Loading...
Samsung One UI 7 සංස්කරණය නිකුත් කිරීම 2025 දක්වා කල්‍ යන බවට තොරතුරු වාර්තා ​වේ

SDC 2024 හෙවත් Samsung Developer Conference පසුගිය ඔක්තෝබර් 3 වන දින පැවැති අතර එහිදී Bixby, Galaxy AI, One UI, Samsung Health , Samsung Wallet හා Smart Things හි නව වැඩිදියුණු කිරීම් පිළිබදව සාකච්ඡා වුවා.

ONE UI 7 හිදී පරිශීලකයන්ට නවතම User Experience එකක් ලබා දීමට ඔවුන් කටයුතු කරන බව දක්වන මෙහිදි ප්‍රකාශ කළ අතර මෙවර One UI 7 ප්‍රදාන කරුණු 3 ක් අරමුණු කරගෙන සංවර්ධනය කරන බවත් ඒවා,

  • Simple - UI එක සරල කිරීම,
  • Impactful- One UI වල අනන්‍යතාව,
  • Emotive - පරිශීලකයාට නවමු හැඟීමක් ගෙන ඒමට සමත් UI එකක් (One UI සදහා නවතම Blur Engine එකක්)
    ආදිය අන්තර්ගත කර නිර්මාණය කරන බව දක්වන ලදී.

කෙසේ වෙතත් පරිශීලකයන් වෙත ONE UI 7 beta යාවත්කාලීනය ලැබීමට තවත් කල් ගතවන බවත් (බොහෝවිට මෙම වසර අවසානයේ), Stable සංස්කරණය Samsung Galaxy S25 සමග 2025 වසරේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එහිදී සදහන් වුවා. එම නිසා Stable One UI 7 සදහා ලබන වසර තෙක් බලා සිටිමට Samsung රසිකයන්ට සිදුවනු ඇත.

කෙසේ වෙතත් One UI 7 හි යැයි සැලකෙන නිල නොලත් ඡායාරූප සහ වීඩියෝ කිහිපයක්ම මේ දිනවල X සමාජ ජාලයේ හුවමාරු වනවා දැක ගැනීමට පුලුවන් වන අතර ඒ අනුව One UI සමගින් නව Icon Redesign එකක්, Animationවල වෙනස්කම්, App Interfaceවල වෙනස්කම්, නව Quick Pannel Layout එකක් ඇතුළුව තවත් වෙනස්කම් රැසක් දැක ගැනීමට පුලුවන්.

කෙසේ වෙතත් මේවා තවමත් Samsung සමාගම විසින් නිල වශයෙන් තහවුරු කල නොකල මුත් ONE UI 7 , පෙර යාවත්කාලීනයන්ට සාපේක්ශව විශාල වෙනස්කම් සහිතව නිකුත් වෙතැයි බලාපොරොත්තු විය හැක

Source: www.sammobile.com www.gsmarena.com