Loading...
TikTok වෙනුවට Google සමාගම විසින් Tangi නම් නව platform එකක් හඳුන්වාදේ

මේ දින වලදී Google සමාගම Google app එකට "Short video” section එකක් integrate කිරීම ගැන experiments කරමින් පවතිනවා කියලා වාර්තා වෙනවා. ඉතින් දැනට මේ සමාගම content source කරන්නේ TikTok වලට සමාන short video platform එකක් වෙන Trell සහ Google සමාගමේ ම Tangi කියන platform එකෙන්.

ඉතින් මේ test එක ඉස්සෙල්ලා ම spot කරගත්තේ Jatin Chaudhary කියන Twitter user. 9to5Google ලට අනුව මේ source video platform එකේ logo එක හැම video එකක ම වම් පැත්තෙ උඩ කෙලවරෙන් දිස් වෙනවා. ඒ වගේම ඔයාට හැකියාව ලැබෙනවා ඔයාගෙ interest එකට ගැලපෙන්නේ නැති videos hide කරන්නත්.

ඉතින් ඔයා මේ videos click කරද්දී මේ app එකෙන් ඔයාව ඔයාගෙ default web browser එකට අරන් යනවා. Trell platform එකේ content Accelerated Mobile Pages (AMP) වලින් power වෙනකොට Tangi එකේ content directly fetch වෙනවා.

කෙසේ වෙතත් දැනට නම් Google සමාගම මේ feature එක Android සහ iOS වල ක්රියාත්මක කිරීම ගැන නිශ්චිතව තොරතුරක් නෑ. පේන විදිහට නම් Google ලා මේ roll out එක users ලා කීපයකට restrict කරලයි තියෙන්නේ.

ඉතින් තව දුරටත් මේ ගැන කියනව නම් බොහෝ විට Google සමාගම ඉදිරියේදී short video platforms එක්ක හවුල් ගත වෙන්න පුලුවන්. එවිට ඔවුන්ට හැකියාව ලැබෙනවා තව short video content display කරන්න. TikTok උනත් තහනම් වෙලා තියෙන වෙලාවක මේ අලුත් feature එක හරහා short videos වලට unified platform එකක් බිහි වෙයි කියලා උපකල්පනය කරන්න පුලුවන්.

Source : 9to5Google