Loading...
හානිදායක Android apps හඳුනා ගැනීමට Google විසින් නව filters හඳුන්වා දේ

ඔයාලා ඔයාලට අවශ්‍ය Android app එකක් Play Store එකේ  search කළාම, එකම කාර්යය සිදු කරන app විශාල ප්‍රමාණයක් පෙන්නුම් කරනවා. නමුත් මේ Android app වලින් හානිදායක නොවන, තමන්ට අවශ්‍ය වැඩේ කරගන්න පුළුවන් හොඳම app එක හඳුනා ගන්නේ කොහොමද කියලා ඔයාලටත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නේද?

ඔන්න Google විසින් මේ අවුල ලිහන්න නව සැලැස්මක් හදලා  තියෙනවා. Google play store භාවිතා කරද්දි ඔයාට පෙන්වන මේ මනස අවුල් කරවන විශාල app තොගය ඉක්මණින් වර්ග කරලා, user ට පහසුවෙන් අවශ්‍ය ඇප් එක තෝරාගන්න පුළුවන් විදියට හදලා දෙන්න Google විසින් වඩා උසස් වර්ගයේ filters නිපදවීම ආරම්භ කරලා තියෙනවා.

හානිදායක Android app වල තර්ජන පසුගිය වසරේ සිට දෙගුණ වෙලා තිබෙනවා.

මේ අලුත් search filters මඟින් පහත කරුණු අනුව apps වර්ග කිරීම සිදු කෙරෙනවා.

  • App එක දැනටමත් install කර භාවිතා කර ඇති පරිශීලකයින් විසින් ඉදිරිපත් කරන ලද ratings.
  • Play Store වෙත අලුතින් එක් කළ apps.
  • Premium apps.
  • භාවිතා කිරීමට මුදල් ගෙවිය යුතු හෝ In ap purchases සහිත apps

ආදී වශයෙන් මෙම වර්ග කිරීම් සිදු වෙනවා.

නමුත්, මෙම filters බොහෝ ජනප්‍රිය සහ විශ්වාසය දිනා ඇති apps වලදී ක්‍රියාත්මක වන්නේ නැහැ. එනම් Whatsapp, Gmail, Facebook හෝ Snapchat වැනි apps සඳහා මෙම filters හරහා apps වර්ග කිරීමක් සිදු වෙන්නේ නැහැ.

මෙම Filters භාවිතාව ආරම්භ කිරීමෙන් පසුව ඔයාට අවශ්‍ය App එක search results වල උඩින්ම පෙන්වාවි. නමුත්, tool වැනි වචනයක් සෙවීමේදී මෙම filters වලින් බේරී සමහර සැකසහිත apps ඔබගේ search results වල පෙන්වාවි. නමුත් මෙම filters වල වැඩි දියුණු කිරීම් ඉදිරියටත් සිදුවේවි. එවිට වඩා හොඳ search result එකක් Play Store වෙතින් ඔයාට බලාගන්න පුළුවන්.

ඔබට අවශ්‍ය නම් එක වර මෙම Filters කිහිපයක් හෝ යොදා ඔබගේ සෙවුම කළ හැකියි. එම පහසුකම නිසා ඔබට යම් කිසි rating එකකට වඩා වැඩි apps සොයා ගැනීමටත් පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබට අවශ්‍ය 4.5 ට වඩා ratings ඇති apps පමණක් පෙන්වීමට නම් එම කාර්යයත් මෙම filters හරහා පහසු කරනවා. නමුත් මෙම filters හරහා ඔයාට වෙළඳ දැන්වීම් නොමැති හෝ නොමිලේ ලබාදෙන apps පමණක් ආදිය ලෙස සෙවුම් යෙදීමට නොහැකියි.

මෙම ආකාරයේ Filters, 2017 වසරේ දීත් අත්හදාබැලූ නමුත් එවර එය සාර්ථක වූයේ නැහැ.