Loading...
Google Driveහි ඇති files සොයා ගැනීම පහසු කිරීම සඳහා නව filters කිහිපයක් හදුන්වාදීමට Google ආයතනය සූදානම් ​වේ

Google Drive හි නව Search Filters Beta Test කිරීමට Google ආයතනය සූදානම් වන අතර එහි අරමුණ ඔබ සොයන Files ඔබට සොයා ගැනීම පහසු කිරීමයි. “Search Chips” ලෙස නම් කර ඇති මෙම විශේෂාංගය Drive හි Interface එකෙහි ඉහළට Filters පේළියක් එක් කරයි. File Type, Last Modification Date සහ වෙනත් User කෙනෙකු ඔබගේ නිශ්චිත ගොනුවක් සමඟ සම්බන්ධ වී ඇති දේවල් මගින් ඔබ සොයන File එක Google Drive තුළ ඔබට සොයා ගැනීමට දැන් ඔබට පහසු වනු ඇත.

The Feature Lets You Easily Filter Searches by Things Like File Type. | Image: Google

Google Drive හි දැනටමත් Filtering Options ලබා දී ඇති අතර, නමුත් ඒවා සාපේක්ෂව Basic(මූලික) වන අතර Sub-Menu එකෙහි සඟවා ඇත. නමුත් නව Search Chips Front & Center කර ඇති අතර, ඒවා පුළුල් පරාසයක විහිදුනු Filtering Options ලබා දීමට සූදානම් බව පෙනේ. පසුගිය වසරේ මුල් භාගයේදී Gmail වලට ද මේ හා සමාන සමාන විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.

ඔබත් මෙම නව Google Drive Search Chips Beta Test කිරීමට කැමති නම්, Google ගැන උනන්දුවක් දක්වන User කෙනෙක් නම්, මෙම Sign-Up Form එක පුරවා beta චැනලයට ඇතුලත් විය හැකිය. මෙය G Suite Basic සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් ඇතුළුව සියලුම Google Workspace පරිශීලකයින්ට ලබා ගත හැකි විශේෂාංගයකි.

Source: The Verge