Loading...
Samsung One UI 5.0 Update එක ගැන ඔබ දැනගත යුතු සියළුම විස්තර

Samsung One UI 5.0 යනු Google සමාගමේ Android 13 මත පදනම් වූ Samsung Galaxy Smart Phones සඳහා ම වෙන් වන සුවිශේෂී Samsung UI එකයි. සෑම වසරකම නව Android Version එක නිකුත් විමෙන් පසුව, Samsung සමාගම විසින් ගැළපෙන Galaxy Devices සඳහා Unique Features සහිත නව One UI Version එකක් හදුන්වා දීම සිදු කරනවා.

One UI 5.0 Beta වැඩසටහන පහත smartphones සඳහා ලබා ගත හැකි වේ.

  • Galaxy S22/S22+/S22 Ultra
  • Galaxy S21/S21+/S21 Ultra
  • Galaxy S20/S20+/S20 Ultra
  • Galaxy A52

Android 13 මත පදනම් වු One UI 5.0 ලබා ගැනිම සදහා සුදුසු Galaxy Devices ලැයිස්තුවක් අප සතුව (based on official information) තිබෙන අතර මෙම Samsung Galaxy Devices සදහා ඉදිරියේදි One UI 5.0 Update එක ලැබෙනු ඇත:

  • Galaxy Z Fold 4/Flip 4
  • Galaxy S22/S22+/S22 Ultra
  • Galaxy Z Fold 3/Flip 3
  • Galaxy S21 FE
  • Galaxy S21/S21+/S21 Ultra
  • Galaxy Z Fold 2
  • Galaxy Z Flip 5G
  • Galaxy S20 FE
  • Galaxy S20/S20+/S20 Ultra
  • Galaxy Note 20/Note 20 Ultra
  • Galaxy S10 Lite
  • Galaxy Note 10 Lite
  • Galaxy Tab S8 Ultra
  • Galaxy Tab S8+
  • Galaxy Tab S8
  • Galaxy Tab S7+ (LTE/5G)
  • Galaxy Tab S7 (LTE/5G)
  • Galaxy Tab S7 FE
  • Galaxy Tab S6 5G
  • Galaxy Tab S6 Lite
  • Galaxy Tab A7 Lite
  • Galaxy Tab A8 10.5 (2021)
  • Galaxy A73
  • Galaxy A53
  • Galaxy A33
  • Galaxy A71/5G
  • Galaxy A51/5G
  • Galaxy A52/5G
  • Galaxy A52s
  • Galaxy A72
  • Galaxy A Quantum
  • Galaxy Quantum 2
  • Galaxy A03s
  • Galaxy A12 Nacho
  • Galaxy A32/5G
  • Galaxy A22/5G
  • Galaxy A23
  • Galaxy A13
  • Galaxy A03
  • Galaxy M42 5G
  • Galaxy M12
  • Galaxy M62
  • Galaxy M22
  • Galaxy M31
  • Galaxy M32/5G
  • Galaxy M52 5G
  • Galaxy M33
  • Galaxy M23
  • Galaxy Xcover 5
  • Galaxy F42 5G
  • Galaxy F62
  • Galaxy F12
  • Galaxy F22
  • Galaxy F23

One UI 5.0 Features මොනවද?

Samsung හි One UI 5.0 Android 13 මත පදනම් වන අතර එයින් අදහස් වන්නේ Google හි Android 13 version එක සදහා ලැබෙන සියලුම System Level වෙනස්කම් එයට ඇතුළත් බවයි.

Look and Feel

One UI 5.0 Smart Phone අත්දැකීම Samsung සමාගම විසින් වැඩි දියුනු කර ඇත. ගැලපෙන පෙනුමක් සඳහා, පරිශීලකයින්ට දැන් ඔවුන්ගේ Preset Colours මත පදනම් වූ Themes 16ක් සහ ඔවුන්ගේ Home Screens, Icons සහ Quick Panels සඳහා තවත් Themes 12ක්ද One UI 5.0 වෙත ලබා දී ඇත.

Camera Capabilities

විවිධ Lenses, Features, සහ Controls භාවිත කරන ආකාරය පිළිබඳ ප්‍රයෝජනවත් ඉඟි සහ උපක්‍රම ලබා දෙන Pro සහ Pro වීඩියෝ Modes සමඟින් ඔබට වඩාත් උසස් තත්ත්වයේ High-Quality Photos & Videos Capture කර ගැනිමේ හැකියාව ඇත.

New Security Tools

One UI 5.0 මත, ඔබට නව Security Dash Board එකක් භාවිතයෙන් දුරකථනයේ ආරක්‍ෂිත තත්ත්වය බැලිය හැක. ආරක්ෂක ගැටළු තිබේද නැද්ද යන්න එයින් පෙන්නුම් කරයි, ඒවා තිබේ නම් ඒවා නිවැරදි කිරීමට ක්‍රම ද පෙන්නුම් කරයි තවද,

  • Incoming Calls සදහා වැඩි දියුණු කල Pop-up UI
  • ඇමතුම් අතරතුර ඔබට Quick notes ලබා ගැනිමේ හැකියාවන්
  • රූපයකින් Texts උපුටා ගැනීම වැනි බොහෝ features කිහිපයක්

UI 5.0 නිකුත් කරන දිනය:

Samsung විසින් Android 13-based One UI 5.0 Beta වැඩසටහන අගෝස්තු මස මුලදී Germany, Korea සහ US සදහා Galaxy S22 Series භාවිතා කරන්නන්ට ලබා දී ආරම්භ කරන ලදී. Beta වැඩසටහන දැන් India, China, Poland සහ UK තුළද ආරම්භ කර තිබෙන අතර Beta වැඩසටහන දැන් Galaxy S21 Series, S20 Series සහ A52 Devices සඳහා ද ලබා ගත හැකිය.

සමාගම ඉදිරි සතිවලදී Galaxy Note 20 සහ Fold 3/Flip 3 devices සඳහා ද Beta වැඩසටහන ආරම්භ කරනු ඇත. පසුව, Galaxy Z Fold 4/Flip 4 Smartphones සඳහාද Beta වැඩසටහන ආරම්භ කළ හැකි බව සමාගම පවසයි.

කොහොම නමුත් Samsung සමාගම විසින් මෙම වසරේ අවසාන වන විට One UI 5.0 එළිදැක්වීම ආරම්භ කරනු ඇති බව බලාපොරොත්තු වීමට පුලුවනි.