Loading...
Google වෙතින් ගෙනෙන Hey Google Smart Home Summit ලබන ජූලි 08 වෙනිදා

Google සමාගමේ වාර්ෂිකව පවත්වන I/O developer conference එක පවතින Covid-19 තත්වය නිසා cancel උනත් ඒ වෙනුවෙන් separate segments වලට events organize කරන්න Google ලගෙ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් smart home development වල progress එක share කරන අරමුණින් Google විසින් ජූනි 30 වැනි දා “Hey Google” Smart Home Summit එක announce කරා. මේක පැවැත්වෙන්නේ virtual event එකක් විදිහටයි. මේක පැවැත්වෙන දින වෙන්නෙ ජූලි 8 වැනිදා.

“Our team does not want to miss the opportunity to connect, and we decided to take things virtual! Join us on July 8, 2020 to hear what’s new, and what’s coming up for the Google Smart Home”
-Google

ඉතින් මේ event එක පටන් ගන්නේ Google සමාගමේ නිපැයුම් කලමනාකරණ අධ්‍යක්ෂක වන Michele Turner මහතා ගේ session එකකින්. එහිදී ඔහු විසින් Google සමාගමේ මෑතකාලීන smart home product initiatives ගැන කතා කිරීමට නියමිත වනවා වගේම Google Assistant developers ලට උපකාරී වන අලුත් tools ගැන හඳුන්වා දීමටත් නියමිත වනවා. මේ event එකේ අනිත් sessions මෙන්න මේ ආකාරයට list කරන්න පුලුවන්.

  • Device Access (DAP)
  • Discovery & Linking
  • Local Home SDK – New Tools
  • BLE Seamless Setup
  • Notifications / Async Responses
  • Gold Standard Integration Quality
  • Smart Home for Entertainment Devices (SHED)
  • 3P Analytics
  • Project CHIP

ලෝකයේ විවිධ time zones සැලකිල්ලට ගනිමින් මේ event එක Google සමාගම මගින් AMER (උතුරු, මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව), EMEA (යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව), සහ APAC (ආසියා පැසිෆික්) කියන කලාප වලට අදාල time zones වල පැවැත්වෙනවා.

Developers ලට focus උන sessions වලට අමතරව මේ event එකේදි rumor උනු Google Home smart speaker එක සහ Android TV dongle & remote එක ගැනත් announce කරයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්. කෙසේවෙතත් මේ devices වල existence එක ගැන තවම Google ලා confirm කරලා නෑ.

Source: Google developers blog