Loading...
Google සමාගම විසින් Pixel 5 සහ Pixel 4a 5G ජංගම දුරකථන දෙක එලිදක්වයි, ඔක්තෝම්බර් 15 වෙළඳපලට

මීට පෙර අපි විසින් ඔබව දැනුවත් කල ආකාරයටම Google සමාගම විසින් ඊයේ දිනයේදී Launch Night In event එක හරහා ඔවුන්ගේ නවතම Pixel ජංගම දුරකථන දෙක වන Pixel 5 සහ Pixel 4a 5G ජංගම දුරකථන දෙක සහ තවත් නව නිෂ්පාදන කීපයක් එළිදැක්වීමට කටයුතු කලා. මෙහි විශේෂත්වය වූයේ මෙවර Google සමාගම විසින් නිකුත් කල ජංගම දුරකථන දෙකටම භාවිතා කර තිබෙන්නේ mid-range ජංගම දුරකථන සඳහා භාවිතා කරන chipset වීමයි.

Pixel 5

මෙවර Google සමාගම විසින් තම flagship ජංගම දුරකථන වලට මෙතෙක් කල් භාවිතා කරන ලද Qualcomm Snapdragon 800 series එකේ chipset වෙනුවට, මෑතකදී Qualcomm සමාගම විසින් mid-range ජංගම දුරකථන සඳහා භාවිතයට හඳුන්වා දුන් Snapdragon 765G chipset එකකින් බලගන්වමින් තම නව flagship ජංගම දුරකථනය බලගන්වා තිබෙනවා.

මෙවර Google සමාගම විසින් විසින් Pixel 5 දුරකථනයෙන් notch එක ඉවත් කර තිබීම විශේෂත්වයක්. මේ හේතුව නිසා මීට පෙර නිකුත් වූ Pixel 4 දුරකථනයෙහි තිබූ MotionSense සහ Face unlock යන තාක්ෂණයක් දෙකම Pixel 5 එකෙන් ඉවත් කිරීමට Google සමාගමට සිදුවෙලා තියෙනවා. ඒ වෙනුවට ඔවුන් fingerprint sensor එක පමණක් ඇතුලත් කර ඇත.

එමෙන්ම මෙවර Pixel 5හි display එක 90Hz refresh rate එකක් සඳහා සහය දක්වන අතර නොච් එකක් හෝ bezels අවමව edge-to-edge display එකකින් සමන්විත වෙනවා. ඊට අමතරව 8GB RAM එකකින් සහ 128GB storage එකකින්ද මෙය සමන්විත වෙනවා.

Camera

Pixel ජංගම දුරකථන ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ වන්නට වූයේ Pixel 2 සහ Pixel 2XL ජංගම දුරකථන ද්විත්වය හරහා Google සමගම දැක්වූ විශිෂ්ඨ Camera performance හේතුවෙනි. වසරින් වසර ඔවුන් විසින් තම ජංගම දුරකථන වල කැමරා වල performance ඉහළ නැවූවා. මෙවර Google සමාගම තම AI හැකියාවන් භාවිතා කරමින් Pixel 5 දුරකථ්නයට නව කැමරා පහසුකම් කීපයක් හඳුන්වා දෙනු ලැබුවා.

  1. Portrait Light
  2. Cinematic Pan

Portrait Light

සාමාන්‍යෙන් මේ වන විට වෙළඳපලේ අලෙවි කිරීමට ඇති ජංගම දුරකථන රාත්‍රී කාලයට භාවිතා කරන night mode එක භාවිතා කරමින් Portrait photos ලබා ගැනීම සඳහා සහය දක්වන්නේ නෑ. නමුත් මෙවර Google සමාගම තම Google Night Sight නමින් Google Camera සඳහා ලබා දී ඇති පහසුකම ඔස්සේ Portrait photos ලබා ගැණීමේ හැකියාව ලබා දී ඇති අතර ඔවුන්ගේ AI තාක්ෂණය ඔස්සේ එම photo සඳහා lightings වෙනස් කිරීමේ හැකියාව ලබා දෙමින් Portrait Light නම් නව පහසුකමක් ලබා දී තිබෙනවා. මේ සඳහා ඔබට Google Photos භාවිතා කිරීමට සිදු වෙනව.

Cinematic Pan

මෙම පහසුකම හරහා 4K 60fps videos record කල හැකි අතර smooth video stabilization එකක් මේ පහසුකම හරහා ලබා දී තිබෙනවා. මෙය Pixel 5 සහ Pixel 4a 5G ජංගම දුරකථන දෙකෙහිම අඩංගු වනවා.

මෙම පහසුකම භාවිතා කරමින් රූගත කල වීඩියෝවක් පහතාකාරයට Google සමාගම් විසින් YouTube එකට එකතු කර තිබුනා.

Pixel 4a 5G

පසුවුනු අගෝස්තු මාසයේ Google සමාගම විසින් Pixel 4a ජංගම දුරකථනය නිකුත් කර බව ඔබට මතක ඇති. එම දුරකථනය බලගැන්වූ Qualcomm Snapdragon 730G chipset එක වෙනුවට Qualcomm Snapdragon 765G භාවිතා කරමින් Pixel 4a 5G නිකුත් කර ඇති අතර Pixel 4a වලට වඩා විශාලත්වයෙන් වැඩි display එකක් ලෙස අඟල් 6.2ක display එකක් භාවිතා කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

එමෙන්ම Qualcomm Snapdragon 765G chipset එක නිසා Pixel 4a 5G සඳහා 5G තාක්ෂණයද හිමිවනවා. මීට අමතරව මේ සඳහා 3885mAhක ධාරිතාවයකින් යුතු battery එකක්ද, මෙගා පික්සල් 16ක ultrawide rear-facing lens එකක්ද භාවිතා කර තිබෙනවා.

විශේෂයෙන්ම Pixel 4a ජංගම දුරකථනය බළගැන්වුණු Qualcomm Snapdragon 730G chipset එක වෙනුවට Qualcomm Snapdragon 765G chipset එකක් හරහා මෙම නව මාදිලිය බළගැන්වෙන අතර මෙය ඇමෙරිකානු ඩොළර් 499ක් ලෙස මිළ නියම කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

මගහැරුණු කරුණු

මෙම කරුණු හැරුනු කොට Pixel 5 දුරකථනය සඳහා Google සමාගම විසින් Water resistant පහසුකම සහ Wireless charging පහසුකම ලබා දී ඇති අතර, මෙම ජංගම දුරකථන දෙක සඳහා 18W USB-C type fast charging පහසුකඅද ලබා දී තිබෙනවා.

එමෙන්ම පැය 48ක කාලයක් දක්වා බැට්‍රි power එක ආරක්ෂා කරගත හැකි ආකාරයට සැකසූ Extreme Battery Saver නම් නව පහසුකමක්ද හඳුන්වා දී තිබෙනවා.

Pixel 5 ජංගම දුරකථනය ඇමරිකානු ඩොලර් 599ක මිලකටත්, Pixel 4a 5G ජංගම දුරකථනය ඇමරිකානු ඩොලර් 499ක මිලකටත් වෙළඳපලට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර ඔක්තෝම්බර් 15 වනදා සිට එය අපට මිලදී ගත හැක.

Source: The Verge