Loading...
Apple සමාගමේ නවතම A18 Pro චිප්සෙට් එක පැරදවීමට Snapdragon 8 Gen 4 සමත් ​වේ

මේ වෙනකොට වෙළඳපලේ තියෙන බලවත්ම ජංගම දුරකතන චිප්සෙට් එක සතුවන්නේ Apple iPhone 16 Pro මාදිලිය සතු A18 Pro යන චිප්සෙට් එක බව ඔබත් මමත් අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. ඇපල් සමාගම විසින් නිෂ්පාදිත A18 Pro චිප්සෙට් එක තවදුරටත් බලවත්ම චිප්සෙට් එකද යන්න ප්‍රශ්නාර්තයකට ලක් කරමින් Snapdragon 8 Gen 4 වලින් බල ගැන්වෙ​න Samsung Galaxy S25 Ultra Geekbenchහි ලැයිස්තුගත වීමත් සමඟයි.

නුදුරේදීම වෙළඳපලට නිකුත් වෙන්න තියෙන chipset එකක් තමයි Snapdragon 8 Gen 4 කියන්නේ. මේ චිප්සෙට් එක වැඩි CPU සහ GPU වේගයකට හිමිකම් කියනවා.

Geekbench 6.3හි ලැයිස්තුගත වී ඇති ආකාරයට S25 Ultra දුරකතනය සතුව single-core score එක 3,069ක් ලෙසත් multi-core score එක 9,080ක් ලෙසත් සඳහන් වනවා.

S25 Ultra සමඟින් පැමිණෙන Snapdragon 8 Gen 4 චිප්සෙට් එක 4.19GHz වේගයකින් යු​තු Oryon cores දෙකකින් සහ 2.90GHz වේගයකින් යුතු Oryon cores 6කින් බල ගැන්වෙනවා. Singe-core score එකේදී Apple A18 Pro වලට පසුපසින් සිටියත් Multi-core score එකේදී ඉහළ අගයකින් Apple A18 Pro වලට වඩා ඉදිරියෙන් සිටින්නට සමත් වනවා.

Source: www.sammobile.com wccftech.com