මයි Domain එක තෝරගන්න එක. මොක​ද අපි තෝරගන්න ඕනි අපි article දාන්න හිතන් ඉන්න field එකට එහෙමත් නැත්තම් niche එකට ගැලපෙන Domain name එකක්.මොකද ඔයා article දාන්න ඉන්නෙ ඒවට ගැලපෙන්න තමයි Domain name එක තියෙන්න ඕනි.

දැන් ඔයාට හිතෙනවා ඇති වෙන niche වලට අදාල article දාන්නම බැරිද කියලා. එහෙම දාන්න පුලුවන්. ගොඩක් හොද traffic එකක් ඔයාට එනවනම් කමක් නෑ. එහෙම මුලින් එක niche එකකින් පටන් ​අරන් දැන් හැමදේම දාන websites ඕනි තරම් තියනවා. ඒ නිසා මුලින්​ම ඔයා mainly forces කරන niche එක ගැන හිතලා ඒකට ගැලපෙන domain එකක් තෝරගන්න.

තව ඔයාලට එන ප්‍රශ්නයක් ත්මයි මොන වර්ගයේ domain එකක්ද තෝරගන්නෙ කියන එක. සාමාන්‍යයෙන් .com /.net ඩොමේන් එකක් තෝරගන්න එක හොදයි. ඒ මොක්ද කිව්වොත් .com domain හැමෝම පිලිගන්නවා. අඩුවට .xyz domains එහෙමත් තියනවා. ඉතින් ඒ domains ගොඩක් spams වලට එහෙම ගන්න නිසා traffic එන එක අඩුවෙන්න හේතුවක් වෙනවා. ඉතින් ගන්නකොට .com එකක් හරි .net එකක් හරි ගන්න.

Domain name එකක් ගන්නෙ කොහොමද?

හරිම ලේසී. Domain names sell කරන service provider කෙනෙක්ගෙ website එකකට ගියා, Account එකක් හැදුවා, ඕනි domain name එක type කරා purchase කරා.

ඒ වගේ service provide කරන websites ටිකක් තමයි මේ තියෙන්නෙ.

  1. www.namecheap.com
  2. www.godaddy.com
  3. www.porkbun.com
  4. www.hostinger.com
  5. www.hostgator.com

මම ගොඩක්ම use කරන්නෙ namecheap එකේ නිසා මම ඒකෙන් domain එක ගන්න විදිහ ඔයාලට කියලා දෙන්නම්.

Step 1 :- www.namecheap.com website එකට යන්න.

Step 2:- sign up click කරන්න

Step 3:- Details පුරවලා Create Account and continue click කරන්න

හරි ඔයා මේ steps තුන කරානම් මේ වෙනකොට ඔයාට Namecheap එකෙන් ඔයාගෙ account එකේ විස්තර ටිකත් එක්ක email එකක් ඇවිත් ඇති.

Step 4:- Menu එකේ තියන Doamins කියන එක click කරන්න

Step 5:- දැන් ඉතින් තියෙන්නෙ හොද domain name එකක් හොයාගන්න එක.ඔය ඊතලෙන් පෙන්නලා තියන search box එකේ ඔයා කැමති domain name එක type කරලා enter කරන්න

Step 6:- පළවෙනි ඊතලෙන් පෙන්නන්නෙ domain එකෙ price ඒක.දෙවනි ඊතලෙන් පෙන්නන්නෙ අනිත් වර්ග ටික.( .me/.xyz/.net/.org)

ඉස්සරෝම හොදට price එක දිහා බලන්න. මොකද සමහර ඒවා ගිනි ගනන් වලට තියනවා. එහෙම වෙන්නෙ කවුරු හරි අරන් තියාගෙන ඒ domain name එක විකුණනවානම් තමයි. නැත්තම් make an offer කියලත් වැටෙනවා සමහර වෙලාවට. ඉතින් එතකොට දැක්කෙ නෑ වගේ වෙන domain එකක් කරන්න පටන් ගන්න.

හරි දැන් ඔයාට domain name එකක් සෙට් උනා කියලා හිතමු. එතකොට දැන් ඔයා Add to cart කියන එක click කරන්න.

Step 7:- පළවෙනි ඊතලේ සහ දෙවනි ඊතලේ පෙන්නන තැන් දෙකෙන් ඔයාට cart එකට යන්න පුලුවන්. එහෙමත් නැත්තම් තුන්වෙනි ඊතලේ පෙන්නලා තියන තැන click කරලා checkout එකටම යන්න පුලුවන්

Step 8:- කෙලින්ම checkout එකට යන්නෙ නැතුව පළවෙනි / දෙවනි ඊතලෙන් පෙන්නලා තියන තැනක් click කරහම මෙහෙම ඔයාගෙ cart එක open වෙනවා.

දැන් cart එක click කරලා checkout කියන එක කරන්න

Step 9:-මේ ඇවිල්ලා තියන තැන තමයි ඔයාcoupan codes එහෙම තියනවානම් add කරන්නෙ. ඔයාට ඕනිම වෙලාවක ඔයාගෙ එකෙන් 20% අඩු කරගන්න මෙන්න මේ coupan code එක use කරන්න (COUPONFCNC). තවත් හොයාගන්න මේ link එකට යන්න. Coupan code එක coppy කරලා promo code කියන තැන paste කරලා කියන එක දෙන්න. එතකොට ඒ code එක apply වෙනවා.

හරි දැන් ඔයාලා confirm order කියන එක click කරන්න

Step 10:- මෙතනදි ඔයා ඔයාගෙ ඇත්ත විස්තර පුරවලා continue කියන එක click කරන්න. ඔයාට company එකක් නැත්ත්ම් domain එකේ name එකම එතන enter කරන්න.

Step 11:- මෙතන ඔයා මුකුත් වෙනස් නොකර continue කියන එක කරන්න.

Step 12:- දැන් ඔයා සාමන්‍ය විදිහට ඔයාගෙ card details ( visa/master) දාලා payment එක කරලා domain එක ගන්න.

ඔයාට ඔයා ගත්ත domain එක බලන්න පුලුවන් Namecheap dashboard එකට ගිහින්.එතනට යන්නෙ පහල රූපයේ තියන විදිහට උඩ තියන ඔයාගෙ user name එක උඩ click කරලා එන dropdown එකෙන් dashboard කියන එක click කරලා.

ඔයාට ඔයාගෙ domain එකේ ඔක්කොම settings හදාගන්න තියෙන්නෙ මෙන්න මේ dashboard කියන තැනට ගිහින්.අපි dashboard එක ගැන ඊළග post එකේදි හොදට කතා කරන නිසා මම දැන් ඒක ගැන කියන්න යන්නෙ නෑ. ඉතින් ඔයාට ඕනි තරම් youtube වීඩියෝ බලලා ඉගෙන ගන්න පුලුවන් ඊලග post එක එනකන් ඉන්න ඕනි නෑ.

හොද Hosting එකක් තෝරගන්නෙ කොහොමද?

Hosting එකක් කියන්නෙ මොකක්ද කියලා මම introduction article එකේ ඔයාලට කිව්වා මතක ඇති. ඉතින් hosting plans වර්ග ගොඩක් තියනවා. Shard hosting, VPS hosting, WP hosting කියලා එක එක ඒවා ගොඩක් තියනවා. ඉතින් AdSense කරන්න නම් ඔයාලට ගොඩක්ම usefull වෙන්නෙ wphosting(WordPress hosting), shared hosting කියන දෙක.

Hosting plan එකක් buy කරන්නේ කොහොමද?

Website වල තියනවා SSL Certificate කියලා එකක්. ඒක තියෙන website එකකට අපි යනකොට secured කියලා වැටෙන්නෙ ඒ SSL Certificate එක නිසා.ඒ certificate එක නැත්තම් Not Secured කියලා වැටෙනවා. ඔයාලත් මේක experince කරලා ඇති. ඉතින් මේ certificate එක Namecheapලා පළවෙනි අවුරුද්ද Free දුන්නාට දෙවනි අවුරුද්දෙ ඉදලා අපි ගෙවන්න ඕනි. ඒ නිසා මම Namecheapලගෙන් Hosting ගන්න එක Recommend කරන්නෙ නෑ.

හරි එහෙනම් මේ post එකත් මෙතනින් ඉවරයි. පුලුවන්නම් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඊලග එකෙන් අපි බලමු domain එකයි hosting එකයි connect කරලා අපේ website එක හදාගන්න හැටි.ඉතින් ඊළග සතිය වෙනකොට මගෙ youtube channel එකේ මේකෙම වීඩියෝ ටිකත් යනවා පුලුවන්නම් මේ link එකට ගිහින් subscribe කරලා තියාගන්න.