Loading...
Google Assistant විසින් ඉදිරියේදී usage pattern එක අනුව actions suggest කිරීමේ සූදානමක්

ඉතාමත් smooth සහ continuous experience එකක් ලබාදීමේ අරමුණින් Google Assistant විසින් අනාගතෙයෙ දි ඔයාගෙ mobile usage pattern එක අනුව actions suggest කරන්න පටන් ගනීවි. මේ feature එකෙන් වෙන්නෙ මේ වගේ දෙයක්. ඔයා කලින් දින කීපයක ඉදන් ම පුරුද්දක් වශයෙන් නිශ්චිත වෙලාවක කරගෙන ආව task එකක් තියෙනව නම් ඒක ඊලඟ දවසෙ automatically ම notification එකක් හරහා suggest වෙනවා.

ඉතින් පහල තියෙන screen shot එකේ විදිහට user විසින් දින කීපයක් එකම වෙලාවෙ Google Assistant ට lights off කරන්න කියපු නිසා ඔහුට notification එකක් විදිහට ඒ command එක එවල තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ, “Lights on – You’ve asked for this before around this time” කියලයි.

Android Police ලගෙ report එකකට අනුව මේ notification එක tap කරපු ගමන් ඒ instruction එක Google Assistant විසින් perform කරනවා. ඉතින් මේක smart homes වලටම හඳුන්වා දුන්නු ideal solution එකක් විදිහට හඳුන්වන්න පුලුවන්. මේ තුලින් කාර්යක්ෂමතාවය හා පහසුව වැඩි වෙනවා කියල කියන්න පුලුවන්.

ඉතින් මේ feature එක advanced users ලට නම් ලොකු වැදගත් කමක් නෑ මොකද cutom routines use කරන නිසා (automated tasking/task scheduling). ඒත් මේක නිතර ම manually use කරන අයට මේක ගොඩක් වැදගත් වෙනවා.

දැනට නම් මේකට support කරන commands ගැන වැඩි විස්තරයක් අපිට ලැබුනෙ නෑ. ඒ වගේම මේක පේන්නෙ limited test එකක කොටසක් වගේ. ඒ නිසා අද හෙටම මේ feature එක ලැබෙයි කියල කියන්න අමාරුයි.

ඒ වගේම මේ feature එකේ reliability එකත් දැන්ම අදහසක් ගන්න අමාරුයි. මේක globally release උනාම ඒ ගැන test කරනකන් ම අපිට ඒ ගැන දළ අදහසක් වත් ගන්න අමාරුයි.

ඔයාට මෙහෙම notification එකක් ආවද? කියන්න අපිට comment section එකේ.