Loading...
Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon Muskහට මේ වසරේදී Starlink Satellite Internet Service එක දියත් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්නයි ආරාධනා කර තිබෙන අතර ඔහු විසින් එම ආරාධනාව පිළිගෙන තිබෙන බවට Daily Mirror වෙබ්අඩවිය වාර්තා කර සිටිනවා.

කෙසේ වෙතත් මේ සඳහා Elon Musk ශ්‍රී ලංකාවට පැමිණෙන නිශ්චිත දිනයක් පිළිබඳව තොරතුරු තවමත් නොමැති වුවත් මේ Starlink Satellite Internet Service එක සඳහා නිසි පරිදි අනුමැතිය හිමි වු විගසම ඔහු මෙරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. දැනට වාර්තා වන තොරතුරුවලට අනුව බොහෝ විට මේ වසර අවසානය පමණ වනු ඇතැයි දක්වන්න පුලුවන්.

මේ ඔස්සේ බොහෝ දුරට මේ වසර අවසානයට පෙර ශ්‍රී ලංකාව සඳහාත් Starlink Satellite Internet Service එකේ සහාය නිල වශයෙන්ම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව දක්වන්න පුලුවන්.

Source: www.dailymirror.lk