Loading...
eBay accounts suspend වෙන්න හේතු සහ එයින් වලකින්නේ කෙසේද? - eBay Dropshipping Lesson 03

අද මේ පොස්ට් එකෙන් අපි කතා කරන්න හදන්නේ eBay accounts suspend වෙන්න හේතු සහ suspend වෙච්ච කෙනෙක් කොහොමද වැඩ කරන්න ඕනේ කියන කරුණු ගැන.

eBay accounts සහ PayPal accounts හදනකොට අනුගමනය කරන්න ඕන පිළිවෙත් මොනවද?

මේක අළුතින්ම eBay selling වලට එන අය අනුගමනය කරන්න ඕන දෙයක්. ඒ වගේම දැනට කරගෙන යන අයත් මේක අනිවාර්‍යෙන් බලන්න. ඒ වගේමයි දැනටමත් account suspend වෙච්ච කෙනෙක් නම් ඒ අයටත් තමන්ට කොතනද වැරදුනේ කියන එක තේරුම් ගන්න මේ කොටස ගොඩක් ලොකු උදව්වක් වෙයි.

මෙතනදි eBay account එකක් හදන විදිහ සහ PayPal account එකක් හදන විදිහ 100% කියල දෙන්නේ නෑ. මෙතනදි suspend නොවෙන්න මේ දෙක හදාගන්න අවශ්‍ය වටපිටාව හා කරුණු කොහොමද භාවිතා කරන්නේ කියල කියන දෙන එක තමයි කරන්නේ. ඉස්සරහට තමයි සවිස්තරාත්මකව eBay, PayPal accounts create කරන විස්තර ටික දෙන්නේ.

පොඩි උදාහරණයකින්ම කියන්නම්කෝ. හරියටම මෙතන කරන්නේ, කෑමක් උයන්න කලින් අවශ්‍ය අමුද්‍රව්‍ය, කුළුබඩු, උපකරණ ටික එකතු කරගන්න එක සහ ඒවායින් මොනවද වෙන්නේ කියන එක කියන එක සවිස්තරාත්මකව කියල දෙන එක. දැන් තේරෙන්න ඇති නේ. නැත්තම් හරියට මේ දේවල් එකතු කර ගත්තේ නැතුව වැඩේට අත තිබ්බොත් වෙන්නේ හදිස්සියේවත් අවශ්‍ය දෙයක් නැතිව ආයෙම ඒක හොයන්න දුවන්න වෙන එක. ඒක නිසා පිලිවෙලට වැඩේ කරන්න නම් පිලිවලට හැමදේම එකට එකතු කරගෙන යමු.

ඉස්සරහට එන eBay, PayPal creation වලට මම video tutorial පවා ලෑස්ති කරල තියෙන්නේ ඔයාලට දෙන්න.

සැ.යු. - ඔයා eBay එකට යන්නේ පළවෙනි වතාවට නම්, selling පටං ගන්න කලින් අනිවාර්‍යෙන් ඔයාගේ අළුත්ම eBay account එකෙන් items දෙකක් හෝ තුනක් අනිවාර්‍යෙන් buy කරන්න ඕනේ මගේ articles series එක follow කරන කෙනෙක් නම්. ඒ ටික ඉස්සරහට බලමු. පොඩ්ඩක් මේ ටික ඔලුවේ තියාගන්න. ඉස්සරහට ඕන වෙනවා.

එහෙනම් අපි දැන් පටන් ගමු.

මොනවද අපිට ඕන කරන දේවල්?

  1. දැනට eBay account එකක් හදපු නැති email එකක්
    ඔයාලා eBay එකට 100%ක්ම අළුත් නම් සහ දැනට ඔයා ගාව තියෙන කිසිම email එකකට eBay account එකක් නැත්තම් තියන email එකෙන් කරන්න. මේ දේ කරන්න වෙන්නේ කලින් eBay accounts තිබිලා suspend කරගත්තු අයට.
  2. දැනට eBay account එකක් හදපු නැති මොබයිල් නම්බර් එකක්
    ඔයාලා eBay එකට 100%ක්ම අළුත් නම් සහ දැනට ඔයා ගාව තියෙන කිසිම number එකකට eBay account එකක් නැත්තම් තියන number එකෙන් කරන්න. මේ දේ කරන්න වෙන්නේ කලින් eBay accounts තිබිලා suspend කරගත්තු අයට.
  3. තමන්ගෙ eBay account එකට යෙදීමට නමක්
  4. දැනට eBay account එකකට නොදැමූ address එකක්
    ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න. මේක කියන්නෙ කලින් තිබිලා suspend කරගත්ත අයට.
  5. දැනට eBay account එකකට ඇඩ් නොකරපු VISA Debit card එකක්
    ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න. මේක කියන්නෙ කලින් තිබිලා SUSPEND කරගත්ත අයට
  6. දෙවනි පෝස්ට් එකේ කියලා දුන්න විදියට හදාගත්ත පේපෑල් අකව්න්ට් එකක්.
    ඔයා අලුත්නම් ඒ විදියටම හදාගන්න. ඒත් මීට කලින් PayPal account එකක් හදලා suspend උන කෙනෙක්නම් ඒ අයට වෙනම PayPal එකක් අනිවාරෙන්ම අවශ්‍ය වෙනවා.
  7. දැනට eBay account එකක් හදපු නැති web browser එකක්
    ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න. මේක කියන්නෙ කලින් තිබිලා suspend කරගත්ත අයට.
  8. මොනව කරන්නත් internet connection එකක්
    ඔයාලා අලුත්නම් තියන එකෙන් කරන්න. දැනට suspend වෙච්ච කෙනෙක්නම් router එකේ එලියේ තියනවා reset button එකක්. ඒකට පෑනක් වගේ දාලා තප්පර 10 ක් විතර ඔබාගෙන ඉන්න router එක reset වෙනකන්. Reset උනාම සේරම bulb indications ටික ඔන් වෙලා සාමාන්‍ය විදිහට router එක ඔන් වෙනවා.

    මෙතනින් එහාට ඔයාට ආයෙම භාවිතා කරන්න වෙන්නේ ඔයාගේ default WIFI passwords. මේක කරන්නෙ suspend වෙච්ච අය විතරයි. අලුත් අය නෙවෙයි. මේ දේ කරන්නෙ රව්‍ටර් එකේ settings reset කරගන්නයි. අළුත් අයටත් ඕනෙම නම් කරාට කිසිම ප්‍රශ්නයක නෑ.

මෙහෙම කියන්න හේතුව මොකද්ද දැන් හැමෝටම තියන ප්‍රශ්නෙ නේද. ඔන්න එහෙනම් අහගන්න මේක. හරියට තේරෙනකම් මේ කෑල්ල සැරෙන් සැරේ කියවන්න.මේකයි කතාව.

දැන් තමයි ඔයාලට එන පොදු ප්‍රශ්න වලට උත්තර දෙන කොටස යන්නේ.

  1. ඇයි eBay එකක් හදාගන්න Mobile number එකක්, email එකක්, address එකක්? ඇයි suspend උන අයට අළුත් ඒවා පාවිච්චි කරන්න කියන්නේ?
    මේ කියන ටික අනිවාර්‍යෙන් ඕන වෙනවා. මොකද ඔයාව eBay එකෙන් හඳුනා ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ තමයි අපේ mobile number එක, email address එක, address එක, නම. මේවගෙන් තමයි eBay එක verify කරගෙන්නේ අපි කවුද කියන එක. අළුත් අයට කිසිම අවුලක් නෑ. මොකද එයාල ඒ දේවල් දාල කලින් eBay account එකක් හදලා නෑනේ. ඒත් පරණ suspend වෙච්ච අය ඉන්නව නම් ඔය ටික වෙනස් කරගන්න ඕනේ අනිවාර්‍යෙන්ම. නම නම් අනිවාර්‍ය නෑ. ඒත් ඒකත් වෙනස් කරනව නම් හොඳයි.
  2. ඇයි අළුත්ම web browser එකක් use කරන්න කිව්වේ?
    සාමාන්‍යෙන් eBay වගේ website එකකර යනකොට එයාල අපි කලින් ලොග් උනා නම් අපි ලොග් උන device එක, use කරපු browser එක, ඒ වගේම resolution එක, IP address එක, location එක සහ තව ගොඩක් දේවල් එයාල store කරගෙන තියාගන්නවා buyer සහ seller කියන දෙන්නගෙම ආරක්ෂාවට.

    ඉතිං දැනටමත් eBay එකේ accounts suspend උන කෙනෙක් නම්, ඔයා ඒ account එකට භාවිතා කරපු browser එකෙන්ම ආයේ අළුතෙන් හදන ඒවට log උනොත් එතනදි කලිනුත් ඔයා account එකක් හදලා ඒක suspend උනා කියල එයාලට algorithms වලින් notify උනොත් අළුත් account එකත් suspend වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි.

    මෙන්න මේ දේ වලක්ව ගන්න තමයි අපි කියන්නේ, කලින් යූස් නොකරපු browser එකක් පාවිච්චි කරන්න කියල.

    මෙතනදි තවත් ආරක්ෂිතයි, PC එකේ අලුත් user account එකක් හදලා ඒකෙන් log වෙලා ඔයාගේ එකවුන්ට් එකේ වැඩ කටයුතු කරනවා නම්. නැත්තම් පළවෙනි listing එකෙන්ම ආයෙම suspend තමයි. මේ විදිහට කරාම තවත් trust එක වැඩී.
  3. ඇයි පාවිච්චි කරපු නැති VISA Debit card එකක් සහ PayPal එකක්?
    අළුතෙන්ම එන අය දෙවෙනි පෝස්ට් එකේ කිව්ව විදිහට account එක හදාගෙන තමන් ගාව තියෙන card එකක් use කරන්න. ඒත් suspend වෙච්ච අය මොනම හේතුවකටවත් කලින් use කරපු PayPal එකට දාපු card එකයි PayPal එකයි නම් ගාව ගන්න එපා අළුත් eBay account එකට.

    හේතුව තමයි, මේ වෙනකොටත් ඔයාගේ PayPal එක පරණ suspend වෙච්ච account එකත් එක්ක link වෙලා තියෙන්නේ කියල eBay එක දන්නවා. අනික ඒ PayPal එකට use කරපු card එක මේ වෙනකොටත් PayPal එකෙන් expire date එක වෙනකන් තියාගෙන ඉන්නවා verification වලට. තව account එකකට ඒ card එකම දැම්මොත් එයාල අඳුර ගන්නවා ඒ PayPal account දෙකම එක්කෙනෙක්ගේ කියල.

    අනිත් එක දැන් තියෙන PayPal එකේ email එක වෙනස් කරාට තේරුමක් වෙන්නේ නෑ, මොකද හැම PayPal account එකකටම Merchant ID කියල unique ID එකක් තියෙනවා. PayPal account එකක් අඳුර ගන්නේ Merchant ID එකෙන්. ඒකයි කිව්වේ, වෙන card එකක් එක්ක වෙන PayPal එකක් ලෑස්ති කරගන්න කියල.
  4. Router එක reset කරන්න ඕන ඇයි?
    මේකට හේතුව තමයි, router එකක් කියන්නේ සාමාන්‍යෙන් නිවසක පැය 24ම දවස් 7ම on එකේ තියෙන එකක්. එතකොට router එකට assign වෙලා තියෙන IP එක කවද හරි අපි router එක restart කරනකන් වෙනස් වෙන්නේ නෑ. අපි මේ දේ කරන්නේ router එකේ IP එක වෙනස් කරලා eBay එකට වෙන IP එකකින් log වෙන්න.

    ඉතිං මේකට router එක restart කරාම හරිනේ? නෑ සමහර routers තියෙනවා restart කරාට ඕක නොවෙන. අවදානමක් ගන්නවාට වඩා අපිට ලේසී ඉතිං reset කරලම ගන්න එක. හදිස්සියේවත් ඔයා Static IP එකක් නම් ISPගෙන් අරගෙන තියෙන්නේ කතා කරලා IP එක change කරගන්න බලන්න.

මුලින්ම කියන්න ඕනේ, අපි කොච්චර කරත් eBay කියන්නේ drop shipping කරන්න ඉඩ දෙන්නේ නැති තැනක්. eBay එක හදලා තියෙන්නේ direct selling වලට. ඉතින් ඔය උඩ තියෙන සේරම කරගෙන අපි selling active කරන්න ගියා කියල හිතන්න. අනිවාර්‍යෙන් ඔයා පළවෙනි item එක ලංකාවේ එකක් දාන්නම වෙනවා ලංකාවේ location එක දාල.

එහෙම නොදා ඔයා පළවෙනිම listing එක China වගේ දැම්මොත් ඒකත් ඔයාගේ eBay account එක suspend වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ කෙනෙක් චීනේ බඩු විකුණන්න ලිස්ට් කරා කියන්නේ eBay එක දන්නවා මේ හදන්නේ drop shipping වලට තමයි ලෑස්ති වෙන්නේ කියල. ඉතිං account එක suspend කරන්න දෙපාරක් හිතන්නේ නෑ.

අපි eBay policies කැඩුවොත් ඒකත් හේතුවක් වෙනවා අපේ accounts suspend වෙන්න. eBay එකේ Branded items, Digital Items විකුණන්න තහනම්. ඒ වගේ විකුණන්න බැරි දේවල් දැම්මොත් එයාලගේ policy එක අනුවා එයාල අපේ account එක suspend කරනවා.

ඒ නිසා selling කරන්න පටන් ගන්න කලින් මේ දේවල් දැනගෙන ඉන්න එක තමයි හොඳම. මොකද එතකොට ඔයා දන්නවා මෙක කරන්න මොනවද අඩංගු දේවල් මොනවද නීති. ඔය වගේ හැමදේම දන්නවනෙ. එතකොට ඔයාට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න පුලුවන්.

මේවාට අමතරව තව කරුණු ටිකක් කතා කරමු මේ ගැන

  1. හදන හදන එල Suspend වෙලා වෙලා හෙම්බත් වෙලා ඉන්න අය ඇතිනේ. එයාලට ලේසිම දේ තමයි තමන්ගේ PC එක ඇතුලේ virtual machine එකක් හදාගන්න එක. එතකොට එයාට හම්බෙන්නේ වෙනම Mac Address එකක්. මොකද ඒක ඔයාගේ PC එක ඇතුලේ තියෙන තව machine එකක් නිසා. මේ ක්‍රමය accounts බරගාණක් suspend කරගත්තු අයට ගොඩක් සාර්ථක ක්‍රමයක්.

    මේ ක්‍රමය මේ වෙනකන් කිසිම drop shipping video එකක පෙන්නපු නැති දෙයක්. මං මේකටත් වීඩියෝ එකක් හදලා තියෙන්නේ සහ ඒ දේවල් ඔයාලට දෙනවා ඒ වීඩියෝ එකත් එක්කම.
  2. ඔයා eBay account එකයි PayPal account එකයි හදන email එක එකම email එකක් වෙනව නම් ගොඩක් හොඳයි. eBay account එකේ email එකම PayPal එකේ email එක උනාම ඒ දෙකටම එකම email එක තියෙන නිසා eBay එකෙන් call කරහම එයාල ගේන සමහර තර්ක වලින් අපිට බේරෙන්න පුළුවන්. එහෙම නොකලා කියල අවුලක් නෑ, ඒත් කරනව නම් ගොඩක් හොඳයි.
  3. තව දෙයක් මේ දේත් හොඳට ඔලුවෙ තියාගන්න. PayPal limit වෙන්න ගොඩක්ම හේතුව PayPal, eBay එකත් එක්ක ගහලා තියන Agreement එකේ විදියයි. ඒත් අපි PayPal, eBay හැර වෙන දේවල් වලට use කලා කියලා එහෙම ලේසියෙම් limit වෙලා documents ඉල්ලන්නෙ නෑ. PayPal ඔය වැඩිපුර limit වෙන්නෙ හරියට tracking update නොවෙද්දියි. ඒත් ඔයා PayPal to PayPal payments යැව්වා කියලවත්, PayPal එකට Fiverr එකෙන් හරි වෙන ඒ වගෙ තැනකින් payments ආවා කියලා PayPal ලේසියෙන් limit වෙන්නෙ නෑ.
  4. තව දෙයක් තමයි  සමහරක් කියනවා PayPal verify කරන්නෙ අපේ documents දාලා කියලා. ඒ කියන්නෙ අර limit උනහම ඉල්ලන ID එක, එතකොට address proof, තව invoices. ඔය වගේ ඒවා ඉල්ලන්නෙ අපිට order එද්දි අපේ tracking update වේගන යද්දි. PayPal එකෙන් එයාලට අවශ්‍ය වෙනවා එයාලගෙ security වලට අපි trusted seller කෙනෙක්ද කියලා බලාගන්න. අන්න ඒ වෙලේට තමයි එයාලා ඔය අපේ PayPal account එක limit කරන්නෙ.

    එතකොට documents දුන්නා කියලා අපේ පේපෑල් එක full verified වෙන්නෙ නෑ. ඒ වැරදි මතයේ ඉන්නවනම් දැන්ම ඒක අයින් කරගන්න. මොකද ඔයාගෙ documents දීලා සතියකින් ආයෙ එයාලට ඕනෙනම් වෙන documents ටිකක් ඉල්ලන්න පුලුවන්. ඒක ඔලුවෙ තියාගන්න.

    හරියට PayPal එක verify කරනවා කියන්නෙ, PayPal එකට card එක හෝ bank එක ඇඩ් කරලා code bank එකට send කරලා ඒ code එක ආයෙ PayPal එකට දාලා PayPal එක verify කරපු PayPal වලට තමයි Verified PayPal කියන්නෙ. මේ තියෙන්නෙ PayPal එකෙන්ම verified PayPal account එකක් කියන්නෙ මොකද්ද කියන එක ගැන දාලා තියන එක. නොතේරෙන කෙනෙක් ඉන්නවනම් මේක ට්‍රාන්ස්ලේට් කරලා බලන්න.

    How do I verify my PayPal account?
    We only ask you for essential information when you sign up to PayPal, but as you transact with us we're under a legal obligation to know more about you. When you verify your account you're proving that you own the financial details added to your account.

    To get verified, go to your account to add and confirm your bank account or, if you prefer, add and confirm your debit or credit card.


    ඕක තියෙන්නෙ පේපෑල් වෙබ්සයිට් එකේමයි. මෙන්න ලින්ක් එක සැක කෙනෙක් ගිහින් බලන්න.
  5. තව දෙයක්, අපිට එක Debit card එකක් ඇඩ් කරන්න පුලුවන් එක PayPal එකකට විතරයි. එක debit card එකක් account දෙක තුනකට ඇඩ් කරන්න බෑ. ඔයා හිතන්න ඔයා debit card එක ඇඩ් කරලා තිබ්බ PayPal එක document ටික හරියට දෙන්න බැරුව permenent limit උනා කියලා. එතකොට අපිට අපේ debit card එක ඒ PayPal එකෙන් remove කරන්නත් බැරිවෙනවා. ඔය වගේ ශෝකජනක සිදුවීමුත් ඕන තරම් තියනවා.

    එතකොට අපිට කාඩ් එක නැති උනා කියලා බෑන්ක් එකට ගිහින් තව කාඩ් එකක් ගන්න වෙනවා. එහෙම එකකුත් තියනවා. එහෙම නොකරත් බෑ මොකද ආයෙ පේපෑල් එකක් හදද්දි ඒ පේපෑල් එක වරිෆයි කරගන්න කඩ් එක ඇඩ් කරන්න ඕනනෙ. එතකොට කාඩ් එකක් ඇඩ් නොකරත් බෑ. අන්න ඒ වෙලාවට තමයි VCC එකක වටිනාකම එන්නෙ. VCC කියන්නෙ මොකද්ද කියලත් මෙ පෝස්ට් එකෙන්ම ඉවර කරන්නම්.

VCC කියන්නේ මොකක්ද? VCC එකකින් සල්ලි withdraw කරන්න පුළුවන්ද? ඇයි අපි VCC පාවිච්චි කරන්නේ?

මෙහෙමයි අපි අද ලෝකෙ දන්න දෙයක් තමයි අපිට PayPal නැතුවම බැරි දෙයක් වෙලා. ඒක ලංකාවට ගන්න මිනිස්සු කොච්චර දැඟලුවද දැනට අවුරුදු ගානක් ඉඳන්. ඒත් ඒක ඇත්තටම අපිට හම්බෙන්නන්ම් අපේ රටේ PayPal වලින් ගනුදෙනු වෙන්න පටන් ගන්න ඕනි. ඒත් ඒක රට මේ යන විදියට කවදා හම්බෙයිද දන්නෙ නෑ. ඒක පැත්තකට දාමු. මම කියන්නම් VCC කියන්නෙ මොකද්ද කියලා.

VCC කියන්නේ එක VERTUAL CREDIT CARD කියන එකයි. ඇත්තම කතාව කිව්වොත් ඒකට වි withdrawal කරන්නවත් සල්ලි දාන්නවත් බෑ අපිට. ඒක අපිට උවමනා වන තැන් තියනවා. ඒ ගැන මුලින් අපි බලලා ඉමු.

අපේ රටට පේපැල් නැති නිස නිසා, අපි පිලිපීන් වලින් හරි, ඔය වගේ withdrawal පුළුවන් රටකින් PayPal හදාගෙන use කරන්න පටන් ගන්නවා. ඔහොම පටන් ගනිද්දි ඕක කොච්චර පරිස්සම් කරන්න හැදුවත් කොයිම වෙලේ හරි  permanently limit වෙනවා. එතකොට ඒවෙලේ අපි PayPal එකට ඇඩ් කරලා තියන කාඩ් එකත් එක්කමයි limit වෙන්නෙ. එහෙම limit උන වෙලාවක අපිට ඒ කාඩ් එක ඒ PayPal එකෙන් අයින් කරන්න බෑ. ඒක වෙන එකකට ඇඩ් කරන්නත් බෑ.

ඔයා හිතලා බලන්න. මම මගෙ අත් දැකීමෙන් මේ කියන්නෙ මම HNB , COMMERCIAL , SAMPATH ඔය කියන බෑන්ක් තුනේම කාඩ් වලට PayPal වලින් Withdrawal කරලා තියනවා. ඔය විදියට අපිට හම්බෙන කාඩ් ටික අපි PayPal limit වෙන වෙන එකට link කලොත්, PayPal තුනක් limit වෙච්ච ගමන් අපේ කාඩ් තුනම අපිට ආයෙ පාවිච්චියට ගන්න බැරිවෙනවා. එතකොට අපි ආයෙ බෑන්ක් එකට ගිහින් කාඩ් එක නැති උනා අරකයි මෙකයි කියලා ආයෙ කාඩ් ගන්න ඕනා. ඒක හැමදාම කරන්න පුලුවන් වැඩක් නෙවෙයිනෙ.

අන්න ඒ වගේ වෙලාවක තමයි VCC එකක වැදගත් කම එලියට එන්නෙ. VCC කියන්නෙ මොකද්ද කියලා උඩදි මම කිව්වා. ඒත් අපිට පුලුවන් 2$ වගේ ඇතුලෙ තියන VCC එකක් අපේ PayPal එකට ඇඩ් කරගන්න. එතකොට ඒ VCC එකෙන් අපේ PayPal verification එක කරගන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාලට තේරුම්ගන්න පුලුවන්නෙ PayPal verification එකකට අපේ බෑන්ක් කාඩ් එක ඇඩ් කරනවා වෙනුවට තමයි අපි VCC එක ඇඩ් කරන්නෙ. ඒක තමයි PayPal කරන කෙනෙක්ට VCC වැදගත් වෙනවා කියන එකම තැන. හැබැයි තව දෙයක්. එතකොට කොහොමද VCC එකකට withdraw කරන්නෙ. ඒක ප්‍රශ්නයක්.

සාමාන්‍යයෙන් PayPal එකක් ලිමිට් වෙන්න ප්‍රධාන හේතුව eBay එකේ tracking නැතුව item විකුණන එක. ඒ විකුණන item වලදි PayPal එකේ tracking update වෙන්නෙ නැතිනම් එයාලා අපේ PayPal එක චෙක් කරන්න පටන් ගන්නවා. අන්න එතනදි තමයි. අපේ පේපෑල් වලට ID Proof, Address proof, Billing proof, Invoices ඉල්ලන්න ගන්නෙ. ඒත් අපි එක PayPal එකක් හදලා ඒකට කාඩ් එක අපේ බෑන්ක් කාඩ් එක ලින්ක් කරලා තියලා, ඒ හදපු පරිඝනකයෙන් සුදුසු විදියට හෝ, වෙනත් පරිඝනකයකින් හෝ වෙන PayPal එකක් හදලා ඒකේ කාඩ් වරිෆිකේශන් එකට VCC එකක් ඇඩ් කරලා තියලා ඒකට ඊබේ එකෙන් එන පේමන්ට් දාලා තියන්න.

එහෙම දාලා තියලා ඒකෙ බැලන්ස් එකට සල්ලි ආපුවහම අපිට පුලුවන් සති එකහමාරකට සැරයක් වගේ ඒ PayPal එකෙන් අර අපේ බෑන්ක් කාඩ් එක ඇඩ් කරපු PayPal එකට සල්ලි friend and family option එකෙන් හරි service and business option එකෙන් හරි සෙන්ඩ් කරලා බෑන්ක් කාඩ් එක ඇඩ් කරපු PayPal එකෙනුත් සතියක් විතර ඒ සල්ලි තියලා විත්ඩ්‍රෝවල් එකක් ගහන්න. එතකොට ප්‍රශ්නයක් වෙන එක බොහොම අඩුයි. එතකොට අර අපේ කාඩ් එක ඇඩ් කරපු PayPal එක රැකෙනවා. මොකද ඒකට payments එන්නෙ eBay එකෙන් නොවන නිසා සහ අපි ඒකේ ට්‍රැකින් අප්ඩේට් කරන්න අව්ශ්‍ය නොවන නිසා ඒක රැකෙනවා.

ඒත් VCC එක ඇඩ් කරපු එක ටික කාලෙකින් ලිමිට් වෙලා යනවා. එතකොට limit වෙන එකේ ඇඩ් කරලා තියෙන්නෙ VCC එකක් නිසා අපිට ප්‍රශ්නයක් නෑ. අපේ කාඩ් එක නැතිවෙන්නෙ නෑ. ඕනෙනම් අපිට පුලුවන් තව VCC එකක් අරන් සුදුසු විදියට කලින් PayPal එකක නොතිබුනු විදියට තමන්ගෙ පරිඝනකය සහ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක හදාගෙන තව PayPal එකක් හදලා ඒකට අලුත් VCC එකක් ඇඩ් කරලා ඒකට ඊබේ eBay payments එන විදිහට හදලා අර කලින් කිව්ව විදියටම කරගෙන යන්න.

VCC එකක් යූස් කරලා අපිට ඔය වගේ වැඩක් කරගන්නත් පුලුවන්. මගෙ පෝස්ට් සීරිස් එකේ මේ අද පෝස්ට් එක මග ඇරගත්තා කියන්නෙ ඔයාට මගෙ පෝස්ට් සීරීස් එකේ වැදගත්ම පෝස්ට් එක මගඇරගත්තා කියන එකයි. මේ පෝස්ට් එක ටිකක් ලොකුයි දිගයි. අන්තර්ගතය වැඩී. ඒත් මේ පෝස්ට් එක කියවන්නෙ නැතුව කම්මැලිකමේ ගියොත් ඔයාටමයි පාඩුව. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම කියවන්න. දෙපාරක් තුන්පාරක් හතරපාරක්. තේරෙනක්න්ම කියවන්න. අයිඩියා ඔලුවට වැටෙනකම්ම කියවන්න.

මේ තියෙන්නේ මං මේ ගැන කරපු video එක. මේ තරම්ම විස්තර කරලා නැති උනත් මේ වීඩියෝ එකත් බලන්න, ඔයාට අදහසක් ගන්න පුළුවන්.