Loading...
Google සමාගම සිය 22 වැනි උපන්දිනය සමරයි, තෝරාගත් නිෂ්පාදන කිහිපයකට 22%ක වට්ටම් ලබා දේ

Google සමාගම 1998 සැප්තැම්බර් 4 වැනිදා සමාගම් ගත උනත් ඔවුන් එය සමරන්නේ සැප්තැම්බර් 27 වෙනිදායි. ඉතින් කලින් අවුරුද්ද වගේම මෙවරත් ලොව පුරා Google Stores ඔවුන්ගේ 22 වෙනි උපන්දිනය විවිධ discounts සහ offers ලබා දෙමින් සැමරුම් කරනවා.

යුරෝපය සඳහා, තෝරාගත් items කීපයකට Google සමාගම සීයට 22ක straightforward discounts ලබාදෙනවා. ඒ GOOGLEBDAY22 කියන checkout promo code එකත් එක්ක. කෙසේ වෙතත් Pixel 4a, Pixel Buds, Pixelbook Go සහ Nest Aware කියන items වලට applicable වෙන්නේ නෑ.

එක්සත් රාජධානිය තුල Nest Hub Max, Nest WIFI, Chromecast, Nest Hub, Nest Mini, Stadia Premiere Edition, Nest Protect, Nest Cam IQ, Nest Cam Outdoor, Nest Cam Indoor කියන items වලටයි discounts සහ offers ඇතුලත් වෙන්නේ.

මේ වගේම deals ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ස්පාඤ්ඤය, නෝර්වේ, නෙදර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, බෙල්ජියම සහ ඔස්ට්‍රියාව යන රටවල available වෙනවා. මේ සියලුම offers සැප්තැම්බර් 27 වෙනිදා පස්වරු 11:59ට ඉකුත් වෙනවා.

ඕස්ට්‍රේලියාවේදී ඔයාට හැකියාව ලැබෙනවා Nest WIFI, Nest Mini, Nest Hub Max, Nest Hub, Chromecast, Chromecast Ultra සහ Google Home මිලට ගද්දී සීයට 22ක Google Store credit එකක් ලබා ගන්න. මේ deal එක සැප්තැම්බර් 28 ප.ව. 11:59ට කල් ඉකුත් වෙනවා.

ඒ වගේම මේ offer එක ජපානයටත් වලංගු වෙනවා. ඒ අතරෙ පහලින් තියෙන ආසියාතික රටවලටත් direct discounts ලැබෙනවා.

දකුණු කොරියාව සඳහා, Nest Hub සහ Home Mini සඳහා 20% ක direct discounts.

සිංගප්පූරුව සඳහා, Nest Mini, Nest WIFI, Nest Hub සහ Chromecast වලට 22%ක discounts.

තායිවානයට, Nest Miniසහ. Chromecast සඳහා 22%ක discounts.

කෙසේ වෙතත් පහත Asia Pacific Google Stores සඳහා offers කිසිවක් available වෙලා නෑ.

හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, නවසීලන්තය, පිලිපීනය සහ තායිලන්තය.

Source : 9to5google