Loading...
Google සහ SONY සමාගම් එක්ව Android මෙහෙයුම් පද්ධතිය සඳහා 360 Reality Audio සහය ලබා දීම සඳහා සූදානම් වන ලකුණු

Sony සමාගම විසින් මේ වන විට MPEG-H 3D audio codec මූලික කරගෙන 360 Reality Audio තාක්ෂණයක් නිර්මාණය කරමින් පවතිනවා. නමුත් දැනට මෙම තාක්ෂණය Sony සමාගමේම Smartphones වලට සහ ඒ සහයත් Apps කිහිපයක් සදහා පමණක් බවයි වාර්තාවන්නේ.

Android Open Source Project එක තුළ 360 Reality Audio නම සදහන් Code Reviews කිහිපයක් පළවී තිබෙනවා. මෙම Code Review පළකර තිබුණේ Sony සමාගමේ සහ Google සමාගමේ developersල විසින්. ඒවා අනුව Android හි MPEG4 Extractor System Component එක තුළට MPEG-H 3D සහය ලබාදීමට ක්‍රියාකරමිනුත් අනෙත් Code Review එක විශේෂයෙන්ම ලබාදී තිබුණේ Sony 360 Reality Audio සදහායි.

එම Code Reviews වල Sony සමාගමේ Software Engineer කෙනෙක් වන Kei Murayama විසින් comment එකක් මගින් Google හා Sony අතර මෙම සම්බන්ධතාවය තහවුරු කර තිබුණා.

"This is one of the patches mentioned in the meeting 'Android OS 360RA Support' between Google and Sony" ලෙසින්  එම comment එකෙහි සදහන් වී තිබුණා.

"MPEG4Extractor: support MPEG-H 3D Audio (2/2) MPEG-H 3D Audio is a new spatial sound codec, standardized in ISO/IEC 23008-3. Add support for demuxing MPEG-H 3D Audio format in MPEG4Extractor so that vendors can integrate MPEG-H decoder with Codec2.0 interface. - Add parsing logic of MPEG-H 3D Audio files. - Make sync sample to be recognized for MPEG-H 3D Audio data to seek properly because it uses USAC. Test: Parse MPEG-H file with MediaExtractor Change-Id: I9c1dc6f9ffd008392a8960896a58eb94cc55c530"
"Add support for 13ch audio layout for 360 Reality Audio - Add definitions for the front bottom channels. - Add definition for 13ch mask which uses surround 5 channels, top 5 channels and bottom 3ch channels. Test: Play wav with 13ch mask after OUT_CHANNEL_COUNT_MAX to 24 Change-Id: I2a620fb1175c6576bead7878315fc48ff5171ddf"
"Support 13ch audio layout for 360 Reality Audio - Add definitions for the front bottom channels. The name of the definitions are standardized in ITU-R BS.2051-1. - Add definition for 13ch mask which consists of surround 5 channels, top 5 channels and bottom 3ch channels. This channel mask is ideal speaker layout used by Sony 360 Reality Audio. Virtualizer can place individual sounds in a 360 spherical sound field from these channels on any headphones. Ignoring checkstyle warning, "'|' should be on a new line", to keep existing codestyle. Test: Play wav with 13ch mask after OUT_CHANNEL_COUNT_MAX to 24 Change-Id: I2b4deaac740a08ae3b1b8d8453650a876e2d6206"

මෙම Sony 360 Reality Audio අත්විදීම සදහා මේ වන විට music සපයන්නා විසින් මේ සදහා අනුකූල වන පරිදි නිර්මාණය කළ සංගීතයක් සහ Sony 360 Reality Audio සදහා සහය දක්වන speakers හෝ headphones පරිශීලකයා සතුව පැවතිය යුතු වනවා. Sony සමගාමේ වෙබ් අඩවියේ ලැයිස්තු ගත කර ඇති ආකාරය අනුව Amazon Music HD,Nugs.net සහ Tidal යන music streaming services විසින් 360 Reality Audio Tracks ලබාදෙනු ලබනවා.

මෙම තාක්ෂණය ඕනෑම headphone එකක් හෝ speaker එකක් තුළ ක්‍රියා කරන නමුත් මෙය හොදින්ම අත්විදීමට නම් එම headphone එක හෝ speaker එක 360 Reality Audio සදහා නිපදවා ඇති උපාංගයක් විය යුතුය. එවැනි උපාංග කිහිපයක් නම්, Sony SRS-RA5000 Speaker, The Amazon Echo Studios සහ Sennheiser Ambeo Soundbar වේ.

මේ වන විට Google සහ Sony ක්‍රියාකරමින් සිටින්නේ Android වල MPEG-H 3D audio සදාහා built-in decoder එකක් ලබාදෙමින් ඕනෑම app එකක් සදහා 3D Audio playback එකක් ලබාදීමටයි.

කෙසේවෙතත් මෙය ඉදිරියේදී නිකුත් වීමට නියමිත Android 12 සමග නිකුත් වී ලබන වසර වන විට වැඩිදියුණු වූ 3D audio Android තුළින් අත්විදීමට හැකිවේයැයි බලාපොරොත්තු විය හැක.

Source: XDA