Loading...
DIY Spy Detector එකක් හදමු 01

කැමතිද office එකේ ඉන්නකොට, ගෙදර ඉන්නකොට කාටත් හොරෙන් film  එකක් බලන්න, game එකක් ගහන්න වගේ? ඒත් office එකේ බොසා, ගෙදර කට්ටිය බර බරේ දායි කියල අව්ලෙන්ද?

අව්ලක් ගන්න එපා. අද කියන්න යන්නෙ මේ ප්‍රශ්නෙට විසඳුමක්. (EDUCATIONAL PURPOSE ONLY!)

මේක DIY project එකක් කිව්වොත් නිවැරදියි. මේක වැඩ කරන්නේ windows devices වලට විතරයි.

Post එක මං කොටස් 4කට කඩනවා. ඒ

  1. Introduction and Components list
  2. Configurations
  3. Main Programming
  4. Final wiring and finishing

කියලා.

1: Introduction and Components List

හරි වැඩේට යන්න කලින් මං මේකෙන් වෙන්නෙ මොකක්ද කියල පැහැදිලි කරල ඉන්නම්.

මේ device එකෙන් වෙන්නෙ අපි film එකක් game එකක් play කරන වෙලාවට අපිට නොදැනුවත්ව කවුරුහරි කෙනෙක් අපේ ලඟට එන්න හදනකොටම අපි කර කර ඉන්න වැඩෙන් අපිව exit වෙලා අපි කලින් කර කර හිටපු වැඩේට එන එක. උදාහරණයක් විදියට බැලුවොත් office එකේ වැඩ එක්ක පොඩ්ඩක් relax වෙන්න හිතං බොසාට හොරෙන් film එකක් බලන්න ඕනෙ කියල හිතන්න, කර කර ඉන්න වැඩේ පොඩ්ඩකට නවත්තල. ඒත් කරුමෙට බොසා ආවොත් ඔක්කොම මාට්ටුනෙහ්. බොසා එන්න කලින් පුලුවන් නම් කලින් කර කර හිටපු window එකටම ආයේ යන්න, ඒක පට්ට නේහ්?

මේ project එක කරන්න අපිට ඕන කරනව පොඩි බඩු ටිකක් සහ සාමාන්‍ය electronic දැනුම. (වයර් එකක් පාස්ස ගන්නව වගේ) ලිස්ට් එක මං කියන්නම් පහලින්.

  1. Arduino mini x 1
  2. Arduino beetle x 1
  3. Arduino UNO (if you have. Not necessary) x 1
  4. Mini USB cable x 1
  5. USB type B cable x 1
  6. HC- 05 Bluetooth modules x 2
  7. Ultrasonic Sensor module x 1
  8. TP4056 Li-Po Charging module (with protection) x 1
  9. 4.2v to 5v voltage booster module x 1
  10. 1000mah Li-Po battery x 1
  11. Software:- Arduino IDE (with SoftwareSerial.h and Keyboard.h library) Download Here
  12. Some small plastic box x 1
  13. Some Jumper wires (male to male and female to male)
  14. FTDI board x 1
  15. Soldering Iron x 1

මතක තියාගන්න. මේක මං කියල දෙන්නෙ educational purpose only කියල. මේක අවභාවිතා කරල අහු වෙලා මට බනින්න එපා.

ඊලඟ Post එක වෙන්නෙ Configurations. අපි එහෙනම් ඒ Post එකෙන් නැවත හමුවෙමු.

මේ DIY එකත් එක්කම Induwara Rajapakshe කරගෙන යන අපේ අළුත්ම Arduino Lessons ටිකත් බලන්න.

Arduino හැදින්වීම (Lesson 01)
සරලවම Arduino කියන්නේ Programmable circuit Board වර්ගයක් මෙන්ම programminglanguage එකක් තියන platform එකකි. එක එක වර්ගේ Circuit board වර්ග ගොඩක් මෙන්මඑමගින් LED එකක් දැල්වීමේ සිට Smart Home එකකටත් එහා ගිය වැඩක් කරන්න පුලුවන්සෙන්සර් විශාල ප්‍රමාණයක් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් හරි අපූරූ platform එක…