Loading...
Tablet, foldable, සහ Chrome OS devices සඳහා Google විසින් Android 12L සංස්කරණයක් නිකුත් කරයි

කාලයක් තිස්සේ Android මෙහෙයුම් පද්ධතියේ පැවති විශාල ගැටලුවක් ලෙස එය Large Screen සදහා හරි හැටි Optimize නොවීම දක්වන්න පුළුවන්. ඉතින් Apple සමාගම iPad සදහා iPadOS එක නිර්මාණය කිරිම හේතුවෙන් Google සමාගමට විශාල තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවූවා. මේ සියල්ලත් සමග මීට පෙර Google සමාගම Android 12L ලෙසින් Large Screen සහිත Device සදහා නව Android මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන බවට නිවේදනය කරනු ලැබුවා.

2021 ඔක්තෝබර් 26 පැවති Android Developer Summit හිදී Android 12L පිළිබඳ නිවේදනය කරමින් Google සමාගම ප්‍රකාශයට පත්කර සිටියේ මෙම නව Android සංස්කරණය Tablets, Foldable හා Chrome OS Device වැනි විශාල තිර සහිත Device සදහා ඉතාමත් ඉතාමත් හොදින් Optimize කර ඇති බවයි. එමෙන්ම මෙම නව UI එක 600sp ට වඩා විශාල තිර වලදි පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයට හා අලංකාරව නිර්මාණය කර ඇති බවට එහිදී වැඩි දුරටත් සදහන් කෙරුනා.

Android 12L හී දී වෙනස් වන නව මුහුණුවර :

  • තිරයේ ඉහල තිබෙන Google search Bar  එක
  • Button හයකින් යුත් Power Menu එක
  • Two-column Lockscreen එක
  • Settings Menu එක සදහා Dual-pane Interface එක
  • Apps Resizeable නොමැතිනම් Automatic Enable වන Split-screen Mode එක
  • නිෂ්පාදකයින් හට පහසුවෙන් වෙනස් කල හැකි ආකාරයට සකසා ඇති Letterbox එක
  • Taskbar එක මගින් Apps අතර පහසුවෙන් මාරුවීමේ හැකියාව

Google සමාගම පවසන්නේ මේ Android 12L හී Stable සංස්කරණය 2022 වර්ෂයේදී Tablets සහ Foldables සදහා ලබාදීමට සූදානම් බවයි. කෙසේ වෙතත් මේ වනවිට මෙය Developersලා සඳහා ලබා ගත හැකි අතර Developer Preview එක Lenovo P12 Pro සදහා ඉක්මනින් නිකුත් කරනු ඇත.

Source- Gizmochina