Loading...
Google Chrome OS සහ Meet සඳහා නව අධ්‍යාපන විශේෂාංග හදුන්වා දීමට කටයුතු කරයි

Google ආයතනය විසින් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය වෙනුවෙන් Chrome OS සදහා නව විශේෂාංග කිහිපයක් එළි දැක්වීමට නිවේදනය කර ඇත. මෙම විශේෂාංග Chrome OS version 103 සමග හදුන්වා දෙන අතර ඒ අතර Screen cast යෙදුමක්, classroom සඳහා casting controls කිරීමට හැකියාව ලබා දීම සහ තවත් බොහෝ දේ ඇතුළත් වේ.

නව Screen cast යෙදුම සිසුන්ට සහ අධ්‍යාපනඥයින්ට පාඩම් හෝ ආදර්ශන ලෙස භාවිත කරන වීඩියෝ පටිගත කිරීමට සහ සංස්කරණය කිරීමට යොදා ගත හැකි නව ක්‍රමයකි. Screen cast යෙදුමෙන් screen record කිරීමට,  video trim කිරීමට සහ ඒවා share කිරීමට හැකියාව ඇත. නමුත් ඊට වඩා උසස් ලේසි tools ප්‍රමාණයක්ද ඒ සමග දෙන බව පැවසේ.වීඩියෝවක් රෙකෝඩ් කිරීමෙන් පසු ඒ සදහා නව රූප එකතු කිරීම, touchscreen යොදා ගනිමින් වීඩියෝවේ අවශ්‍ය රූප ඇදීම වැනි දේද මේ තුළින් සිදු කර හැකිය. ඉන් පසුව මෙය Google Drive හරහා පහසුවෙන් share කිරීමේ හැකියාවද ලබා දී ඇත.

තවද classroom භාවිතා කරමින් උගන්වන ගුරුවරුන්ට Cast Moderator නම් මෙය හොද විශේෂාංගයක් වනු ඇත. මේ විශේෂාංගය තුළින් ගුරුවරුන්ට තව ස්ක්‍රීනය පමනක් පන්තියේ සිසුන්ට පෙන්වීමට සෑදිය හැකි අතර කරදර කරන සිසුන්ගෙන් පන්තිවාරයට එයින් බාදාවක් නොවේ. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සදහා ආරක්ෂිත කේතයක් භාවිතා කරන හෙයින් එය වඩාත් ආරක්ෂිත සහ ලේසි වන්නේ හොද පන්තිවාරයක් පවත්වන ගුරුවරුන්ට ය.

තවද IXL වැනි ජනප්‍රිය අධ්‍යාපන තාක්ෂණ මෙවලම් සඳහා Google අමතර add-ons 15ක් පමන ගෙන එන අතර Google Classroom නව රටවල් 15ක ශිෂ්‍ය තොරතුරු පද්ධති (SIS) සමඟ ඒකාබද්ධ වෙමින් පවතින බවද නිවේදනය කර ඇත.

Google Meet සදහාද නව අධ්‍යාපන විශේෂාංග පොකුරක් Google වෙතින් ලබා දීමට කටයුතු කර ඇත. Meet හි පැවැත්වෙන රැස්වීමක වාර්තාවක් Google Doc සදහා ස්වයංක්‍රීයව පිටපත් කිරීමට දැන් හැකියාව ලබා දේ, එවිට ඔබට සැමවිටම ඔබේ රැස්වීම් පිළිබඳ ලිඛිත වාර්තාවක් තබා ගැනීමට හැකියාව ඇත. තවද Google Meet වෙතින් සෘජුවම සහ ලේසියෙන් YouTube වෙත live stream ලබා දීමට ද හැකියාව ලබා දෙන බව පැවසේ. එසේම host polls සහ Q&A sessions ද ඉතා පහසුවෙන් යොදාගත හැකි අන්දමට නව විශේෂාංග හදුන්වා දෙන බව පැවසේ. තවද Google Meet වෙත picture-in-picture පහසුකම ද ලබා දෙන බව පැවසේ.

අවසාන වශයෙන්, ගූගල් විසින් මෙම විශේෂාංග ඉක්මනින්ම Read Along හි නව බීටා අනුවාදයක් සමග නිකුත් කරන බව නිවේදනය කර ඇත. Read Along යනු කුඩා ළමුන්ගේ කතන්දර 1000 කට අධික ප්‍රමාණයක් හා ඉගෙනුම් ක්‍රීඩා වැනි දෑ ඇති තවත් නව විශේෂාංගයකි. මෙයද ලබන මාසය වන විට පරිශීලකයන්ට ලබා දෙන බව ගූගල් සමාගම පවසා ඇත. නමුත් මෙය මුලින්ම ලැබෙන්නේ Android පරිශීලකයන් සදහා පමණි.

Source: XDA-developers