Loading...
DxOMark ලකුණු 121 ක් ලබාගත් Samsung Galaxy Note 20 Ultra 5G දුරකතනය Mi 10 Ultra දුරකතනයට වඩා පිටුපසින් හිටගනී

පොරොන්දු උන විදිහටම DxOMark ලා Samsung Galaxy Note 20 Ultra 5G එකේ review එක අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ device එකට overall points 121 ක් ලැබෙන්නේ සමස්ථයක් විදිහට Galaxy S20 Ultra phone එකටත් වඩා පහළ අගයක් ලැබෙමිනුයි.

Photos සඳහා points 130 ක් Samsung Galaxy Note 20 Ultra 5G වෙත ලැබිලා තියෙනවා. DxOMark ලා ප්‍රකාශ කරන විදිහට Galaxy S20 Ultra device එකට සමාන photo capabilities මේ device එක සතුව පවතිනවා. ඊට අමතරව vivid color rendering, fast autofocusing සහ generally accurate exposure කියන සාධක DxOMark ලා වර්ණනා කරලා තියෙනවා.

Mi 10 Ultra වගේ අනිත් devices වල තියෙන wide angle cameras වල field of view එක තරම් wide නැති උනත් Samsung Galaxy Note 20 Ultra 5G එකේ තියෙන ultra-wide-angle camera එක DxOMark ලා praise කරලා තියෙනවා. ඒ වගේම මෙහි portrait mode එකත් DxOMark ලගෙ අවධානයට යොමු වෙලා තියෙනවා. ඔවුන්ට අනුව bokeh quality එක ප්‍රශංසනීය මට්ටමක පවතිනවා වගේම එහි depth-of-field effect එකත් strong level එකක තියෙනවා. ඒත් Note 20 Ultra 5G එකේ තියෙන depth estimation එක S20 ultra තරම් ගුණාත්මක නැති බවයි ඔවුන් පෙන්වල දෙන්නේ.

Video සඳහා Galaxy Note 20 Ultra එක points 101ක් score කරගෙන තියෙනවා, DxOMark පැවසුවේ මේ test එක සිදු කෙරුණේ 4K/30fps mode එක යටතේ බවත් සහ මේ phone එක low light (20 lux) සහ bright light (1000 lux) කියන conditions දෙක යටතේම හොඳින් perform කරන බවයි. කෙසේ වෙතත් lux 5 සහ 20 අතරමැද දී එහෙමත් නැති නම් simulated low-light conditions යටතේ video කරද්දී S20 Ultra සහ Mi 10 Ultra කියන devices වලට වඩා අඳුරු ගතියක් පවතිනවා කියලත් DxOMark විසින් පෙන්වලා දෙනවා.

මීට අමතරව මෙහි stabilization system එක DxOMark ලගෙ පැසසුමට ලක් වෙලා තියෙනවා. ඒ වගේම auto focusing ද හොඳ තත්වයක තියෙන නමුත් එහි focusing breathing issues කීපයක් තිබෙන බවට DxOMark ලා පෙන්වලා දෙනවා.

Source : Gizmochina