ඔයා Google Pixel Phone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් දැකලා ඇති ඔයාගේ Wallpaper එකේ Colors අනුව Phone එකේ UI එකේ Colors වෙනස් වෙනවා. ඉතින් මේක Google ලා හඳුන්වන්නේ Material You Theming Engine එක කියලා. (Samsung සමාගමත් මේ පහසුකමම Colour Palette නමින් ලබා දි තිබෙනවා) ඒ වගේම Google සමාගම මේ Material You Engine එක Redesign කරලා ඒක Google Apps වලටත් යොදන්න කටයුතු කරමින් ඉන්නවා.

Google Apps වක පළමු වෙනස්කම ලෙස App Footer එකෙහි සහ Search Filters තුළ Pill-Shaped Icons යොදා තිබෙනවා. නමුත් Gmail App එකෙහි පමණක් වෙනත් Apps වල මෙන් නොව තරමක් Minimalists Design එකක් යොදා තිබෙනවා.

App එකක දකුණු පස ඉහළ කෙළවරේ ඇති තමන්ගේ Profile Photo එක Click කළ විට ලැබෙන Menu එකෙහි ඇති Google Logo එක Your data in Search,” “Settings,” සහ “Help & Feedback” යන කොටස් ද මේ redesign කිරීම තුළින් Visually Changes කිහිපයක් සිදු කර තිබෙනවා.
තවද Google Apps සියල්ලම පාහේ Dark Layout එකක් සමඟින් සහ AMOLED Black Background එකකින් සමන්විත වන ලෙස redesign කර තිබෙනවා. තවද සියලුම Apps වල header එක තරමක් විශාල කර ඇති අතර Search Bar එක සඳහාත් Pill Shaped Design එකක් යොදා තිබෙනවා.
Source: 9to5google.com www.androidpolice.com www.gizmochina.com