මේ වසරේදී පැවති Google I/O Event එකේදී Google සමාගම විසින් Google Search engine එක සඳහා Generative AI හඳුන්වාදෙනු ලැබුවා. මේ තුළින් Search Engine එකට අප විසින් Search කිරීමට ලබා දෙන Text Prompts කෘතිම බුද්ධිය යොදාගෙන වඩාත් යොග්‍ය ප්‍රතිඵල ලබාදිය හැකිවනවා.
මෙය ඒලිදැක්වූ කාලයේදී රටවල් කිහිපයක් සඳහා පමණක් පර්‍යේෂණ මට්ටමේ පැවති අතර මේ වන විට ශ්‍රී ලංකාවද ඇතුළුව නව රටවල් 120කට පමණ මෙම පහසුකම අත්විඳීමේ හැකියාව ලබා දී ඇති බව Google සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

මේ අනුව ඔබට Desktop Browser එකකින් labs.google.com/search/install වෙත ගොස් ඔබගේ Google Account එක හරහා මෙය Enable කරගත හැකිවනවා. කෙසේ වෙතත් මේ සඳහා ඔබගේ Google Account එකට ලබා දී ඇති ඔබගේ වයස අවුරුදු 18ට අඩු නම් මෙය භාවිතා කිරීමට නොහැකිවනවා.
මෙම Generative AI in Search පහසුකම ඉදිරි දින කිහිපය තුළදී Android සහ iOS Browsers වෙතත් නිකුත් කරන බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

මෙම Generative AI පහසුකම Google Translateහිද Word Suggestions ලබා ගැනීම සඳහා (දැනට ඉංග්‍රීසි භාෂාව සඳහා පමණක්) ඉදිරියේදී භාවිතා කර ගත හැකිවනවා.
ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Source: gsmarena.com