Loading...
iPhone 12 seriesහි ජංගම දුරකතන reverse charging සඳහා සහය දක්වන බවට FCC මඟින් ප්‍රකාශ කරයි

iPhone 12 Series එක කියන්නේ මේ වස⁣රේ නිකුත් වුන Powerfullම iPhone Series එක කිවොත් නිවරදයි. ඒ වගේම මේ iPhone 12 Series එකේ Devices මගින් ඉදිරියේදි වෙනත් Accessories Wireless Charge කිරිමේ හැකියාව ලැබෙනු ඇති බවට මේ බව විට තොරතුරු පල වෙනවා.

ඒ වගේම Apple සමාගම විසින් ඔවුන්ගේ 2020 iPhones WPT Charging Function එක සදහා සහය දක්වන බව දක්වා තිබෙනවා. ඒ අනුවත් අපිට ඉදිරියේදි iPhone 12 Series එක මගින් Apple Accessories wirelessly Charge කිරිමය හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ Feature එක ලබා දෙනව නම් Software Update එකක් මගින් ඉදිරියේදි Apple සමාගම විසින් ලබා දෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරු නොමැති වුවත් Mark Gurmanගේ Tweet එකෙනුත් ඔහු දක්වා තිබෙනවා iPhone 12 Series එක සදහා Reverse-wireless charging feature එක ලබා දෙනු ඇති බව. නැතිනම් Next Gen Airpods, MagSafe මගින් ආරෝපණය කල හැකි වෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි.

Apple සමාගමේ Reverse Wireless Charging පිළිබඳව මුලින්ම කතාබහ ඇරඹුනේ iPhone 11 Series එකේදියි. නමුත් අපිට එහිදි මේ Feature එක බලා ගන්න පුළුවන් වුණේ නම් නැ. ඒ වගේම ලොව ප්‍රධාන පේලේ Smartphone සමාගමක් Reverse Wireless Charging Technology එක තමන්ගේ ප්‍රධාන Smartphone Series එකකට ඇතුලත් කරන පළමු අවස්ථාවත් මෙය නෙවේ. Samsung Galaxy S10 Series එකේදි ද අපිට ⁣මේ Reverse Wireless Charging Feature එක ලබා දි තිබුණා. ඒ වගේම OnePlus හා Oppo සමාගම් ද ඔවුන්ගේ Smartphone සදහා මේ Feature එක මේ වන විටත් යොදාගෙන තිබෙනවා. මේ හේතුන් නිසා Apple සමාගම විසින් iPhone 12 Series එක සදහා Reverse Wireless Charging Feature එක ලබා දුන්නත් එය එතරම් පුදුමයක් නොවන අතර මෙය iPhone Usersලාට නම් හොද ආරංචියක් වන බව නිසකයි.

Source: Mobilesyrup, Gizmochina