Loading...
නිකුත් වීමට නියමිතව ඇති නවතම iPhone 15 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumours මෙන්න  - Part I

Apple සමාගම විසින් මේ වසරේදී එළිදැක්විමට නියමිත ඔවුන්ගේ නවතම iPhone Series එකත් සමග ඔවුන්ගේ iPhones සදහා විශාල වෙනස්කම් රැසක් සිදු කීරිමට සුදානම් සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇති. එලෙස වෙනස්කම් රැසක් සමගින් මේ iPhone Series එක මේ වසර සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විමට නියමිත පවතිනවා. ඉතින් අද සිට මේ නව iPhone Series එක ගැන නව තොරතුරු සියල්ල ඔබ වෙත ගෙන ඒමට Android වැඩකාරයෝ අප සුදානමින් සිටිනවා.

සැප්තැම්බර් මාසයේදී එළිදැක්විමට නියමිතව පවතින Apple සමාගමේ නවතම iPhone 15 Series එක සමගින් iPhone Models 04ක් නිකුත් කිරීමටත් සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

එලෙස වාර්තා වෙන තොරතුරු අනුව මේ Models 04,

  • iPhone 15
  • iPhone 15 Plus
  • iPhone 15 Pro
  • iPhone 15 Pro Max හෝ iPhone 15 Ultra

ලෙසින් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Image Source - Gizchina.com

එහිදි iPhone 15 Device එක සහ iPhone 15 Pro Device එක අගල් 6.1ක ප්‍රමාණයේ Display එකකිනුත්, iPhone 15 Plus Device එක සහ iPhone 15 Pro Max Device එක අගල් 6.7ක ප්‍රමාණයේ Display එකකිනුත් සහිතව නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මීට අමතරව ඔබ මේ වෙන විටත් දන්නවා ඇති Apple සමාගම විසින් ඔවුන්ගේ සියලු නව Devices සදහා USB-C භාවිත කරන්න තීරණය කර තිබෙන බවත්. ඒ අනුව මේ Series එකේ iPhone සියල්ල USB Type C සමගින් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

එළිදැක්විමට නියමිතව තිබෙන iPhone 15 Series එකේ Camera Features පිළිබඳව වාර්තා වෙන තොරතුරුවලට අනුව iPhone 15 සහ iPhone 15 Plus Model සදහා Dual Rear Camera Setup එකකුත්, iPhone 15 Pro සහ iPhone 15 Pro Max Models සදහා Tripple Camera Setup එකකුත් ලබා දෙනු ඇතැයි දක්වන්න පුලුවන්.

Image Source - 9to5mac

මෙහි මිල ගණන් පිළිබඳව වාර්තා වෙන තොරතුරුවලට අනුව Apple සමාගම විසින් iPhone 15 Pro Modelsවල මිල ගණන් යම් තරමකින් පෙර වසරට වඩා ඉහළ දැමීමට සුදානමින් සිටින බවට වාර්තා වෙනවා. ඒ අනුව iPhone 15 Device එක ඩොලර් 799ක ආරම්භක මිලක සිටත්, iPhone 15 Plus Device එක ඩොලර් 899ක ආරම්භක මිලක සිටත්, iPhone 15 Pro Device එක ⁣ඩොලර් 1099ක ආරම්භක මිලක සිටත් සහ iPhone Pro Max Device එක ඩොලර් 1199ක ආරම්භක මිලක සිටත් වෙළෙඳපොළට නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මීලග ලිපිය තුළින් මේ iPhone 15 Series එකේ Design එක, Display Specifications, Processor Specifications සහ Battery Specifications මෙන්ම තවත් තොරතුරු රැසක් ගැන ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

Sources: Macrumors Tomsguide Phonearena