Loading...
OTP රැගත් කෙටි පණිවුඩ පැය 24කට පසු ස්වයංක්‍රීයවම delete වීමේ පහසුකමක් Google Messages වෙත ලබා දීමට සූදානම් වේ

අද වෙනකොට ලෝකය පුරාවටම විශාල online සේවාවන් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. මේ වන විට ලෝකයේ සියළුම බැංකුකරණ ආයතන පවා තම සේවාවන් online හරහා ලබා දීමට පෙළඹිලා තියෙනවා. මේ ආකාරයට සෑම ක්ෂේත්‍රයකම පාහේ ආයතන සීඝ්‍රයෙන් online සේවා ලබා දීමට යොමුවීමත් සමඟ online හරහා ලබා දෙන සේවාවන් වලදී තම ගිණුමට පිවිසීමේදී, අන්තර්ජාලය හරහා බැංකුකරණ කටයුතු කිරීමේදී, credit card සහ debit card හරහා online payments සිදු කිරීමේදී විශාල වශයෙන් මුහුණ පෑමට සිදු වූ කරුණක් වූයේ වංචා සහගත ලෙස වෙනත් පුද්ගලයන්ගේ ගිණුම් හරහා අනවසරයෙන් ගණුදෙනු කිරීමට හැකර්වරුන් සහ ඇතැම් පුද්ගලයන් පෙළඹීමත් සමගයි.

මෙම ගැටළුවට පිළිතුරක් ලෙස මේ වන විට ලොකය පුරා භාවිතා වන ක්‍රමයක් වන්නේ OTP හෙවත් One Time Password එකක් හරහා ගිණුම් හිමියා හෝ කාඩ් පත් හිමියා විසින් අදාල ගණුදෙණු එකින් එකට අනුමත කිරීමයි. ඒ සඳහා බහුලව භාවිතා වන්නේ කෙටි පණිවිඩ හරහා ගිණුම් හිමියාට අදාල OTP එක යොමු කිරීමේ ක්‍රමයයි.

මේ ආකාරයට යොමුවන OTP රැගත් කෙටි පණිවුඩ බොහෝ විට delete කිරීම සිදු කරන්නේ කලාතුරකින් නිසා එම සේවාව ලබන සෑම කෙනාගේම පාහේ inbox එක පුරාවට මේවා කාලයක් පුරාවටම ගබඩා වී පැවතීම සිදු වෙනවා.

මෙම ගැටළුවට පිළිතුරක් ලෙස Google සමාගම විසින් තම Google Messages app එක හරහා ලැබෙන සෑම OTP එකක් රැගත් කෙටි පණිවුඩ කියවීමෙන් පැය 24කට පසු ස්වයංක්‍රියවම delete කිරීමේ පහසුකමක් ඉදිරි update එකක් හරහා ලබා දීමට සූදානම් වනවා.

Google Messages v6.7.067 reverse engineering කල පසු පහත ආකාරයට පහසුකම ලබා දී ඇති අතර, එය තවමත් ක්‍රියාත්මක කර නැති බව XDA Developers වෙබ් අඩවියේ වාර්ථාවකින් දක්වා තිබුණි. එහි දැක්වෙන ආකාරයට මේ වන විට ක්‍රියාත්මක කර නොතිබුණද developersලා විසින් මෙය හඳුන්වා දී ඇති අතර ඉදිරියේ ලැබෙන update එකක් හරහා මෙය ක්‍රියාත්මක කරනු ඇති බවයි.

<string name="otp_auto_deletion_promo_banner_body_text">Auto-delete OTPs after 24hrs</string>
<string name="otp_auto_deletion_promo_banner_negative_button_text">No thanks</string>
<string name="otp_auto_deletion_promo_banner_positive_button_text">Continues</string>
<string name="otp_content_description">This message is categorized as a one-time password</string>

Google සමාගම විසින් මේ ආකාරයට පැය 24කට පසුව OTP අඩංගු SMS පණිවුඩ ස්වයංක්‍රියවම delete කිරීමට නව පහසුකමක් ලබා දෙන්නේ Messages inbox එක organize කරගැනීම තම පරිශීලකයාට පහසු කරගැනීමටයි. OTP කේතයක් සාමාන්‍යෙන් වලංගු වන්නෙ විනාඩි 10කට පමණි. විනාඩි 10ක් තුල එය භාවිතා නොකලහොත් නව OTP කේතයක් ලබා ගැනීමට සිදුවනු ඇත. එබැවින් මෙය ආරක්ෂිත ක්‍රියාමාර්ගයකට ගන්නා පියවරක් නොවේ.

නමුත් Android භාවිතා කරමින් තම ජංගම දුරකථන බල ගන්වන බොහොමයක් ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින් තමන්ගේම Messaging app එකක් ලබා දෙන අතර ඒවායේ වෙනම inbox එකක් ලබා දී ඇති අතර ස්වයංක්‍රියවම OTP සහ Promotional messages රැගත් කෙටි පණිවුඩ කාණ්ඩ ගත කිරීම සිදු කරයි.

Source: XDA Developers