Loading...
නිකුත් වීමට නියමිතව ඇති නවතම iPhone 15 Series එක ගැන මෙතෙක් වාර්තා වී ඇති Rumors මෙන්න - Part II

එළඹෙන සැප්තැම්බර් මාසයේදී පමණ එළිදැක්විම නියමිත Apple iPhone 15 Series එකේ Models ගැන, Size එක ගැන, Camera Setup එක ගැන සහ මිල ගණන් පිළිබඳව මේ වෙන විට නිකුත් වි ඇති තොරතුරු මීට පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන එනු ලැබුවා.


Source: 9TO5Mac

මීට පෙර iPhone 15 Pro සහ iPhone 15 Pro Max Models සඳහා දැනට iPhonesවල භාවිත වෙන Physical Power & Volume Keys, static buttonsවලින් Replace වෙනු ඇතැයි තොරතුරු වාර්තා වුවා. කෙසේ වෙතත් පසුගිය දිනක මේ Haptic Buttonsවල ගැටලුවක් ඇති වි තිබෙන බවත් එම නිසා iPhone 15 Series එකේ සියලුම Devices සදහා පෙර පරිදිම Physical Power & Volume Keys භාවිත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. මීට අමතරව iPhone 15 Pro සහ iPhone 15 Pro Max Models දෙකේ Body එක සඳහා Titanium යොදා ගනු ලබන බවත් වාර්තා වෙනවා.

Source: 9TO5Mac

කෙසේ වෙතත් මේ සමඟ වාර්තා වු තවත් එක් කරැණක් වුයේ Apple සමාගමේ Iconic Feature එකක් ලෙස පවතින Mute Switch එක Programmable Key එකක් ලෙස Replace කිරීමත් සිදු වෙනු ඇතැයි වාර්තා වුවා. තවමත් එය එලෙසම සිදු වෙනු ඇතැයි තොරතුරු වාර්තා වන අතර ඒ අනුව මේ Programmable Key එක Mute Switch එක මෙන්ම Camera එක සදහා සහ Siri භාවිත කිරීම වැනි වෙනත් දේවල් සඳහාත් භාවිත කළ හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Apple iPhone 15 Series එකේ Models සඳහා OLED Screen භාවිත වෙනු ඇති අතර iPhone 15 Pro සහ iPhone 15 Pro Max Models සඳහා ProMotion 120Hz Feature එකත්, iPhone 15 Series එකේ සියලුම iPhone Models සදහා Dynamic Island Feature එක හිමි වෙනු ඇති බවත් වාර්තා වෙනවා.

Source: MacRumors

මේ Series එකේ iPhone 15 සහ iPhone 15 Plus Models දෙක Colour Options 06 කින් යුතුවත්, iPhone 15 Pro සහ iPhone 15 Pro Max Space Black, Silver, Gold සහ Deep Red ලෙසින් Colour Options 04 කින් යුතුවත් එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ වගේම iPhone 15 සහ iPhone 15 Plus Models පසුගිය වසර නිකුත් වුණ iPhone 14 Pro Devices සඳහා යොදා ගත් Apple A16 Bionic Chipset එකෙන් ද, iPhone 15 Pro සහ iPhone 15 Pro Max Models සඳහා Next Generation Apple A17 Bionic Chipset එකත් යොදා ගනු ඇතැයි දක්වන්න පුලුවන්. මීට අමතරව iPhone 15 Pro සහ iPhone 15 Pro Max Models සඳහා 8GB RAM එකකුත්, iPhone 15 සහ iPhone 15 Plus Models සඳහා 6GB RAM එකකුත් ලබා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වෙනවා.

මේ Series එකේ iPhonesවල Battery Capacity පහත පරිදි වන අතරම Models සියල්ලම සඳහා 25W Charging සදහා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර Pro Models සඳහා 30W Fast Charging පහසුකමත් ලබා දීමේ යම් ඉඩක් පැවතිය හැකි බව කිව යුතුයි.

  • iPhone 15 - 3279 mAh
  • iPhone 15 Plus - 4325 mAh
  • iPhone 15 Pro - 3200 mAh
  • iPhone 15 Pro Max - 4323 mAh

iPhone 15 Series එකේ සියලුම Models සඳහා MagSafe wireless charging පහසුකමත් ලැබෙන බව බලාපොරොත්තු වෙන්න පුලුවන්.


මෙම ලිපි දෙක මගින්ම සැප්තැම්බර් මාසයේදී එළිදැක්විම නියමිතව තිබෙන නවතම iPhone Series එක පිළිබඳව මේ වෙන විට අන්තර්ජාල තුළ වාර්තා වෙන තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කර ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ මේ iPhone Series එක පිළිබඳව මීට වඩා තහවුරු කළ හැකි තොරතුරු වාර්තා වෙන ඇතැයි බලාපොරොත්තු විය හැකි වෙනවා. එම තොරතුරුත් ලද සැණින් Android වැඩකාරයෝ අප ඔබ වෙත ගෙන ඒමට සුදානම්.

Sources: Macrumors Tomsguide Phonearena