Loading...
Google AdSense හරහා මුදල් උපයන්නේ කොහොමද? පියවර අංක 01

ඔයාලට මතක ඇති අපි මීට කලින් ගෙනාපු අන්තර්ජාලය හරහා මුදල් උපයන පහසු ආකාරයන් 8ක් පිළිබඳව ලිපියක් රැගෙන ආවා. ගොඩක් දෙනෙකුගේ ඉල්ලමක් තිබ්බා ඒ ලිපියේ සඳහන් වුන Website එකක් හරහා මුදල් ඉපයීම ගැ​න විස්තර කරන්න කියල. අපි ඉතින් තීරණය කලා ඒ ගැන ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් ඔයාලට ලිපි මාලාවක් රැගෙන එන්න. මෙතනදි ඔයාලට AdSense කියන්නෙ මොකක්ද, තමන්ගේම වෙබ් අඩවියක් සාදාගන්නේ කෙසේද සහ තමන් විසින් ලියන ලිපි SEO කරන්නේ කෙසේද කියන දැන ගන්න ලැබෙනවා.

  1. Introduction; AdSense for blogs - අ​පි මෙතනදි කරන්න යන්නේ අපි මේ ඉගෙන ගන්න හදන දේ ගැ​න පොඩි introduction එකක්.
  2. Dealing with domain and hosting - දෙවන කොටසේදි අපි බලා පොරොත්තු වෙනවා ඔයාට ඕන කරන domain name එක හොයාගන්නේ කොහොමද, ඔයාගේ domain name එක select කරගන්නේ කොහොමද සහ ඔයාගේ website එක host කරන්න hosting එක ගන්නේ කොහොමද කියලා.
  3. Getting started with WordPress - මේ කොටසේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි website එක හදාගන්න භාවිතා කරන WordPress අපේ hosting එකට, එහෙමත් නැත්තම්  වෙබ් server එකට install කරගන්නේ කොහොමද කිය​ලා.
  4. Building the site - Hosting එකට WordPress install කරගත්තට පස්සේ, අපි කොහොමද WordPress හරහා අපේ website එක හදාගන්නේ කොහොමද කියලා මෙතනදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
  5. SEO article writing - අපි ලියන ආර්ටිකල් එකක් SEO කරන්නේ කොහොමද කියන එක පෛ මෙතනදි කියල දෙනවා.
  6. AdSense apply - ඔයාගේ website එක​ට AdSense apply කරන්නෙ කොහොමද?

මේ ලිපියෙන් අපි මුලින්ම කතා වෙන්න යන්නේ පළවෙනි topic එක ගැන. ඒ කියන්නේ මේ ගැන පොඩි introduction එකක් තමයි අපි මෙතනදි කතා කරන්න යන්නේ.

Introduction; AdSense for blogs

Google Adsense කියන්නේ Google සමාග​ම හා අනුබද්ධ සමාගම් වලින් එකක්. මේක දැන්වීම් ප්‍රචාරණය (Online Ads Publisher) සදහා ඉඩ කඩ ලබා දෙන ලෝකේ තියෙන ලොකුම ආයතනය. AdSense හරහා ප්‍රචාරය වන දැන්වීම් ලබා දෙන්නේ Google සමාගමේම තවත් අනුබද්ධිත සේවාවක් වන Google Adword හරහායි.

ඔබ අන්තර්ජාලය හරහා Website එකකින්  Mobile Phones විකුණන ව්‍යාපාරයක් කරනවා කියලා හිතන්න. දැන් ඔබට ​අවශ්‍යයි ඔබේ Sales වැඩිකරගන්න. ඔබ දන්නවා Sales වැඩි කරගන්න නම් Website එකට එන පිරිස වැඩිකරගන්න වෙනවා. මේ සදහා ඔබට පුළුවන් Google Adword භාවිත කරන්න. Google Adword වෙත මුදල් ගෙවා ඔබ ඔබේ ව්‍යාපාරය ප්‍රචාරණය කරනවා.

AdSense වල දැන්වීම් දර්ශනය වන්නේ කොහොමද?

AdSense හරහා Ads ප්‍රචාරය වන ආකාර කිහිපයක් තිබෙනවා.

  • Web අඩවි හරහා
  • YouTube Video හරහා
  • Mobile Applications හර​හා (මේ සඳහා භාවිතා වන්නේ AdMob නම් සේවාවක්, එයත් AdSense හා සමානව ක්‍රියාත්මක වනවා)

Google search එක හරහා පෙන්වන ads නම් දර්ශනය වන්නේ AdSense හරහා නෙවෙයි කියන එකත් කියන්න ඕනේ.

කොහොමද අපි මේක පටන් ගන්නේ?

ඔයාට මේ වැඩේ පටන් ගන්න ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන දේ තමයි වෙබ් අඩවියක්. මීට අමතරව ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ වෙබ් අඩවිය පවත්වාගෙන යාම සඳහා එක් ක්ෂේස්ත්‍රයක්. හරියට Android වැඩකාරයෝ තාක්ෂණය සහ විද්‍යාව කියන ක්ෂේස්ත්‍රය තෝරගෙන ඉන්නවා වගේ. ඉතිං ඔයාලට මූලිකවම පහත දෑ ඕන වනවා.

  1. හොදින් සොයා බලා තෝරගත් domain එක​ක්
  2. හොඳ සේවාවක් ලබාදෙන web hosting එකක්
  3. තමන් කැමති ක්ෂේස්ත්‍රයක්
  4. ලිපි ලිවීමේ හැකියාව
  5. අත් නොහරින උත්සාහ​ය

එකතු වෙන්න අපේ Telegram channel එක්​ක

Join Now

Domain එකක් කියන්නෙ මොකක්ද?

මම සරලවම කියන්නම්.ඔයා හිතන්න ඔයාට එලවලු business  එකක් කරන්න ඕනි කියලා. ඉතින් ඔයා ඒකට මුලින්​ම නමක් දාගන්න ඕනි. ඉතින් ඒ නිසා අපි ඒකට නමක් register කරගන්න ඕනි. අන්න ඒ වගේ තමයි website වලටත්. අපිට අනිවාර්යයෙන්ම ඒකෙ නම register කරගන්න ඕනි. එතකොට වෙන අයට ඒ නම use කරන්න බෑ. ඒ වගේම තමයි ඔයාටත් වෙන අය use කරන ඒවා ගන්න බෑ.

Domain වර්ග ගොඩක් තියනවා. .com, .net, .org කියන්නෙ ඒවගේ තුනක්. ඉතින් මේ ඕනිම එකක් විදිහට register කරගන්න පුලුවන් ඒ නම available  නම්. ඔයා domain එක register  කරහන්න ගෙවීමක් කරන්න ඕනි. ඒක ඔයා වාර්ෂිකව ගෙවන්නත් ඕනි. Namecheap එකේ වගේ $9කට වගේ domain එකක් ගන්න පුලුවන්

Hosting  එකක් කියන්නෙ මොකක්ද?

අපි පරණ උදාහරණෙම ගමුකො ඒකට. දැන් හිතන්නකො ඔයා අර එලවලු business  එක register  කරගත්තා කියලා. ඒත් ඔයාට එලවලු ටික දාලා විකුණන්න තැනක් ඕනි නේද. අන්න ඒකට ඔයා rent එකට ගන්නවා පොඩි කඩයක්.

ඉතින් ඒ වගේම තමයි hosting  එකේ කතාවත්. ඔයාගෙ website  එක දාලා තියන්නෙ hosting එක ඇතුලෙ. මෙන්න මේ hosting  එකටත් ඔයා ගෙවීමක් කරන්න ඕනි. ඒ වගේම තමයි වාර්ෂිකව ගෙවන්නත් ඕනි. Namecheap කියන site එකට ගිහින් ඒක බලාගන්න පුලුවන්. මේවා connect කරන විදිහයි ඒ විස්තර ටික මම ඊළග එකේ ලියනවා.

සිංහල සයිට් වලට පුලුවන්ද?

ගන්න බෑ කියලම හිතා ගන්න සිංහල content වලට.

අපි කැමති දෙයක් ගැන ලියන්න පුලුවන්ද?

ඔව්. Illegal දේවල් ගැන sex වගේ ඒවා ගැන නැතුව traveling, science, space, technology, health, geek, news වගේ දේවල් ගැන ලියන්න. මම නම් කියන්නෙ ඉතින් තනියම ලියන්න කියලා. මහ ලොකු දැනුමක් ඕනි නෑ. Grammarly free එක දාගන්න internet  එකෙන් search  කරලා කරුණු හොයන්න. ඒවා එකතු කරලා article  එක ලියන්න. ඔයාලා article  ලියනකොට තොරතුරු පිටින් ගත්තට ලියන එක unique  වෙන්න ඕනි. නැත්තම් ඔයාගේ Adsense වලට වැඩි ආයු කාලයක් නෑ.

Site එක හදාගන්නෙ කොහොමද?

මේක තමයි ලේසිම දේ. විනාඩි 10ක් යයි සයිට් එක හදන්න. Coding මුකුත් අවශ්‍ය නෑ. නිකන් software එකක් install කරනවා වගේ සීන් එකක් තියෙන්නෙ. අපි site එක හදන්නෙ WordPress කියන content management system එහෙමත් නැත්තම් CMS එක use කරලා. ඒ ගැන අපි තුන්වෙනි ලිපියෙන් ඔයාලට අරගෙන එනවා. මේ පලවෙනි ලිපිය නිසා මේකෙදි introduction එකක් විතරයි කරන්​නේ. හැබැ​යි උවමනාව තියන කෙනාට මේක කියවලා උනත් YouTube search කරලා මේ ගැන ඉගෙන ගෙන වැඩේ කරගන්න පුළුවන්.

සල්ලි හම්බෙන්නෙ කොහොමද?

මේක අන්තිමට දැම්මේ මෙතනට එනකන් කියවන්නෙ නැති අයට කොහොමත් බෑ. ඒකයි මෙතන තමයි සීන් එක ඔයාගෙ කැපවීම ඉවසීම මත මේක රදාපවතිනවා. ඔයාට article  දාගෙන යන්න වෙයි දිගටම. මොකද අපි AdSense  approve  කරගත්තහම අපේ site එකේ ads පේනවා. ඉතින් බලන්න එන අය ඒ ඇඩ් එක click කරොත් තමයි ගානක් හම්බෙන්නෙ. ඉතින් අර කිව්වා වගේ ඔයාගෙ උවමනාව, කැපවීම මත මේක තීරණය වෙනවා.ඉතින් මේතනින් මේ article  එක ඉවරයි. අනිත් එකෙන් සෙට් වෙමු.  

Adsense එකෙන් අපිට මුදල් ගෙවන්නේ කොහොමද?

මේ දේ අන්තිමටම දැම්මේ, හැමෝම මුලින්ම දෙයක් කරන්න ගියාම හොයන එකම දේ "කොච්චරක් හම්බෙනවාද?" කියන කාරණාව ගැන මිසක් කොහොමද මේ දේ හරහා සාර්ථක වෙන්නේ කියල නෙවෙයි. ඉතිං ඔයත් මීට කලින් සඳහන් කරපු කිසිම දෙයක් මඟ නොහැ​ර මෙතනට වෙනකන් කියවගෙන ආ​පු කෙනෙක් නම්, ඔයාට මේ දේ හොදින් කරන්න පුළුවන් කෙනෙක්.

AdSense සහිත වෙබ් අඩවියක් ඔබ සතුව තියෙනවා නම් සහ දැනටමත් එහි දැන්වීම් ප්‍රචාරණය කෙරෙනවා නම්, ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන අයෙකු විසින් එහි ඇති දැන්වීමක් මත click කලහොත් AdSense හරහා ඔබට කිසියම් කොමිස් මුදලක් ගෙවනු ලබනවා.

මේ ගෙවන මුදල ඔබ විසින් Adsense භාවිතා කරන platform එක මත තීරණය වනවා. ඔබ විසින් මෙහිදී සැරසෙන්නේ website එකක් හරහා මුදල් ඉපයීම ගැන සාකච්ඡා කිරීමට බැවින් අපි අවධානය යොමු කරන්නේ ඒ හරහා ඔබට ලැබෙන මුදල ගැන පමණයි. වෙබ් අඩවියක් හරහා දැන්වීමක් සඳහා වන click එකකින් Adwords වෙත දැන්වීම ලබා දෙන අය විසි​න් ගෙවනු ලබන මුදලෙන් 68%ක ප්‍රමාණයක් ගෙවනු ලබනවා.

Click එකකට කොච්චර ගෙවනවද?

සාමාන්‍යෙන් Ad Click එකක් සදහා $0.01 – $15 පමණ දක්වා ගෙවීම් සිදුකරනු ලබනවා. ඊට අමතරව සීමිත ads ප්‍රමාණයක් සඳ​හා $15 -$200 පමණ දක්වාද ගෙවන අවස්ථා පවතිනවා. වැඩිම ගෙවීමක් සිදුවෙන්නේ $0.01- $4 දක්වායි. ආසියාතික රටවල් වල visitorsලා සඳ​හා $0.01 -$0.40 බොහෝ විට ගෙවීම් සිදුවේ. ඇමරිකාව, යුරෝපය වැනි රටවල් සඳ​හා $1 වැඩි ප්‍රමාණයක් බොහෝ විට ලැබෙයි.