Loading...
මාර්තු 17 වන දින Galaxy Awesome Unpacked event එකේදී Galaxy A52 සහ Galaxy A72 එලිදැක්වීමට Samsung සමාගම සූදානම් වේ

Samsung Galaxy A Series එක කියන්නේ Samsung Fansලා අතර අතිශය ජනප්‍රිය වුන Smart Phone Series එකක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්. මේ A Series එකේ 2021 වසරට අදාල Editions විදිහට Galaxy A52 හා Galaxy A72 නිකුත් කිරිමට Samsung සමාගම බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මේ 2021 A Series එක එළිදැක්වීම මේ මස 17 වෙන දින Virtual Event එකක් විදිහට පැවැත්විමට නියමිත වෙනවා.

Galaxy Awesome Unpacked නමින් නම් කර ඇති මේ Unpacked Event එකේ දි Galaxy A52 හා Galaxy A72 එළිදැක්වීමට නියමිත වෙනවා. මේ Devices දෙකම IP67 Water & Dust Resistance Protection එකත් සමග 90Hz Refresh Rate එකකින් යුතු Display එකක් සමග එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙහි Galaxy A52 Device එක 4G මෙන්ම 5G Versionවලිනුත් Galaxy A72 Device එක 4G Version එකෙන් පමණක් විදිහටත් නිකුත් වෙනු ඇත.

Samsung Galaxy A52

Samsung Galaxy A52

අගල් 6.5ක Super AMOLED FHD+ Infinity O Design එකේ Display එකකින් සමන්විත වෙන මේ Device Qualcomm Snapdragon Chipset මගින් බලගැන්වෙනු ඇත. බොහෝ විට 4G Version එක සදහා Snapdragon 720G Chipset එකත් 5G Version එක සදහා 750G Chipset එකත් යොදා ගනු ඇත.

64MP Primary Lens එකකින් සමන්විත Rear Quad Camera Setup එකකින් සමන්විත වෙන අතර Front Camera එක සදහා 32MP Lens එකක් භාවිත කර තිබෙනවා. Rear Camera Setup එකේ Primary Lens එක OIS Feature එකත් සමග පැමිණෙන අතර 8MP Ultrawide Lens එකක්, 5MP Macro Lens එකක් හා 5MP Depth Sensor එකක් මේ Rear Camera Setup එක සදහා භාවිත වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

සැම A Series Device එකක මෙන්ම මේ A52 Device එක සදහාත් In-screen Fingerprint Sensor එකක් ලබා දි තිබෙනවා. 6GB / 8GB RAM හා 128GB / 256GB Internal Storage Optionsවලින් ලබා ගත හැකි වෙනු ඇත. ඒ වගේම මේ සදහා 25W Fast Charging Technology එක සහිත 4500mAh Battery එකක් ලබා දි තිබෙනවා.

Samsung Galaxy A72

Samsung Galaxy A72

අගල් 6.7ක Super AMOLED FHD+ Infinity O Design එකේ Display එකකින් සමන්විත වෙන මේ Device Qualcomm Snapdragon Chipset මගින් බලගැන්වෙනු ඇත. බොහෝ විට මේ Device එක 4G Version එකකින් පමණක් එළිදැක්වීමට නියමිත වෙන අතර ඒ සදහා Qualcomm 720G Chipset එකත් යොදා ගනු ඇත.

64MP Primary Lens එකකින් සමන්විත Rear Quad Camera Setup එකකින් සමන්විත වෙන අතර Front Camera එක සදහා 32MP Lens එකක් භාවිත කර තිබෙනවා. Rear Camera Setup එකේ Primary Lens එක OIS Feature එකත් සමග පැමිණෙන අතර 8MP Telephoto Lens එකක් ද ලබා දි තිබෙනවා. මේ Telephoto Lens එක 2x Optical Zoom සදහා සහය දක්වනු ඇත. මිට අමතරව 12MP Ultrawide Lens එකක් හා 2MP Macro Lens එකක් ලබා දි තිබෙනවා.

මේ Device එක සදහාත් In-screen Fingerprint Sensor එකක් ලබා දි තිබෙන අතර 6GB / 8GB RAM හා 128GB / 256GB Internal Storage Optionsවලින් ලබා ගත හැකි වෙනු ඇත. ඒ වගේම මේ සදහා 25W Fast Charging Technology එක සහිත 5000mAh Battery එකක් ලබා දි තිබෙනවා.

තවමත් නිල වශයෙන් මේ Devices දෙක පිළිබඳව තොරතුරු වාර්තා නොවුවත් ඉදිරි දින කිහිපය තුල නිල වශයෙන්ම මේ Series එකේ සමහර Features පිළිබඳ තොරතුරු වාර්තා වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gizmochina