Loading...
Samsung Galaxy S25 Series එක එළිදැක්වෙන දිනය නිල වශයෙන් නිවේදනය කරයි

Samsung සමාගමේ මේ වසරේ නිකුත් කරන පළමු Flagship Smartphone Series එක ලෙස එළඹෙන ජනවාරි 22 වැනි දින පැවැත්වෙන Galaxy Unpacked Event එකේදී Galaxy S25 Series එක නිල වශයෙන් එළිදැක්විමට සුදානමින් සිටින බවට මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මේ Galaxy Unpack Event එක වසර තුනකට පසුව ඇමරිකාවේදී පැවැත්වීමට නියමිත වන අතර මේ Galaxy Unpack Event එක Samsung.com සහ Samsung නිල YouTube නාලිකාවෙන් සජීවිව විකාශය වනු ඇත.

තවද මෙම Event එකේදී s25 Series එකට අමතරව Samsung සමාගමේ තවත් නව Product එකක් එළිදැක්වීම හෝ හඳුන්වාදීමක් සිදුවීමට නියමිතව ඇති බවටද තොරතුරු හුවමාරු වනවා. එමෙන්ම මෙම Event එකට සමගාමීව Samsung දුරකථනවල සුපුරුදු Ring Tone එක වූ Over the Horizon ගීතයේ නව සංස්කරණයක්ද නිකුත් වනු ඇතැයි ඉහත Teaser Video එක තුළින් හෙළිවනවා.

Samsung S25 Series එක පිළිබඳ වාර්තා වූ Rumors කිහිපයක් පිළිබඳ අප විසින් මීට පෙර ගෙන ආ ලිපි කිහිපයක් පහතින් ඔබට කියවිය හැක.

Samsung Galaxy S25 මාදිලීන් සඳහා Exynos 2500 chipset එක භාවිතා කරනු ඇතැයි වාර්තා ​වේ
එළඹෙන වසරේ ජනවාරි මාසයේදී පමණ එළි දැක්වීමට නියමිතව පවතින Samsung සමාගමේ Premium Smartphone Series එක වන Galaxy S25 Series එක පිළිබඳව මේ වන විට විවිධ තොරතුරු අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඒ අනුව ඔබට මතක ඇති මීට පෙර අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා S25 Series එකේ සිට Plus මාදිලිය අතහැර දැමීමට Samsung සමාගම සුදානම් බව සහ මේ Series එකේ Camera Setup එකේ Ultra Wide Camera එක පමණක් Upgrade වනු ඇති බවත්. මේ වන විට වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Galaxy S25 Series එක Snapdragon සහ Samsung Exynos Chips
Samsung Galaxy S25 Ultraහි Ultra-wide කැමරාව පමණක් upgrade වනු ඇති බවට වාර්තා ​වේ
Samsung සමාගමේ Premium Smartphone Series එක වන Galaxy S Series එකේ නවතම Galaxy S25 Series එක එළඹෙන වසරේ ජනවාරි මස පමණ නිකුත් වීමට නියමිතව තිබෙනවා. දැනටමත් විවිධ අවස්ථාවල S25 Series එක පිළිබඳව විවිධ නිල නොවන තොරතුරු වාර්තා වු අතර මේ Series එක සමඟ ඔවුන්ගේ Plus මාදිලිය අතහැරීමට Samsung සමාගම සුදානම් බවටත් අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා. වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Galaxy S25 Ultra මාදිලියේ Camera Setup එක මේ වසර නිකුත් වු S24 Ultra මාදිලියටම සමානකම් දක්වනු ඇති අතර එහි සිදු කර ඇති එකම වැඩි දියුණු කිර
Galaxy S25 සි​ට Plus මාදිලිය අත්හැරීමට Samsung සූදානම් වේ?
Samsung සමාගම විසින් සෑම වසරක්ම ආරම්භයේදී ඔවුන්ගේ Premium Galaxy S Series එක නිකුත් කරන බව ඔබ දැනටමත් දන්නවා. ඒ අනුව ඔවුන් විසින් මේ වන විටත් එළඹෙන වසර එළිදැක්වීමට සුදානමින් සිටින Galaxy S25 Series එක පිළිබඳව කටයුතු කරමින් යන අතරම විවිධ මුලාශ්‍රයන් ඔස්සේ විවිධ තොරතුරු මේ Series එක පිළිබඳව වාර්තා වීමත් මේ වන විට ඇරඹි තිබෙනවා. වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගම විසින් එළඹෙන වසරේදී ඔවුන්ගේ මේ Galaxy S25 Series එක සමගින් මෙතෙක් කල් ඔවුන් නිකුත් කළ Plus Device එක නිකුත් නොවෙනු ඇති බවට දක්ව

කෙසේ වෙතත් තවමත් Samsung සමාගම විසින් නිල වශයෙන් Galaxy S25 Series එක එළිදැක්විමට නියමිත දිනය පිළිබඳව පමණක් තොරතුරු නිකුත් කර ඇති අතර Galaxy S25 Series එක නිකුත් වු විගස තොරතුරු දැනගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: samsung.com Cover Image: Samsung