Loading...
Android වලට අළුතෙන් එන messaging features

පොඩි කාලේ ඉඳන් එකම විදිහට SMS යවල එපා වෙලාද? iMessage ගැන දරුණු ලෙස ඉරිසියාවෙන්ද? Google සමාගම දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් දීල තියෙනවා. ඒ අලුත්ම SMS standard එකක් හැම Android device එකකටම නිකුත් කරමින්.

RCS; එහෙමත් නැතිනම් Rich Communication Services තමයි මේ protocol එක. මේ ගැන මුලින්ම කතාබහ ඇති වෙන්නේ 2007 දී වුනත් මේක හරි standard එකක් වෙන්නේ 2016 දී. ඔව්, හරිම හෙමින් තමයි මේ තාක්ෂණය වර්ධනය වෙන්නේ.

මොකක්ද RCS?

RCS මගින් ඔබට hi-quality photos, videos, GIFs සහ text, Wi-Fi හරහා මෙන්ම Mobile Data හරහාද හුවමාරු කරගන්න පුළුවන්. Message එක ලබන අයට ඒක ලැබුනද, කියෙව්වද වගේ අපි දැනට භාවිතා කරන Internet Messaging සේවාවල තියන features ද මේ අලුත් SMS protocol එක මගින් ලබා දෙනවා.

SMS යැවීමත් internet messaging වගේම අත්දැකීමක් වේවි.

ඒ වගේම Google RCS, Google Assistant සමඟ සම්බන්ධ කරලා තියෙන නිසා ඔබට විවධ businesses සමඟ Assistant හරහා chat කර, ඔවුන්ගෙන් product එකක් සම්බන්ධ උපදෙස් ලබාගන්න, orders place කරන්න වගේම ගෙවීම් කටයුතු සිදු කරන්නත්‍ messaging app එක භාවිතා කරන්න පුළුවන්.

RCS ආරක්ෂාව?

WhatsApp messages වල අපි දකින feature එකක් තමයි end-to-end encryption කියන එක. මේ ගැන වැඩිදුර තොරතුරු පහත ලිපියෙන් බලන්න පුළුවන්.

මොකක්ද මේ Encryption කියන්නේ?
Encryption (ගුප්තකේතනය) කියන්නෙ තොරතුරු වල සත්‍ය අර්ථය සැඟවිය හැකි විදියට එයරහස් කේතයක් බවට පරිවර්තනය කරන ක්‍රමයටයි. මේ තොරතුරු සංකේතනය (Encrypt) හා විකේතනය(Decrypt) කිරීමේ විද්‍යාව ගුප්ත ලේඛන විද්‍යාව (Cryptography) ලෙස හඳුන්වනවා. මොකක්හරි උපාංගයක් (Device) එකක් භාවිතා කරමින් ඔයා යවන, ඔයාට ලැබෙන…

මේ encryption එක නම් තවම Google විසින් RCS වලට දීලා නෑ. අපිට ලැබෙන එකම සහතිකය තමයි Google  විසින් statement එකක් නිකුත් කරලා තියෙනවා මේ messages තමන්ගේ servers හරහා ගියාට ඒවා servers වල ගබඩා වෙන්නේ නැති බවට.

RCS භාවිතය

දැනට තියෙන හොඳම විසඳුම තමයි Google Messages app එක මගින් RCS features භාවිතා කිරීම. RCS Messages app එකේදී හඳුන්වන්නේ Chat features කියල. ඒක භාවිතා කරන්න නම් පාර්ශව දෙකටම Chat features, active වී තියෙන්න ඕනේ.

මේ Chat Features අපේ region එකට available නම් ඔබට ඒක active කරගන්න පුළුවන්.

තවම ගැටළුවක් වෙන්නේ Google කොහොමද මේ feature එක නිකුත් කරන්නේ කියන එක. කලින් කිව්වේ ඔවුන් Mobile Operators ල සමඟ හවුල් වෙලා නිකුත් කරනවා කියන එක. නමුත් පසුව ඔවුන් තනිවම android smartphone (Android 5.0+)  හැම එකකටම මේක release කරනවා කියල කිව්වා.

දැන් පෙනෙන විදිහට Google රටින් රටට RCS active කරන් යන අතරේ රට ඇතුලේ Mobile Operator සමාගම් වෙනම release කරනවා. මේ විදිහට දැන් ඉන්දියාවට Google විසින් officially release කරලා නැතත් Airtel හා Jio සමාගම් වල පාරිභෝගිකයින්ට මේ features active වෙලා තියෙනවා.  

අප ලංකාවේ airtel එකෙන් විමසුවත් ඔවුන් කිව්වේ මේ පිලිබඳ තොරතුරු දැන්ම කියන්න බෑ කියලයි. කොහොම හරි ලංකාවේ operators ලත් මේ features release කලොත් අපිටත් ළඟදීම SMS වෙනුවට RCS යවන්න පුළුවන් වෙයි.