Loading...
Google Plus නිල වශයෙන් අවසන් කරමින් Google Currents ලෙස rebrand වෙයි

Google Plus කියන්නේ මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. ඔව් Google සමාගමෙන් හඳුන්වාදීපු social network එක. ඉතින් මේක fail උනා කියලත් අපි හැමෝම දන්නවනේ. ඉතින් ගිය වසරෙ Google Plus accounts shutdown වෙලා ජූලි 6 වෙනිදා නිල වශයෙන් Google Plus අවසන් උනා. ඉතින් ඉවරයි කීවට ඉවරමත් නෑ.

මේ social network එක enterprise users ලා සඳහා Google Currents එක්ක rebrand කරන බවට Google සමාගම නිවේදනය කලා. ඉතින් අද දිනයේ ඉඳන් (ජූලි 07) Google Currents available වෙනවා. මීට සමගාමීව Google Plus Android සහ iOS apps Google Currents විදිහට rebrand කරන්න් කටයුතු කරල තියෙනවා.

Enterprise focus එකක් ලබා දෙන ගමන් Currents design වෙලා තියෙන්නේ යම්කිසි organization එකක වැඩ කරන පිරිස් අතර communicate කිරීම සඳහායි. මෙතනදී users ලට posting, commenting, discussions වගේ දේවල් සිදු කරන්න් පුලුවන්. ඒ වගේම මේකෙ news feed එක වගේ තියෙන “home stream” එකේ content බලන්නත් පුලුවන්. ඒ contents chronologically rank කිරීමේ හැකියාවත් මෙහි තියෙනවා. G suite admins ලටත් අවශ්‍ය නම් මෙහි discussions moderate කිරීමේ හැකියාව පවතිනවා.

ඉතින් ඔයාට මේ refreshed mobile app එක ගැන idea එකක් පහල images වලින් බලාගන්න පුලුවන්.

2018 වසරේදී Google Plus shutdown කරන multiphase process එක Google ලා ආරම්භ කලා. මේකට විශාල වශයෙන් හේතු උනේ “low usage and engagement.” කියන කාරණය. ඊට අමතරව මෙහි තිබුන security vulnerabilities හඳුනාගැනීමත් හේතු උනා. ඊලඟ phase එක විදිහට 2019 අප්‍රේල් මාසයේදී, Google Plus consumer accounts delete කර shutdown කරන්න මොවුන් තීරණය කලා. ටික කාලයකට පස්සේ Google Currents beta version එකත් release උනා.

ඉතින් Google ලා මේ විදිහට product එකක් rebrand කරපු පලවෙනි අවස්ථාවත් මේක නෙමේ. 2013 දි Google ලා magazine app එකක් release කලා ඒත් පස්සෙ ඒ app එක Google Play Newsstand විදිහට rebrand උනා. පස්සෙ කාලයකදී Google News වලින් replace උනා.

ඉතින් ඒ ගැන ඔයාගෙ අදහස් මොනවද? කතා කරමු comment section එකේ.