Loading...
eBay Drop Shipping මුල සිට ඉගෙන ගමු - Lesson 01

හායි, මම පමෝද. Android වැඩකාරයෝ වෙබ් සයිට් එකට අළුතෙන් ජොයින් උනේ. මම මුලින්ම ලියන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස් වල කවුරුත් කතා වෙන Drop shipping සහ eBay selling ගැන. මං දැන් කාලයක් තිස්සේ මම මේක කරගෙන යනවා. ඒ අත්දැකීම් මං ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. හැබැයි මේ ආර්ටිකල් එක කියවපු ගමන් පටං ගන්න යන්න එපා. මොකද හදිස්සිය්ට ඉතිරි ටික නොදැන පටං අරගෙන ඉක්මනට විකුණන්න ගිහිං ඔයාලගේ එකවුන්ට්ස් සස්පෙන්ඩ් වෙන්න පුළුවන් නිසා.

මුල්ම ලිපියෙන් අපි කතා කරමු මොකක්ද මේ eBay කියන්නේ කියල.

ඇත්තටම ලංකාවේ අපි eBay කියල කාලයක් පුරාවට දැනගෙන හිටියේ පිටරටක තියෙන දෙයක් මිලදීගෙන ලංකාවට හරි වෙනත් රටකට හරි ගෙන්වන වෙබ් අඩවියක් විදිහට. ඉතිං අපිට පුළුවන් eBay හරහා මොනවා හෝ දෙයක් (නීත්‍යානුකූල දේවල් විතරයි) මිලදී ගන්නවා වගේම විකුණන්නත්.

උදාහරණයක් විදිහට ගත්තොත්, ඔයා ගෙදර ඉඳගෙන පොල්කටු හැඳි නිෂ්පාදනය කරන කෙනෙක්. (මේ වගේ දේවලට eBay එකේ ඉල්ලුමක් තියෙනවා) ඉතිං ඔයාට පුළුවන් මේක eBay එකේ ලිස්ට් කරල වෙන රටක ඉන්න කෙනෙක්ට විකුණලා ශ්‍රී ලංකා තැපෑලෙන් හරි වෙනත් කුරියර් සේවාවක් මඟින් deliver කරන්න.

මෙතනදි අපි සලකා බැලිය යුතු ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි ලංකාවේ නීතියට අනුව අපිට මොනවද ලංකාවෙන් පිටට මේ විදිහට යවන්න පුළුවන් සහ යවන්න බැරි දේවල් ගැන. දැනට ලංකාවේ වෙසෙන අපිට බෙහෙත් බීජ වර්ග යවන්න බෑ. ඒ වගේම ලඩ්ංකාවට ආවේණික ශාක කොටස් සහ මේ විදිහට යවන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන ඔයාට අපනය ආනයන නීතිරීති කියවලා අවබෝධයක් ගන්න පුළුවන්. මොකද නීතිවිරෝධි විදිහට යවලා අන්තිමේදී නීතිය ඉදිරියට යන්න උනොත් ඒක ඔයාගේ නමට කැලලක් වෙන නිසා. ඉතිං මේ ලිපි පෙල කියවලා ඔයා නීතිවිරෝධි දෙයක් යවන්න ගිහිල්ලා නීතියේ රැහැනට හසු උනොත්, Android වැඩකාරයෝ අපි නම් වග කියන්නේ නෑ කියන එකත් මතක තියාගන්න.

eBay එකේ selling කරන විදි දෙකයි.

  1. Direct selling
  2. Drop Shipping

මේ දෙක මොකක්ද කියල අපි කතා කරමු.

eBay Direct Selling

නම බලපු ගමන් තේරෙනවා මොකක්ද මේ කියන්නේ කියල. මේකට මං ඉස්සෙලා කිව්ව පොල්කටු හැන්දම ගන්නම්. ඔයා පොල්කටු හැඳි නිෂ්පාදකයෙක් හරි නම් හෝ පොල්කටු හැඳි නිෂ්පාදනය කරන කෙනෙක්ගෙන් ඉතාමත් අඩුවට ඒවා මිලදීගෙන දේශීය වෙළඳපලේ විකුණන කෙනෙක්නම්, ඔයා eBay එකේ විකුණුම්කරුවෙක් විදිහට register වෙලා ඇණවුම් භාර අරගෙන ඔයාම shipping කරනවා නම් ඒක ඇවිත් eBay direct selling කියන ගණයට අයත් වෙන්නේ. තවත් සරලව කිව්වොත් ලංකාවේ ඉන්න අපි ලංකාවෙන් මොනයම් හෝ භාණ්ඩයක් eBay හරහා විකුණලා යැවීම තමයි eBay direct shipping කියන්නේ.

eBay Drop Shipping

මෙන්න මේක ගැන තමයි ගොඩක් අයට අවබෝධය නැත්තේ සහ වචනය අහපු ගමන් ටිකක් බය වෙන ක්‍රමය. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක ගොඩාක් ලොකු බැරෑරුම් දෙයක් කියල. අපි කතාකරමු මොකක්ද මේ කියල.

ඔයා ගාව විකුණන්න කිසිම දෙයක් නෑ. ඒත් ඔයාට ඕනේ eBay එකේ selling කරල මාසෙට කීයක් හරි හොයාගන්න. මේක ඔයාට ඔයාගේ ස්ථිර ආදායම් මාර්ගය විදිහට තෝරගන්නත් පුළුවන්, නැත්නම් මේක අතිරේක ආදායම් මාර්ගයක් විදිහට තෝරගන්නත් පුළුවන්. ඉතිං ඔයා ගාව මුකුත් නෑනේ විකුණන්න. ඉතිං ඔයාට තමයි මේ eBay Drop Shipping කියන දේ තියෙන්නේ.

මෙතනදි වෙන්නේ, ඔයාගාව නැති, ඒත් ලෝකයේ මිනිස්සු බහුලව මිලදී ගන්න භාණ්ඩ විකුණන්න තියෙන වෙනත් විශ්වාසවන්ත වෙබ් සයිට් (Aliexpress, Dhgate, Amazon, Etsy වගේ) එකකින් මිලදීගෙන ඒ දෙන ගාණට පොඩි ලාභයක් එකතු කරලා eBay එකේ අලෙවි කරන්න දානවා.

උදාහරණයක් විදිහට අපි ගමු Pen drive එකක්. අපිට pen drives අඩු මුදලට ඕන තරම් මිලදී ගන්න පුළුවන් Aliexpress වගේ වෙබ්සයිට් එකකින්. ඉතිං අපි උපකල්පනය කරමු Aliexpress එකේ තියෙනව pen drive එකක් $3කට මිලදී ගන්න. ඔයා ඒ මිලට $2ක ලාභයක් තියාගෙන $5කට eBay එකේ විකුණන්න list කරනවා ඔයාගේ store එකේ. (මේක කරන හැටි නම් කියල දෙන්නේ ඉස්සරහට එන ලිපි වලින් තමයි) ඉතිං මේ විදිහට list කරපු pen drive එක eBay එකේ pen drive මිලදී ගන්න එන buyer කෙනෙක්.

ඒ buyer ඔයාගේ listing එකෙන් pen drive එකක් මිලදී ගත්තොත් ඔයාට ඒ buyerගේ නම, address එක සහ අනිත් විස්තර ටික ලැබෙනවා. එතනදි ඔයාට බලන්න පුළුවන් මේ buyer කලින් මිලදී ගත්තුවාට sellersලාගෙන් හම්බුන ratings උනත්. එතනදි ratings වල ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම් order එක cancel කරලා refund කරන්න ඔයාට හැකියාව තියෙනවා.

දැන් order එක confirm කරොත් ඔයාට තියෙන්නේ ඒ pen drive එක විකුණන්න තියෙන සයිට් එකට ගිහිං ඒක මිලදී ගෙන ඔයාගෙන් order එක දාපු එක්කෙනාගේ address details දීලා ඒ වෙබ් සයිට් එකේ ඉඳගෙනම ඒ pen drive එක යවන්න. එතනදි ඔයා ඒ pen drive එක දැකලත් නෑ, ඒක කොහොමද කියල දන්නෙත් නෑ. ඒත් ඔයා මේ වෙනකොට ඔයා දැකලවත් නැති දෙයක් අරගෙන ඔයා ගාවට ගෙන්නගන්නෙවත් නැතුව ඔයාගේ buyerගේ address එකට යවලා ලාභයකුත් උපයලා ඉවරයි.

ඔන්න ඔය process එක තමයි Drop shipping කියන්නේ. තේරුණේ නැත්තම් ආයේ වතාවක් හොඳින් කියවන්න. පොඩි දෙයක් තියෙන්නේ. කරන විදිහහ හරියට කරන්නේ කොහොමද කියන එකයි අපි දැන ගන්න ඕනේ.

ඒ වගේම තමයි මේ ගැන මම කරපු YouTube video එකකුත් තියෙනවා. ඒකත් ඔයාට මෙතනින්ම බලාගන්න පුළුවන්.

ආයෙමත් මං දෙයක් කියන්න කැමතී. මං මේ ලිපි පෙල අරගෙන එන්නේ මේ දේවල් ගැන දැනගන්න ආස, මේ හරහා තමන්ට මුදලක් උපයාගන්න කැමති, ඒ වගේම කැපවීමෙන් හරියට කරන්න කැමති අයට එකතු වෙලා මේ දේ ගැන ඉගෙන ගෙන තමන්ගේ ආර්ථිකය ගොඩ නංවාගන්න උදව් කරන්න. ඉතිං මේ ලිපි පෙලින් පිට පැනලා කිසිම දෙයක් කරන්න යන්න එපා. එතනදි වෙන කිසිම දේකට මම සහ Android වැඩකාරයෝ ආයතනය විසින් වග කියන්නේ නැති බව මතක තියාගන්න.

මේ දේවල් මේ විදිහට ආයෙම මතක් කරන්නේ, eBay drop shipping කියන එක හරියට පියවරෙන් පියවර කියල දෙන එක තමයි මෙතනදි කරන්නෙ සහ මෙතනදි අපි සැපිරිය යුතු සුදුසුකම් සහ මොනවද මේ පියවරයක් කියන එක ගැඹුරින් කතා කරන එක. ඇත්තටම මං සැලසුම් කරගෙන ඉන්න විදිහට eBay seller account එකක් හදන එක පවා එන්නේ මේ ගැන මම අරගෙන එන පස්වෙනි ලිපියෙදි වගේ. ඊට කලින් අරගෙන එන්න තමයි මගේ වෑයම. ඒත් මේ දේ හරියට කියල දෙන එකේදි උපරිමය පස්වෙනි ලිපියෙදී අරගෙන එනවා කියන එක මට සහතික වෙන්න පුළුවන්. ඉතිං දැන් මේ ඡේදය කියවපු කෙනෙක්ට පුළුවන් මගේ ලිපි පෙලත් එක්ක Android වැඩකාරයෝ එක්ක දිගටම ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්න.

ඊලඟ ලිපියෙන් මං කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ, eBay drop shipping කරන්න අපි විසින් මොනවද සපුරන්න ඕන සුදුසුකම් කියලා. ඒ ලිපියත් මං ඉක්මනින් අරගෙන එන පොරොන්දුවෙන් මෙතනින් නවත්වනවා.