Loading...
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන බවයි. නමුත් ඒ වන විටත් බොහෝ පරිශීලකයන්ගේ විශ්වාසය වූයේ “Incognito mode” මගින් තමන්ට රහසේ තමන්ගේ වැඩ කටයුතු කර ගත හැකි බවත් එහි දී කිසිදු දත්තයක් රැස් නොවන බවයි.

නමුත් මේ ළගකදී නැවත කැදවූ එම නඩුවේදී Google සමාගම විසින් “Incognito mode” මගින් පරිශීලකයන්ගේ රැස් කල දත්ත සියල්ල විනාශ කිරීමට එකගතාවයකට පත් වුයේ බොහෝමයක් පරිශීලකයන්ව අන්ද මන්ද කරමින් ය. ඔවුන් ඒ සදහා එකගතාවය ප්‍රකාශයට පත් කිරීමෙන්ම සහතික වන්නේ මෙතෙක් කල් “Incognito mode” මගින් ද පරිශීලකයන්ගේ දත්ත ඔවුන් රැස් කර ගෙන ඇති බවයි.

California federal judge මගින් එම තීරණය සනාථ කල අතර එම තීරණය Google පරිශීලකයන් මිලියන 136 වෙත බල පැවැත්වේ. එසේම ඉදිරියේදීද නැවත ඔවුන්ගේ දත්ත රැස් කිරීම සදහා සීමා පනවන බවක් ද Google සමාගම විසින් තීරණය කර ඇත.


මෙම නඩු විභාගයේ යෝජනාව සදහා පමණක් ඩොලර් බිලියන 5ක් වියදම් වී ඇති අතර තවමන් විනාශ කිරීමට බලාපොරොත්තු වන දත්තය​න් හි වටිනාකම ගණනය කිරීමට නොහැකි වී ඇත.

“This Settlement ensures real accountability and transparency from the world’s largest data collector and marks an important step toward improving and upholding our right to privacy on the Internet,”

ලෙස පැමිණිලිකාර පාර්ශවය පවසන අතර එයට පිළිතුරු ලබා දෙමින් Google සමාගමේ José Castañeda පවසන්නේ කිසිදු ලෙසකින් නැවත යොදා නොගත් පැරණි තාක්ෂණික දත්ත මකා දැමීමට යෑම පිළිබද ඔවුන් සතුටු වන බවයි.

“We are happy to delete old technical data that was never associated with an individual and was never used for any form of personalization.”

මෙමගින් පැහැදිලි වන්නේ Google සමාගම ඔවුන් වෙත මෙම වැරැද්ද පටවා ගැනීමක් සිදු නොකරන අතර ඔවුන් කෙසේ හෝ පවසන්නට උත්සහ දරන්නේ රැස් කරගත් දත්ත නැවත කිසිදා භාවිතා නොකර ඇති බවයි.


මේ වන විට ඔවුන් එම දත්ත විනාශ කිරීම ආරම්​භ කර ඇති යැයි අපි විශ්වාස කරමු. ඉතින් මේ වගේ තවත් විශේෂ Tech News දැනගන්න රැදී සිටින්න Android වැඩකාරයෝ අපි සමගින්.

Source: www.bitdefender.com www.theverge.com