Loading...
YouTube Music වෙනුවට නොමිලේ ගීත වලට සවන් දිය හැකි විකල්ප ක්‍රමය​න් මෙන්​න

ඔයාලා දන්නවනෙ music online stream කරන්න ගොඩක් platforms තියෙනවා කියලා. ඒ අතට වඩාත්ම තරඟකාරී platform කිහිපයක් තමයි Apple music, Spotify, Tidal, Deezer සහ YouTube music කියන්නෙ. ඔයාලා දන්නවද ඒ අතුරින් Mod apps යූස් නොකර YouTube music සම්පූර්ණයෙන්ම නොමිලේ අහන්න පුළුවන් කියලා.

මම අද කියන යන්නෙ අන්න එහෙම කරන්න පුළුවන් app දෙකක් ගැන. මේ දෙක රිලීස් කරලා තියෙන්නෙ GitHub හරහා open source project විදියට. එහෙනම් ඔයාලත් යූස් කරලම හොඳ නරක බලන්නකො.

ViMusic

මේකෙදි ඔයාලට පහත සඳන් features ලැබෙනවා.

  • Play (almost) any song or video from YouTube Music
  • Background playback
  • Cache audio chunks for offline playback
  • Search for songs, albums, artists videos and playlists
  • Bookmark artists and albums
  • Import playlists
  • Fetch, display and edit songs lyrics or synchronized lyrics
  • Local playlist management
  • Reorder songs in playlist or queue
  • Light/Dark/Dynamic theme
  • Skip silence
  • Sleep timer
  • Audio normalization
  • Android Auto
  • Persistent queue
  • Open YouTube/YouTube Music links (watchplaylistchannel)

මේකෙදි ඔයාලට YouTube Music වල නැති සින්දු YouTube හරහා සර්ච් කරගෙන audio විදියට අහන්නත් පුළුවන්. ඒකට ඇප් එකේ Videos කියන ටැබ් එකට යන්න.

ඔයලාට පුළුවන් ViMusic app එක මෙතනි ඩවුන්ලෝඩ් කරගන්න.

▪️ Gyawun

මේකෙ තියෙන විශේෂත්වෙ තමයි මේක YouTube music වගේම JioSaavn කියන platform දෙකටම සපෝට් කරනවා. මේකෙ country එක විදියට අපිට Sri Lanka කියලා තෝරන්න පුළුවන්. ඒ වගේම මේකෙ තියෙන අනිත් විශේෂම කාරනේ වෙන්නෙ අපිට පුළුවන් offline අහන්න මේකෙ සින්දු download කරගන්න. එහෙනම් මේකත් යූස් කරලම බලන්න පුළුවන් ඔයාලට මේකෙ හොඳ නරක. මේ app එකනම් තවමත් develop වෙන ගමන් තියෙන්නෙ. ඒ නිසා සමහරවිට bugs තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් ඒවා ඉදිරියේදි fix වෙයි.

ඔයලාට පුළුවන් Gyawun app එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

එහෙනම් ඉදිරියේදි තවත් ලිපියකින් හමුවෙමු. 😉