Loading...
eBay Dropshipping වලට මූලිකවම අවශ්‍ය වන දේවල් මොනවද? - eBay Dropshipping Lesson 02

පසුගිය ලිපියෙන් අපි eBay Drop shipping වලට ආරම්භයක් ලබා ගත්තා. මේ ලිපියෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ eBay drop shipping වලට අපිට අවශ්‍ය වන්නේ මොනවද සහ කොහොමද අපි ඒවා ගන්නේ කියල.

පිලිවෙලට ඒ ගැන අපි කතා කරමු.

01. මුලින්ම eBay account එකක් ඕනේ

මේකේ අවශ්‍යතාවය පැහැදිලිව පළවෙනි ලිපියේ සඳහන් කරලා තියෙනවා ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඒක කියවපුවාම ඔයාට තේරෙයි ඇයි eBay account එකක් ඕනේ කියල.

02. PayPal account එකකුත් අවශ්‍යමයි

මේ කාරණාව නම් හොඳටම ඔලුවට ගන්න ඕන එකක් සහ අවධානයෙන් හදාගන්න ඕනේ account එකක්.

අපිට PayPal account එකක් ඕන වෙන්නේ buyer කෙනෙක් ඇවිත් eBay එකේ අපි list කරල තියෙන item එකක් buy කරාම ඒ buyer ගෙවන මුදල ලබා ගන්න.

මෙතනදි අපිට සමහර ප්‍රශ්න එන්න පුළුවන්.

  • අපි Paypalම භාවිතා කරන්න ඕනේද? බෑන්ක් එකකට බැරිද?
    කෙටියෙන්ම උත්තරේ බෑ. eBay එකේ දැනට තියෙන එකම payment gateway එක PayPal විතරයි. ඉදිරියේදී වෙනම එකක් හැදෙමින් පවතිනවා උනත් දැනට තියෙන එකම option එක PayPal නිසා උපරිම අවධානය මේකට දෙන්න.
  • ශ්‍රී ලංකාවේ PayPal වලට Payments receive කරන්න බෑනේ?
    ඔව්, අන්න ඒ හේතුව නිසා තමයි අපි වෙනත් රටකින් PayPal එකක් හදාගන්න ඕනේ. සමහර අය නම් කියනවා මේ ක්‍රමය නීතිවිරෝධී කියල. නමුත් eBay හරහා භාණ්ඩයක් අලෙවි කරලා ඒකට අදාල මුදල PayPal ගිණුමකට ලබා ගන්න එක නීතිවිරෝධී නෑ. නීතිවිරෝධී වෙන්නේ අපි PayPal එක හරහා නීති විරෝධී දෙයක් කලෝතින් විතරයි.

    මෙතනදි අපිට ඕනේ card withdrawal කරන්න පුළුවන් PayPal එකක්. මෙතනදි bank withdrawal තියෙන ඕස්ට්‍රේලියාව වගේ රටකින් හදාගෙන ඒකෙන් සල්ලි ගන්න විදිහක් නැති උනොත් කරන්න දෙයක් නෑ. මොකද අපේ රටේ කිසිම bank account එකක් වෙන රටක PayPal එකකට add කරන්න බෑ. ලංකාවේ PayPal එකකට විතරයි add කරන්න පුළුවන්. ඒ නිසයි අපි payments receive කරන්න පුළුවන් සහ card withdrawal තියෙන රටකින් PayPal account එකක් හදාගන්නේ.

    Card withdrawal තියෙන ඕනම රටක PayPal account එකකට ලංකාවේ VISA Debit card එකක් add කරලා withdrawal කරන්න පුළුවන්. එතනදිත් අපිට පුළුවන් VISA card එකකට විතරයි. Master card එකකට බෑ.
  • Card withdrawal කරන්න පුළුවන් රටවල් මොනවද?
    Bahrain, Bulgaria, Chile, Croatia, Cyprus, Estonia, Georgia, Gibraltar, Iceland, Indonesia, Israel, Jordan, Kazakhstan, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malaysia, Malta, Moldova, Morocco, Oman, Philippines, Romania, San Marino, Saudi Arabia, Serbia, Slovakia , Slovenia, United Arab Emirates, Uruguay
  • PayPal limit වෙනවා කියන්නේ මොකක්ද?
    eBay එක සහ PayPal එක අතර තියෙන ගිවිසුමට අනුව eBay එක හරහා එක දිගටම ගෙවීම් PayPal එකට එනකොට PayPal එකෙන් අපේ account එක limit කරලා verification එකක් කරන්න documents ඉල්ලනවා. ඒ දේ මොන රටකින් PayPal account එකක් හදලා තිබ්බත් අපෙන් ඉල්ලනවා.

    එතනදී අපිට සමහර විට අපේ ID එකක්, supplier receipt එකක්, විකුණපු භාණ්ඩයක invoice එකක් වගේ ඉල්ලනවා. මේකට අපිට අදාල documents දෙන්න වෙන්නේ Google එකෙන් search කරලා, ඒ document එකක් අරගෙන edit කරලා තමයි. ඒකත් හරියට තිබ්බේ නැත්තම් අපේ PayPal එක ආයෙම භාවිතා කරන්න බැරි වෙන තැනටම limit වෙනවා. එහෙම උනොත් අපිට දැනට PayPal එකේ තියෙන සල්ලි ගන්න වෙන්නේ දවස් 180කට පස්සේ.

    සමහර විට මේ දේ හරියටම කරන විදිහ ඔයා දන්නෙ නැත්තම් ඒ දේ හරියට කරගන්න පුළුවන් කීප දෙනෙක්ව මං හඳුන්වා දෙන්නම්.

    Kasun Priyadarshana, M Sajith Gunathilaka, Online Hub, Paypal Hub - පේපැල් හබ්

    මේ අයට කියල ඔයාට ඔයාගේ limit උන PayPal එක හරියටම හදාගන්න පුළුවන් විදිහ ගැන අහගන්න හෝ සහය ලබා ගන්න පුළුවන්.
  • PayPal එකට add කරන්න පුළුවන් ලංකාවේ Bank cards මොනවද?
    මම recommend කරන්නේ Commercial bank, HNB bank, Sampath bank, Seylan bank කියන banks වල VISA Debit cards විතරයි. Master Debit cards භාවිතා කරන්න බෑ.
  • වෙන රටක යාළුවෙක් හරි නෑදෑ වෙන කෙනෙක් ඉන්නව නම් එයාලට කියල PayPal එකක් හදාගන්න පුළුවන් නේද?
    මේ අදහස ඔයාට ආව නම් ඒක ගොඩක් හොඳ අදහසක්. මොකද එතකොට limit උනත් verification එකට ගොඩක් ලේසී. ඒත් අවධානමක් තියෙනවා. ලොකුම එක තමයි ඔයාගේ සල්ලි අරං පනින්න පුළුවන්. එයා එහෙම නෑ කියල හිතෙනව නම් ප්‍රශ්නයක් නෑ. මොකද එහෙම හදන PayPal account එක හදන්නේ ඒ කෙනාගේ නමට සහ එයාගේ bank account එක link කරල නිසා ඔයාට withdraw කරන්න වෙන්නේ එයාගේ bank account එකට. ඊට පස්සේ තමයි අපිට එයාගෙන ගෙන්න ගන්න වෙන්නේ.

    සමහර විට ඔයාගේ හරි, PayPal එක හදවපු කෙනාගේ හරි වැරැද්දකින් PayPal එක limit උනොත් ආයෙම එයාගේ දැනට දාල තියෙන විස්තර දාලා ආයේම PayPal account එකක් හදන්න බැරි වෙනවා.

03. විකුණන්න list කරන්න items

මේ ගැන නම් ඔයාට මේ වෙනකොටත් සම්පූර්ණ අවබෝධයක් තියෙනවා මගේ පළවෙනි ලිපිය කියෙව්ව නම්. ඊට වඩා අමතරව පැහැදිලි කරන්න අවශ්‍ය දේවල් ඉස්සරහදී ඒ අවශ්‍ය තැන්වලදි පැහැදිලි කිරීම කරන්නම්.


මීලඟ ලිපියෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය මූණ දෙන eBay account suspend වෙන හේතු මොනවද සහ ඒකෙන් වළකින්නේ කොහොමද කියල. ඒ ලිපියත් මං ඉක්මනින් අරගෙන එන පොරොන්දුවෙන් මෙතනින් නවත්වනවා.