Loading...
Google සමාගම විසින් හඳුන්වා දෙන අලුත් ම video shopping platform එක; “Shoploop”

Google සමාගමේ experimental division එක – Area 120 එකෙන් අලුත් project එකක් හඳුන්වලා දුන්නා. ඉතින් මේ වතාවෙ හඳුන්වලා දීලා තියෙන්නේ online shopping platform එකක්. මේකෙ නම Shoploop. මේකෙ විශේෂත්වය තමා මේ platform එක video වලට ලොකු focus එකක් දෙනවා, ඒ වගේම එහෙම දෙන අතරේ මේ platform එකට fashion influencers ලා feature කරනවා.

ඉතින් මේ Shoploop එකේ Makeup, Skincare, Hair, Nail වගේ categories කීපයක් ඔස්සේ fashion influencers ලා ඔවුන්ගේ products videos හරහා endorse කරනවා අපිට බලාගන්න පුලුවන් වෙනවා. කෙනෙක් ට මේ ගැන වෙන විදිහකට කියන්න පුලුවන් Shoploop කියන්නේ customers ලට හොඳ purchase decision එකක් ගන්න උදව් වෙන, niche topics වලින් group උන influencers ලගෙ result එකක් විදිහට.

“Video’s unique form of rich content that combines visuals, sound and movement, allows users to see how a product looks and feels in real life without having to go to a physical store” – Shoploop.

Shoploop ලගෙ website එකට අනුව මේ platform එකට videos source වෙන්නේ influencers, publishers, brands, online boutique stores සහ ඒ එ fields වල experts ල ගෙන්. ඒ වගේම Video එකක් හරහා purchase කරාට පස්සෙ ඒ video එකේ creator ට affiliate commission එකක් ලැබෙනවා.

ඉතින් ඔයත් Shoploop වලට join වෙන්න ආස creator කෙනෙක් නම්, Shoploop creator section එකට join වෙන්න පුලුවන්. ඊට අමතරව brands, merchants සහ boutique online stores වලටත් join වෙන්න පුලුවන්.

TechCrunch ලා පෙන්වලා දෙන විදිහට ලෝකයේ පලවෙනි video shopping platform එක මේක නෙමේ. Amazon, Facebook, Instagram වගේම, YouTube වලත් මේ වගේ implementations කරා.

දැනට නම් Shoploop තවම searching වලට support කරන්නේ නෑ. ඒත් ඔවුන් පවසන ආකාරයට ඉදිරියේදී search option එක add කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා. එතකොට customer ට් හැකියාව ලැබෙනවා product name, category, brand වගේ keywords වලින් search කරලා product එක තෝරගන්න.

දැනට තියෙන categoriesප්‍රමාණය අඩු උනත් ඉදිරියේදී clothing & shoes, jewellery & accessories, home & garden, arts & crafts සහ electronics වගේ categories එකතු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව Shoploop පවසනවා. ඒ වගේම බොහෝ විට ඉදිරියේ දි live streams හරහා product promotions කිරීමේ හැකියාවත් creators ලට ලැබෙන්න පුලුවන්.

Visit - Shoploop (Mobile)

Source : TechCrunch