Loading...
Google Play Store හි Google Maps, Google Playstoreහි download වාර බිලියන 10 පසුකිරීමට සමත් ​වේ

කිසිඳු සැකයකින් තොරව සිතියම් ප්‍රස්තාරවල අංක 1 ස්ථානයේ රැඳී සිටින් Google maps යෙදවුම දැන් Google Play Store එකෙහි බාගත කිරීම් වාර බිලියන 10 පසු කර තිබෙනවා. Maps & Navigation කාණ්ඩය යටතේ නොමිලේ සපයන සේවාවන් ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයක් නිසා 100% නොමිලයේ ලබා දෙන මෙම සේවාව බොහෝ දෙනා Download කරගත යුතුම දෙයකි. කෙසේනමුත්, Google Maps යෙදවුම ජංගම දුරකථනවල Pre Installed කර ඇති නමුත් එය Play Store හි ඇති සියලුම බාගැනීම් වාර සඳහා සඳහා ගණන් නොගනී.

Android Go මෙහෙයුම් පද්ධතිය භාවිතා වන Devices වලට සහ අඩු Performance වලින් යුතු Devices සඳහා Maps Go යෙදවුම ලබා දී ඇත.  මෙය Web App එකක් වන අතර මෙය Google Maps යෙදවුමට සිය ගුණයකින් පමණ කුඩා වනවා. Google Maps හි මෙම Maps Go යෙදවුම මෑතක දී තමන්ගේම බාගත කිරීම් මිලියන 500 ක් ඉක්මවා තිබෙනවා.

Google Maps පසු ගිය වසර කිහිපය තුළ සජීවී AR Navigation, Dark Theme, පරිසර හිතකාමී මාර්ග ලබා දීම වැනි පහසුකම් රැසක් තම පරිශීලකයින්ට ලබා දීමට සමත් වී තිබෙනවා. මෙම යෙදවුම බොහෝ දෙනා එදිනෙදා ජීවිතයට භාවිතා කිරීමට යෝග්‍ය බව තහවුරු කර තිබෙනවා.

Source - 9to5Google