Loading...
Google සමාගමේ නවතම AI ව්‍යාපෘතිය "Project Astra" නමින් ප්‍රකාශයට පත් කරයි

2024 වසරේ Google I/O දී Google DeepMind කණ්ඩායම විසින් Project Astra නමින් අනාගත Google AI Assistance ව්‍යාපෘතියක් ප්‍රකාශයට පත් කළා.

Project Astraහි Demo එක ප්‍රථමයෙන් ම ප්‍රදර්ශනය කරන මොහොතේ දී Astra වෙත පරිශීලකයා ප්‍රශ්නයක් යොමු කරන්නේ "ශබ්දය පිට කල හැකි කිසියම් දෙයක් මෙහි තිබේ ද ?' යන්නයි. එසේ පවසා තම Camera මගින් එහි අවට Astra වෙත පෙන්වීමෙන් පසු එය Speaker එකක් තිබෙන බවට පරිශීලකයාට පවසනවා. තව දුරටත් එම සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් Astra ගෙන් පරිශීලකයා Speaker එක තුල එක් අංගයක් පෙන්වා එයින් කුමක්ද කරන්නේ යන්න විමසනවා. එයට පිළිතුර කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දීමට ද Astra සමත් වනවා.

මෙහි විස්මය ජනක කරුණ වන්නේ කිසිදු ප්‍රමාදයකින් හෝ Lag වීමකින් තොරව Astra පරිශීලකයාට පිළිතුර ලබා දීමයි.

ඉන් අනතුරුව පරිශීලකයා විසින් Desktop Monitor එකක තිබූ කිසියම් Code එකක් Astra ට පෙන්වා අසන්නේ මෙයින් සිදු වන්නේ කුමක් ද යන්නයි. එයට කිසිදු පසුබට වීමකින් තොරව Astra එම Code එක සම්පූර්ණයෙන් පරිශීලකයාට පැහැදිලි කර දීමට සමත් වෙනවා.

එසේම එම Demo view එක අතර තුරු පරිශීලකයා Astra ගෙන් විමසන්නේ තමගේ කණ්ණාඩිය තිබූ තැනක් ගැන දන්නවාද කියා. එයට පිළිතුර ලෙස Astra එම කණ්ණාඩිය තිබෙන ස්ථානය මෙන්ම ඒ අසල තිබෙන දේවල් පිළිබදව ද පරිශීලකයාට පවසනවා. එහිදී Astraහි කිසිදු දැනුම් දීමකින් තොරව දත්ත මතක තබා ගැනීම හා දත්ත ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතා හොදින් පෙන්වන්නට සමත් වුනා.

Google Project Astra ඉතා ඉක්මනින් Gemini App එක සහ අනෙකුත් උපාංග වෙත ලබා දීමට Google සමාගම කටයුතු කරන බව පවසනවා. එසේම Project Astra මගින් ඉතා පහසුවෙන් සහ ඉතා වේගයකින් දත්ත හැසිරවීමට හැකියාවක් ඇති බවක් අපට පෙනෙන්නට තිබෙනවා.

මෙය අනාගත තාක්ෂණික පෙරළියේ විශාල පිම්මක් බව අපට ඉගි පල කරන්නට පුළුවන්. ඉතින් අපි Project Astra හි නවතම තොරතුරු එක්ක එය Release කරන දිනයක් පැමිණෙන තුරු, ඉවසීමෙන් රැඳී සිටිමු

මෙය 2024 Google I/O Main Keynote එක ඇසුරෙන් නිම වූ ලිපියකි.