Loading...
Google සමාගමේ opensource කෘත්‍රීම බුද්ධි මොඩලය: Google Gemma

Google DeepMind සහ Google ආයතනයේම අනෙකුත් කණ්ඩායම් එකතුව Gemma කියන lightweight language model එක හදල තියෙන්නෙ අපි හැමෝම භාවිතා කරන Gemini model එක නිපදවන්න පාවිච්චි කරපු පර්යේෂණ හා තාක්ෂණයන් භාවිතයෙන්ම බව තමයි සදහන් වෙන්නේ.

Google ආයතනය AI තාක්ශණය ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන ආයතනයක් විදියට පෙන්වලා දෙන්න අතර ඔවුන් විසින් විවෘත ප්‍රජාවට (Open Community ) Open source tools රැසක්ම මේ වන විට හදුන්වලා දීල තිබෙනවා. උදාහරණ ලෙස Transformers, TenserFlow, BERT, T5, JAX, AlphaFold සහ AlphaCode ආදිය පෙන්වලා දෙන්න පුලුවන්. ඒ වගේම මේ Gemma කියන open model එකත් Google ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබුවේ Responsible AI සදහා Researchersලට සහ Developersලට සහය වීමට බවයි ඔවුන් විසින් වැඩි දුරටත් සදහන් කරන්නේ. ඒ වගේම මෙය ලෝව පුරා පරිශීලකයන්ට භාවිත කළ හැකි ආකාරයට එනම්, Open source ලෙසින් බ​ව සදහන් කල යුතුයි.

මොනවද මේ Gemma වල තියෙන විශේෂ ලක්ෂ​ණ?

  1. Gemma model එකේ weight එක size දෙකකින් Gemma 2B සහ Gemma 7B විදියට දැකගන්න පුලුවන්. මේ size දෙකම pre-trained සහ instruction-tuned ප්‍රභේදයන්.
  2. අලුත් Responsible Generative AI Toolkit එක මගින් Safe AI Applications හදන්න අවශ්‍ය වෙන සහය වගේම Tools ලබා ගන්නත් පුලුවන්.
  3. Inference සහ Supervised Fine-Tuning (SFT) වලට අවශ්‍ය JAX, PyTorch සහ TenserFlow වගේ frameworks වලට අවශ්‍ය Toolchains ලබාදීම.
  4. Hugging Face, MaxText, NVIDIA Nemo සහ TensorRT-LLM වගේ tools integrate කරන්න පුලුවන් භාවිතයට සූදානම් Colab සහ Kaggle Notebooks.
  5. ඔයාගේ Laptop එක, Workstation එක හෝ Google Cloud එක භාවිතයෙන් Google Vertex AI හා Google Kubernetes Engine (GKE) හරහා පහසුවෙන්ම Deploy කරගන්න පුලුවන් පෙර පුහුණු කල instruction-tuned Gemma Models පැවතීම.
  6. NVIDIA GPUs සහ Google TPUs වගේ AI Hardware platforms වල පහසුවෙන් Optimization සිදුකල හැකිවීම.
  7. ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාර සදහා වාණිජමය වශයෙන් භාවිතයට අවසර ලබාදී තිබීම.

Google ආයතනය පවසන විදියට මේ Gemma model එක, ඔවුන්ගේ ප්‍රබලතම සහ විශාලතම AI model එක වන Gemini model එක සමග Technical සහ Infrastructure components හුවමාරු කරගැනීමක්ද සිදුකරනවා. මේ නිසා Gemma 2B සහ Gemma 7B models, අනෙකුත් open models වලට සාපේක්ශව ඉතාමත් හොද Performance පෙන්වනවා දැකගන්න පුලුවන්.

A chart showing Gemma performance on common benchmarks, compared to Llama-2 7B and 13B
Gemma සහ Llama - 2 සන්සන්දනය

මේ model එකේ විශ්වාසනීයත්වය (Reliability) සහ ආරක්ෂිත බව (Safety) තහවුරු කරගැනිම සදහා, ස්වයංක්‍රීය තාක්ෂණික ක්‍රම බාවිත කරන බවත් සදහන් වෙනවා. ඒ වගේම Extensive fine-tuning සහ Reinforcement Learning හරහා පරිශීලකයන්ගේ Feedbacks භාවිතා කර Responsive Behavior එක පවත්වාගන්නවා. ඊට අමතරව Gemma model එකේ පැවතිය හැකි දෝෂ සහ අවධානම් මගහරවා ගැනීමට manual red-teaming සහ automated adversarial testing ද, අවධානම් ක්‍රියාකාරකම් වලක්වා ගැනීමට විවිධ ඇගයීම් පවත්නවන බවත් Google ආයතනය වැඩි දුරටත් සඳහන් කරන බව දක්වන්න පුලුවන්.

නවතම Responsible Generative AI Toolkit එක හරහා Researchers ට සහ Developers ට Safe and Responsible AI Applications නිර්මාණය කිරීමේදී හොද සහයක් ලබාගන්න පුලුවන්. ඒ හරහා Gemma model එකේ හැසිරීම සහ දෝෂ හදුනාගන්න debugging feature එකද , Google ආයතනයේ Large Language Models නිර්මාණය හරහා සොයා ගනු ලැබූ Best Practices දැනගැනීමටද හැකියාව හිමිවෙනවා.

Gemma model එක Developers ල සහ Researchers ල ඇතුලත් විවෘත ප්‍රජාවට ලබා දී තිබෙන්නේ AI තාක්ෂණය හරහා නව නිපැයුම් දිරිමත් කිරීමේ අදහසිනුයි. ඒ නිසා ඔබට Gemma model එක Kaggle හරහා නොමිලේද, Colab notebooks හරහා Free tier එක යටතේද, First time Google Cloud පරිශීලකයන්ට $300 ක Credits යටතේද ලබාගත හැකියි. Researchers ලට Google Cloud Credits $500,000 දක්වා ඉල්ලුම් කලහැකියි.

වැඩිදුර විස්ත​ර: blog.google