Loading...
Microsoft Windows වලට අවුරුදු 34යි

1983 නොවැම්බර් 10 වෙනිදා ඇමෙරිකාවේ ජීවත් උනු බිල් ගේට්ස් නම් පුද්ගලයෙක්  පරිගණක සඳහා මෙහෙයුම් පද්ධතියක් නිකුත් කළා  MS-DOS නමින්  අපි අද පාවිච්චි කරන තරමේ අංග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් නොවුනු මේක  CLI(Command Line Interface) එකකින් යුක්ත උනා.

සිංහලෙන් අපි දන්න විදියට කියනවනම් විධාන පේලි අතුරුමුහුණතක් තමා තිබ්බේ,ඉතින් ඒ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරලා හරියටම අවුරුදු දෙකකට පස්සේ, දිනෙත් එක්ක කිවුවොත් 1985 නොවැම්බර් 20 වෙනිදා ඉස්සෙල්ලම Windows 1.0 කියන මෙහෙයුම් පද්ධතිය නිකුත් කළා.

මේ මෙහෙයුම් පද්ධතියේ තියෙන විශේෂත්වය තමා මේක නිකුත් උනේ  GUI(Graphical User Interface) එකකින් ඒ කියන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණතකින් මේ නිසා මේ මෙහෙයුම් පද්ධතිය කා අතරත් ජනප්‍රිය වෙන්න ගත්තා.මේ ජනප්‍රියතාවයට මූලිකව හේතු උනේ

මේකේ තිබ්බ MS-DOS එකත් එක්ක බැලුවම තියෙන හැසිරවීමේ හා වැඩ කිරීමේ පහසුව කියන කාරණා තමයි.ඊට පස්සෙ ආපු හැම Windows මෙහෙයුම් පද්ධතියක්ම ආවේ GUI(Graphical User Interface) එකකින්.

කොහොමින් හරි මේ විදියට ජනප්‍රිය උණු  Windows මෙහෙයුම් පද්ධතිය තවත් අලුත් වෙන්න පටන් ගත්තා ඒ වැඩේට ඉස්සෙල්ල කියපු බිල් ගේට්ස් වගේම එයාගේ හොදම යාලුවෙක් වෙච්ච පෝල් ඇලනුත් මේකට දායක වෙලා තියෙනවා.ඉතින් පස්සෙ කලෙකදි මේ දෙන්න විසින්  Microsoft සමාගම නිර්මාණය කරනවා.

ඊට පස්සේ  1993 වර්ෂයේදී  Microsoft සමාගම විසින් තමන්ගෙ අලුත්ම  Windows NT Kernel එක නිර්මාණය කරනවා. පස්සෙ ඒ Kernel එක පාදක උනු මෙහෙයුම් පද්ධතිය 1995 වර්ෂයේදී  Windows NT නමින් මහජනයාට නිකුත් කරනවා.

එයින් පස්සෙ ආපු ඔක්කොම Windows මෙහෙයුම් පද්ධති සංස්කරණවලට පාදක වෙලා තියෙන්නෙ Windows NT Kernel එක කියලයි Microsoft සමාගමනම් කියන්නෙ.

වර්තමානය වෙනකන් ගත්තම මේ වෙද්දි Windows මෙහෙයුම් පද්ධති සංස්කරණ රාශියක් නිකුත් වෙලා තියෙනවා.ඒ වගේම කියන්න ඕනෙ විශේෂ කාරණය තමයි Microsoft සමාගම නිවේදනය කලා  Windows 10 වලින් පස්සෙ

අලුත් Windows Version එකක් Release නොකර  Windows 10 වලටම Update එවල දිගටම පවත්වගෙන යනවා කියල ඉතින් කොහොමින් කොහොමහරි මේ වෙද්දි  Windows 10 අංග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් වෙලා ඉවරයි.

මේ තියෙන්නෙ Windows Version History එක

MS-DOS – Microsoft Disk Operating System

Windows 1.0 – 2.0

Windows 3.0 – 3.1

Windows 95

Windows 98

Windows ME – Millennium Edition

Windows NT 31. – 4.0

Windows 2000

Windows XP

Windows Vista

Windows 7

Windows 8

Windows 10

මේ වෙද්දි ලෝකයේ මෙහෙයුම් පද්ධති පරිශීලකයන් පාවිච්ච් කරන මෙහෙයුම් පද්ධති අතර තම අණසක පතුරවන්න Windows මෙහෙයුම් පද්ධතියට හැකිවෙලා තියෙනවා.

Statcounter (http://gs.statcounter.com)වෙබ් සයිට් එකට අනුව Worldwide Operating System Market Share(Oct 2017 – Oct 2018) එකේ 37.42% ක වැඩිම අගයක් අරන් තියෙන්නෙ Windows මෙහෙයුම් පද්ධතිය,

ඒ වගේම කියන්න ඕනෙ FOSS එකක් වන Android මෙහෙයුම් පද්ධතියයත් කරට කර ඉන්නවයි කියන එක.

Worldwide Windows Version Market Share එකට අනුව Windows මෙහෙයුම් පද්ධති සංස්කරණ අතුරිනුත් වැඩිම පරිශීලකයන් පාවිච්ච් කරන මෙහෙයුම් පද්ධතිය වෙලා තියෙන්නෙ

Windows 10 (කලින් නම් Windows 7 තමා තිබ්බෙ 2009-2014 වගේ කාලෙ) ඒකට ප්‍රධාන හේතුවක් විදියට දැන් එන ගොඩක් Devices Windows 10 වලට compatible විදියට නිෂ්පාදනය කරන එකත් දක්වන්න පුලුවන්.

කොහොම උනත් ශ්‍රී ලංකාව ගත්තම Windows Version Market Share එක ගත්තම මේ වෙද්දි ශ්‍රී ලාකිකයන් වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නෙත් Windows 10 තමයි.

ඔන්න ඔය විදියට දුර ගමනක් ආපු Windows මෙහෙයුම් පද්ධතිය 34 වියට පා තබල තියෙනවා.

ඉතින් අපිත් පරිගණක තාක්ෂණයේ අලුත් පිටුවක් පෙරලපු Windows වලට සුබ උපන්දිනයක් වේවායි කියමු.

Image source:Internet/Statcounter/microsoft.com